settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමින්ගේ රාත්‍රි භෝජනයේ වටිනාකම (වැදගත්කම) කුමක්ද? / කිතුනු රාත්‍රි භෝජනයේ වටිනාකම කුමක්ද?

පිළිතුර


ස්වාමින්ගේ මේසය (රාත්‍රි භෝජනය) පිළිබඳව ඉගෙන ගැනීමේදී ආත්මය-ආලෝළනය අත් දැකීමක් එය, මන්ද එහි අර්ථය රූපයට නැගෙන නිසා. එය පරණ සැමරීමක් පාස්කු සැමරීම. මේ සැමරීම උන් වහන්සේගේ මරණයට පෙර දිනට යෙදුනා. යේසුස් වහන්සේ අපට අදටත් පිළිපදින්න සහභාගිත්වය දරන්න අවශ්‍ය පැහැදිලි භෝජනයක් හඳුන්වා දුන්නා. කිතුනු සහභාගිත්වයේ ඇති උසස්ම ක්‍රියා වලිය එයයි. එය “ක්‍රියාත්මකවූ දේශනාවක්” අපගේ ස්වාමින්ගේ මරණය හා උත්ථානය සිහිකිරීම, හා අනාගතයේ උන් වහන්සේගේ මහිමාන්විතය නැවත පැමිණීම බලාපොරොත්තුව.

පාස්කුව යුදෙව් ආගමික වසරේ පූජනීයම සැමරීමයි. මන්ද එහි සිහි කරන දෙය නම් මිසරවරුන්ට විරුද්ධව එවූ අවසාන වසංගතයයි, එනම් සියලු කුළුදුලන් මැරීම. නමුත් ඊශ්‍රායෙල්වරුන් බේරුනේ බැටළුවාගේ ලේ ඔවුන්ගේ දොර උළුවහුවේ තැවරූ නිසා. එම බැටළුවා පුලුස්සා මුහුන් නොදැමු රොටි සමග අනුභව කරයි. දෙවියන් වහන්සේගේ ආඥාව නම් පරම්පරා පුරාවට පැමිණෙන්නට සිටින පරම්පරාවන් මේ මංගල්‍යය සැමරිය යුතුය. මේ කථාව නික්මයාම 12 හී සඳහන් වේ.

මේ සැමරීම අතරතුර, යේසුස් වහන්සේ හා ගෝලයන් එකතුව එකක් හෝ ඊට වැඩි ලෙස “හලෙල්” ගීතිකා ගායනා කරා (ගීතාවලිය 11-118). යේසුස් වහන්සේ, රොටි රැගෙන, දෙවියන් වහන්සේට ස්තුති දී එය කඩා ඔවුන්ට දුන්නා. උන් වහන්සේ පැවසුවා, “මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරයය, මා සිහිකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී, මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අළුත් ගිවිසුමයි” (ලූක් 22:19-21). උන් වහන්සේ භෝජනය අවසාන කළේ ගීතිකාවක් ගායනා කරමින් (මතෙව් 26:30) එම රාත්‍රියේදීම ඔවුන් ඔලිව කන්දට ගියා. යේසුස් වහන්සේව පාවා දුන්නේ එතන දීය, අනාගත වාක්‍ය සම්පූර්ණවීමක් ලෙස, යුදස් විසින්. ඊට පසුදා උන් වහන්සේව කුරුස පත් කළා.

ස්වාමින්ගේ මේසය පිළිබඳ ලේඛන මතෙව් 26:26-29; මාර්ක් 14:17-25; ලූක් 22:7-22 සහ යොහාන් 13:21-30 ශුභාරංචි වල සඳහන් වේ. පාවුල්තුමා ස්වාමින්ගේ මේසය ගැන ලියුවා 1 කොරින්ති 11:23-29. ශුභාරංචියේ නොමැති දෙයක්ද එයට එකතු කරා. “එහෙයින්, නුසුදුසු ලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමින් වහන්සේගේ ගරීරය ගැනත් ලේ ගැනත් වරද කාරයෙක් වන්නේය. නුමුත් එක් එක්කෙනා තම තමාව සෝදිසි කොට, ඒ රොටි කෑවාවේ, ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනාවා නම්, ඔහු තමාටම ඳඬුවම පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය” (1 කොරින්ති 11:27-29). අපි අසන්නට පුළුවන් මේ රොටි කෑමෙන් හා කුසලානය “නුසුදුසු ලෙස” අනුභව කිරීම යනු කුමක්ද? කියලා. එයින් අදහස් වන්න පුළුවන් උන් වහන්සේගේ උතුම් මිලය ගෙවීම කුරුසියේදී අපගේ පාප උදෙසා එහි වටිනාකම අඩු තක්සේරු වීම. එසේ නැති නම් මෙම මංගල්‍යය මැරුණාවූ අප්‍රාණික එකක් ලෙස කිරීම, නැති නම් මේසය වෙතට පසු තැවීමක් නොමැතිව පැමිණීම. පාවුල්ගේ උපදෙස් තැබීමෙන් කුසලානයෙන් බීමට හෝ රොටි කෑමට පෙර සියල්ලෝ තමා සෝදිසි කොට කෑවාවේ, බීවාවේ.

පාවුල් තවත් ප්‍රකාශයක් කරනවා එයත් ශුභාරංචියේ අඩංගු නැත “මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එන තුරු නුඹලා උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය” (1 කොරින්ති 11:26). මෙම පදය මේ මංගල්‍යයට කාල සීමාවක් දෙනවා-අපගේ ස්වාමින්ගේ නැවත පැමිණීම තුරු. මෙම සරළ ලියවිලි වලින් අපි දකිනවා උන් වහන්සේගේ රුධීරය හා ශරීරයට ලකුණක් ලෙස උන් වහන්සේ ඉතා සියුම් සරළ දේවල් පාවිච්චි කරා. එය උන් වහන්සේගේ මරණයට සිහිවටනයක් ලෙස ඇතුල් කරා. එය සිහිවටනයක් නොව, කැපූ රූපයක හෝ රූප රාමුවක, නමුත් රොටි හා මිදි යුෂ.

උන් වහන්සේ ප්‍රකාශ කරා රොටි උන් වහන්සේගේ ශරීරය ගැන කථා කරා අප වෙනුවෙන් කැඩුනු. එහි කැඩුනු කටු නොවීය. නමුත් උන් වහන්සේව හඳුනා ගන්න බැරි තරමට ශරීරය තුවාල වෙලා (ගීතාවලිය 22:12-17; යෙසායා 53:4-7). මිදි යුෂ උන් වහන්සේගේ රුධීරය ගැන කථා කරා, උන් වහන්සේ විඳින්නට යන දුක සංඛෙතවත් කරයි. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණත්වයේ පුත්‍රයා පරණ ගිවිසුමේ අනාවැකි සම්පූර්ණ කිරීමට ආවා. ගැලවීම සම්බන්ධයෙන් ගැලවුම් කරුවෙකු වශයෙන් (උත්පත්ති 3:15; ගීතාවලිය 22; යොසායා 53). උන් වහන්සේ පැවසූ විට, “මා සිහිකිරීම පිණිස සිදු කරන්න” උන් වහන්සේ අදහස් කළේ මේ සැමරීම අනාගතයේදීත් සිදු කළ යුතු බවයි. එයට පාස්කුවද ඇතුලත් වේ. ඉන් අදහස නම් බැටළුවාගේ මරණය හා දෙවියන් වහන්සේගේ බැටළු පැටවාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. මුලු ලෝකයේ පාපය අහක් කරන්ට බලය ඇත්තාවූ එය ස්වාමින්ගේ භෝජනය තුළ සම්පූර්ණ වේ. අළුත් ගිවිසුම ආරම්භ වුනේ ක්‍රිස්තුස් වහන්සේ පාස්කුවේ බැටළුවා (1 කොරින්ති 5:7), පූජාවිය (හෙබ්‍රෙව් 8:8-13). පූජාවන් කිරීමේ ක්‍රමය තවත් අවශ්‍ය නොවීය (හෙබ්‍රෙව් 9:25-28). ස්වාමින්ගේ භෝජනය / කිතුනු රාත්‍රි භෝජනය තුළින් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කලාවූ දේ සිහිකිරීමක් හා උන් වහන්සේගේ පූජාව තුළින් අපිට ලැබුන දේ සැමරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමින්ගේ රාත්‍රි භෝජනයේ වටිනාකම (වැදගත්කම) කුමක්ද? / කිතුනු රාත්‍රි භෝජනයේ වටිනාකම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries