settings icon
share icon
ප්‍රශ්නය

මෙල්කිසදෙක් යනු කවරෙක්ද?

පිළිතුර


මෙල්කිසදෙක් යනු, ධර්මිෂ්ඨකමෙහි රඡ යන අර්ථය ඇති, සාලෙම්හි (යෙරුසල‍මෙහි) රඡ හා අති ශුද්ධවූ දෙවියන් වහන්සේගේ උත්තම පූඡකයාය. (උත්පත්ති14:18-20, ගීතාවලිය110:4, හෙබ්‍රව් 5:6-11, 6:20-7:28) උත්පත්ති පොතේ, මෙල්කිසදෙක්ගේ පැමිණීම හා සැනකින් නැතිවී යාම, පුදුම කරවන සුළුය. මෙල්කිසදෙක් හා ආබ්‍රහම් මුල්වර මුණ ගැසෙන්නේ, ආබ්‍රහම්ගේ ඡයග්‍රහණයත්, කෙදෝර්ලායෝමෙර්ගේ පරාඡයත් සමඟය. මෙල්කිසදෙක්, ආබ්‍රහම්ට හා වීඩාවට පත්වූ මිත්‍රත්වය පෙන්වා දෙමින් රොටි සහ වයින් බෙදා දුන්නේය. ඔහු ආබ්‍රහම්ට ආශිර්වාද කරමින්, එල් එල්යොන් (අතිඋසස් දෙවියන් වහන්සේ) හා ඔහු, ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන් ඡයග්‍රහණයට ප්‍රශංසා කළේය (උත්පත්ති14:18-20).

ආබ්‍රහම් මෙල්කිසදෙක්ට තමා සතු සියල්ලෙන් දසයෙන් කොටසක් දුන්නේය. මෙම ක්‍රියාවෙන් ආබ්‍රහම් නිරූපණය කළේ හා පෙන්වා දුන්නේ මෙල්කිසදෙක් ඔහුට වඩා ආත්මිකත්වයෙන් පිරිපුන් උසස් පූඡකයෙකු බවය. ගීතාවලිය110 හි, දාවිත් තුමා ගැළවුම්කරු ගැන ගීතයක් ලියුවේය, (මතෙව් 22:43). එතැන්හි මෙල්කිසදෙක්ව නිරූපනය කරනු ලබන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙනෙකු ලෙසටය. මෙය නැවතත් හෙබ්‍රව් පොතේ සඳහන් වන්නේ, මෙල්කිසදෙක් හා යේසුස් වහන්සේ ධර්මිෂ්ඨ කමෙහි හා සමාදානයේ රඡවරුන් ලෙස නම් කිරීමයි. මෙල්කිසදෙක් හා ඔහුගේ පූඡකත්වය, කතෘවරයා පවසන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පූඡකත්වය, පැරණි ගිවිසුමෙහි හා ආරොන්ගේ පූඡකත්වයට වඩා උසස් හා උත්කෘෂ්ඨ යනුයි. (හෙබ්‍රව් 7: 1-10) මෙල්කිසදෙක්, යේසුස් වහන්සේව පෙර මාංශ ගතවීමක් ලෙස හැඳින්විය හැක. මෙය සිදුවිය හැකි කාර්යයක් වන්නේ, ආබ්‍රහම් ඒ ආකාරයෙන් ගමනක් ගොස් ඇති බව කිව හැක. උත්පත්ති17 හි පවසන්නේ, ආබ්‍රහම් දෙවියන් වහන්සේත් සමඟ මිනිසෙකු ආකාරයෙන් කථා කිරීම පෙන්වාදෙයි (එල් ශද්දයි).

හෙබ්‍රව් 6:20 පවසන්නේ, යේසුස් වහන්සේ, මෙල්කිසදෙක්ගේ පිළිවලෙහි හැටියට සදාකාලෙටම උත්තම පූඡකයෙක්ව වී. මෙම පදපේලියෙහි සංකේතාත්වකව නිරූපනය කරන්නේ, පූඡක තනතුරෙහි සාර්ථකත්වයයි. මෙල්කිසදෙක් උත්තම පූඡකයාගේ සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලය දක්වා, මොවුන් දෙදෙන්ගේ හැසිරීමෙහි වෙනස්කමක් ද නොමැති බැවින්, අපට යේසුස් වහන්සේ, මෙල්කිසදෙක් වී සිටින්නට ඇතැයි අනුමාන කළ හැක. නුමුත් දෙවියන් වහන්සේගෙන් වූ නියෝගය ඔහුට හා ඔහුට පමණක්ම අදාළ විය.

හෙබ්‍රෙව් 7:3 හි මෙල්කිසදෙක් ගැන පවසන්නේ ඔහු, තවද මවෙක්වත් පියෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ඡීවිතයේ කෙළවරක් නැත්තාවූ මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාට සමාන කරනු ලැබ නිතරම පූඡකයෙක්ව පවතින්නේය. මෙම ප්‍රශ්නය සැබවින්ම හෙබ්‍රෙව් පොතෙහි කතෘතුමා සත්‍ය වශයෙන්ම හෝ ස්වරූපාකාරයෙන් පැවසූවක්ද.

හෙබ්‍රෙව් පරිච්ඡේදයේ සටහන් ආකාරයට එය ප්‍රායෝගික වු නුමුත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හා අන් මිනිසුන්ට එය අදාළ වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ලෝකයෙහි රඡෙකු සදාකාල පූඡකයෙකු නොවන බවත්, මවෙක් පියෙක් නොමැති මිනිසෙක් නොමැති බව යනු ලෝකයේ පිළිගැනීමයි. උත්පත්ති14 හි දේව විශ්වකරණයක් සඳහන් වන්නේ නම්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ ආශිර්වාදය හෙවත් ඔහුගේ පුත්‍රයා (උත්පත්ති14:17 -19), ධර්මිෂ්ඨකමෙහි රඡු ලෙස පෙනීසිටීම (එළිදරව් 19:11,16) සමාදානයේ රඡුන් ලෙස නිරූපනය කිරීම (යෙසායා 9:6) හා මිනිසා හා දෙවියන් වහන්සේ අතර මැදහත්කම් කරන්නා (1 තිමෝති 2:5) ලෙස සඳහන් විය යුත්තේ ඔහු ගැනය. පරිච්ඡේදයේ මෙල්කිසදෙක් ගැන සඳහන් කර ඇත්තේ පෙළපතක්වත් නැති, ඡිවිතයේ පටන් ගැන්මක් හා අවසානයක් නොමැති, හා නොකඩවා ගෙන යන ලද සේවය නම් සැබවින්ම මෙම සරළ වැකි, බරපතළ ලෙස උච්වාරණය හා තේරුම් කර දෙන්නේ මිනිස් මනසකට තේරුම් ගත නොහැකි ආබ්‍රහම් මුන ගැසුණු මිනිසා ගැනය. මේ පිළිබඳව උත්පත්ති පෙතේ යම්කිසි නිශ්ශබ්දතාවයක් පවතින්නේ හේතුවෙකින් අතර පසු කලෙක යේසුස් වහන්සේත් සමඟ සම්බන්ධ වේ.

මෙල්කිසදෙක් හා යේසුස් වහන්සේ යනු එක් මිනිසෙක්ද? අපට තර්ක විතර්ක කළ නොහැක. අවසානයට ගත් කළ මෙල්කිසදෙක් යනු සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ වගේ කෙනෙකු හා දෙවියන් වහන්සේගේ සේවය පෙර නිරූපනය කරන්නෙකි. නුමුත් ආබ්‍රහම් සිය යුද්ධයෙන් පසු සිය උත්තම හා උසස් වූ ගෞරවය හා ප්‍රශංසාව ලබා දුන්නේ එකම වූ දෙවියන් වහන්සේටය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මෙල්කිසදෙක් යනු කවරෙක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries