settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමීන්ගේ යාච්ඤාවේ ස්තූති දීම ඇතුලත් වී නොමැත්තේ මන්ද? අපගේ සෑම යාච්ඤාවක් තුලින් ස්තූතිවන්ත භාවය විදහා දැක්වීමක් සිදුවිය යුතු නොවේ ද?

පිළිතුර


නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලෙහිදී ස්තූති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තුවන්නේ මෙය වේ. යනුවෙන් පාවුල්තුමා 1 තෙසලෝනික 5:17–18 පද මගින් බැගෑපත්ව ඉල්ලා සිටින නමුත්, ස්වාමීන්ගේ යාච්ඤාව මගින් ස්තූතිදීම සම්බන්ධ බව කිසිම සදහනක් නොමැතිවීම ගැටඵ සහගත ලෙස හැගේ. නමුත් යේසුස්වහන්සේ යාච්ඤා කිරීමේදී ස්තූති දුන් බව ශුභාරංචි ලියවිලිවල බොහෝ අවස්ථාවන් හීදී සදහන් වී තිබීම එම තත්වය තවත් ඉස්මතු කරයි.

මතෙව් 14:16–21 සහ 15:35–38 පද අනුව, යේසුස් වහන්සේ 5000 කට සහ 4000කට කෑම සැපයූ අවස්ථාවේදී උන්වහන්සේ දෙවියන්වහන්සේට ස්තූති කල බව පෙනේ. එමෙන්ම අන්තිම රාත්‍රී භොජනයේ දී යේසුස්වහන්සේ රොටි සහ මිදියුෂ භාජන ගෙන ස්තූතිකල බව බයිබලයේ සදහන් වේ. එසේම යොහන් 11:41 පදය අනුව ලාසරුස්ව මලවුන්ගෙන් නැගිටවීම සදහා උන්වහන්සේ දෙවියන්වසේගෙන් කල ඉල්ලීමට සවන් දීම ගැනද ස්තූති කල සේක. එපමණක් නොව, ස්වර්ග රාජ්‍යයේ සියලූ රහස් නැණවතුන්ගෙන් සගවා, අඥාන, දුර්වල අයට එය අනාවරණය කිරීම ගැන ද උන්වහන්සේ දෙවියන් වහන්සේට ස්තූති කල සේක. (මතෙව් 11:25) එනමුත් ස්වාමීන්ගේ යාච්ඤාව තුල උන්වහන්සේ ස්තූතිදීමක් ගැන සදහන් කර නොමැත.

ස්වාමීන්ගේ යාච්ඤාව අඩංගු බයිබල් පාඨ (මතෙව් 6:9–13) ගැන අප විමසා බලන කල අපට පළමුවෙන්ම පෙනී යන්නේ යේසුස්වහන්සේ තම ශ්‍රාවකයන්ට යාච්ඤා කළ යුතු යම්කිසි ක්‍රමවේදයක් ඉගැන්වූයේ මන්ද යන කරුණය. උන් වහන්සේ පරිසිවරු යාච්ඤා කළ ආකාරය විවේචනය කළ සේක. ඔවුන් යාච්ඤා කලේ අන් අයට ඇසෙන හා පෙනෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලදීය. ඔවුන් එසේ කළේ තමන් කොපමණ ශුද්ධවන්ත ද බව අන් අයට ඒත්තු ගැන්වීමටය. යේසුස් වහන්සේ මෙම යාච්ඤා කිරීමේ පිලිවෙත පිලිකුල් කළ සේක. මන්ද ඔවුන්ට එමගින් ලැබෙන ඵල විපාකය නම් අන් අය ඔවුන්ගේ ක්‍රියාව දැකීම පමණක් නිසාය. යේසුස්වහන්සේ පිලිකුල් කළේ ඔවුන් ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම නොව, අන් අයට පෙනීමේ අරමුණින් එසේ කිරීමය. තමන්ගේ යාච්ඤා දෙවියන් වහන්සේට ඇසුන බව සනාථ කර ගැනීමේ අරමුණින්, එකම දෙයක් ගැන දිගින් දිගටම, 1 රාජාවලිය 18 හි සදහන් වන ආකාරයට කාර්මල් කන්දේ බාල් පූජකයන් යාච්ඤා කලාක් මෙන් විජාතිකයන් ද එසේ කිරීම ද යේසුස්වහන්සේ විවේචනය කළ සේක.

යේසුස්වහන්සේ ඉහත සදහන් අන්දමට යාච්ඤා කිරීම වැරදි බව පෙන්වූයේ, තම ශ්‍රාවකයන්ට නිවැරදි යාච්ඤා කිරීමේ ක්‍රමයක් ලබා දීම සදහාය. දැන් අප ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව පවත්වන්නේ හුදෙක් එය උච්චාරණය කරමින් නොවන අතර රෝමානු කතෝලිකයන් ද එසේ නොකරති. මෙයින් අදහස්වන්නේ සාමූහිකව යාච්ඤා කිරීම වැරදි නොවන අතර, මෙම කරුණ යටතේ උන්වහන්සේ අවධානය කරනුයේ පුද්ගලික යාච්ඤාව ගැන මිස සාමූහික යාච්ඤාව ගැන නොවේ.

ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව වනාහී, අපගේ යාච්ඤා ජීවිතය හැඩගැස්වීම සදහා අපට ලබා දී ඇති සාමාන්‍ය මගපෙන්වීමක් බව සිතට ගැනීම වඩාත් උචිත වේ. මෙම යාච්ඤාව කරුණු හයකින් සමන්විතය. පළමු කරුණු තුන දෙවියන්වහන්සේ සම්බන්ධව ද, අනෙක් කරුණු තුන අප ස්ම්බන්ධවද සැකසී තිබේ. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි යනුවෙන් දෙවියන්වහන්සේට ආමන්ත්‍රණය කළ පසුව අප යාච්ඤාව අරඹන්නේ උන්වහන්සේගේ නාමයට ගෞරවය හා මහිමය වේවා යනුවෙනි. ඉන්පසුව අප උන්වහන්සේගේ රාජ්‍ය පැමිණෙත්වා යනුවෙන් ඉල්ලමු. ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොවට වැඩමවීම හේතුවෙන් දැනටමත් උන්වහන්සේගේ රාජ්‍ය මිහිපිට පැමිණ ඇති බව සත්‍යයක් වන අතර, අප මෙහිදී යදින්නේ දේවරාජ්‍යයේ සම්පූර්ණත්වය සිදුවීම සදහාය. තෙවනුව අපගේ යැදුම වනුයේ උන්වහන්සේගේ කැමැත්ත අප තුලින් ආරම්භ වී මිහිපිට සිදුවීම සදහාය. මෙම යැදුම් තුන මගින් දෙවියන්වහන්සේගේ මහිමය හා බලය ප්‍රකාශ කළ පසුව අප යොමුවන්නේ අපට අදාල වන කරුණු එනම්, අපගේ දිනපතා අවශ්‍යතාවයන්, පව් කමාව සහ පාපයෙන් අප ගලවා ගැනීම සදහා යැදුමටය.

ස්වාමීන්ගේ යාච්ඤාව තුල ස්තූතිදීම ප්‍රකාශ නොවන්නේ මන්ද? යන කරුණට සුදුසුම පිලිතුර වශයෙන් අපට දැක්විය හැක්කේ, ස්තූති දීම යනු යාච්ඤා කරන විට අප තුල ඇති ආකල්පය බවය. යේසුස්වහන්සේ තුලින් අපගේ පව් කමා කරනු ලැබ සදාතන ජීවනය අපට ලැබී ඇති බව අප දන්නා බැවින්, උන් වහන්සේගේ දරුවන් වශයෙන් අපගේ හදවත් ස්තූතිවන්තකමින් පිරී, අපගේ මුවින් එය ගලා යනු ඇත. දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති යහපත් දේ ගැන අප මෙනෙහි කරන තරමටම අප ඒ ගැන ස්තූතිවන්ත විය යුතුය. සෑම විටම, සෑම තත්වයකදීම හා සෑම අවස්ථාවකදීම දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය තුලින් නිරායාසයෙන්ම ස්තූතිදීම සිදුවේ. මේ සම්බන්ධව පාවුල් තුමා 1 තෙසලෝනික 5:18 පදය මගින් මෙසේ දක්වා ඇත. සියල්ලෙහි දී ස්තූති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමීන්ගේ යාච්ඤාවේ ස්තූති දීම ඇතුලත් වී නොමැත්තේ මන්ද? අපගේ සෑම යාච්ඤාවක් තුලින් ස්තූතිවන්ත භාවය විදහා දැක්වීමක් සිදුවිය යුතු නොවේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries