settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමින්ගේ නාමය නිෂ්පල ලෙස ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


බොහෝ මිනිසුන් සමිඳාණන්වහන්සේගේ නාමය නිෂ්ඵල ලෙස ගනිමින් වචනයක් දිවුරා සමිඳාණන්වහන්සේගේ නාමය භාවිතා කිරීම මගින් එය නිෂ්පල ලෙස භාවිතා කරන්නේ යැයි සිතුවත් එහි ඊට වඩා තවත් බොහෝ සම්බන්ධ දෙවියන්වහන්සේගේ නාමය නිෂ්ඵලේ භාවිතා විමට තුඩුදේ. ස්වාමින්ගේ නාමය නිෂ්පල ලෙස ගැනීමේ බරපතලකම අවබෝධ කර ගැනීම සඳහා, අප මුලින්ම ස්වාමින්ගේ නාමය ශුද්ධ ලියවිල්ලෙහි දක්වා ඇති පරිදි උන්වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් දැකිය යුතුය. ඉශ්‍රායෙලයේ දෙවියන්වහන්සේව බොහෝ නම් වලින් සහ පදවි නාම වලින් හඳුන්වනු ලැබුවද, දෙවියන්වහන්සේගේ නාමයෙන් අන්තර්ගත සංකල්පය බයිබලයේ වැදගත් හා අද්විතීය කාර්යභාරයක් ඉටු කරයි. දෙවියන්වහන්සේගේ ස්වභාවය සහ ගුණාංග, උන්වහන්සේගේ පූර්ණත්වය සහ විශේෂයෙන් උන් වහන්සේගේ මහිමය උන්වහන්සේගේ නාමයෙන් පිළිබ්ඹුවේ (ගීතාවලිය 8: 1). ගීතාවලිය 111:9 අපට පවසනවා උන්වහන්සේගේ නම "ශුද්ධ හා අනර්ඝ බව" කියා. ස්වාමින්ගේ යාච්ඤාව ආරම්භ වන්නේ "ඔබගේ නාමය ගෞරව වේවා" (මතෙව් 6:9) යන වාක්‍යයෙන් දෙවියන්වහන්සේ ඇමතීමෙන්ය. අපගේ යාච්ඤා වලින් ප්‍රමුඛ වන්න. දෙවියන්වහන්සේගේ ශුද්ධකම, උතුම්කම සහ අපගේ ස්වභාවය උන්වහන්සේගෙන් වෙන් කරන දැවැන්ත පරතරය ගැන සැලකිලිමත් නොවී, බොහෝවිට අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් උඩඟු "කළ යුතුදේ ලැයිස්තුවක්" ඇත. උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි පැමිණීමට පවා අපට අවසර ලැබෙන්නේ උන්වහන්සේගේ කරුණාවන්ත, දයාවන්ත ප්‍රේමය නිසාය (හෙබ්‍රෙව් 4:16). අප කිසිවිටෙකත් එම කරුණාව සුළු කොට තැකිය යුතු නැත.

දෙවියන්වහන්සේගේ නාමයේ ශ්‍රේෂ්ධත්වය නිසා, දෙවියන්වහන්සේගේ නාමය උන්වහන්සේට හෝ උන්වහන්සේගේ චරිතයට අගෞරවයක් ගෙන දෙන ඕනෑම දෙයක් භාවිතා කිරීම උන්වහන්සේගේ නාමය නිෂ්පල කිරිමක් වේ. දස පනතේ තුනෙන් එකක් ස්වාමින්ගේ නාමය අනවශ්‍ය ලෙස ගැනීම හෝ භාවිතා කිරීම තහනම් කරයි. දෙවියන්වහන්සේගේ නාමය අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයෙකු ස්වාමින්වහන්සේ විසින් "නිර්දෝෂී" ලෙස සලකනු නොලැබේ (නික්මයාම 20:7). පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේගේ නාමයට අගෞරව කිරීම සිදු කරනු ලැබුවේ උන්වහන්සේගේ නාමයෙන් දිවුරුමක් හෝ භාරයක් කිරීමට අපොහොසත් වීමෙනි (ලෙවීකථාව19:12) තම දිවුරුම නීත්‍යානුකූල කිරීම සඳහා දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කළ මිනිසා, පසුව උන්වහන්සේගේ පොරොන්දුව කඩ කළවිට, උන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙහි ගරු කිරීමක් නොමැතිවීම මෙන්ම ශුද්ධවූ දඩුවමට බිය නොවීමද පෙන්නුම් කරයි. එය දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම හා සමානය. කෙසේ වෙතත්, ඇදහිලිවන්තයන් සඳහා, දිවුරුම්දීම නිත්‍යානුකූල කිරීම සඳහා දෙවියන්වහන්සේගේ නාමය භාවිතා කිරීමේ අවශ්‍යතාවක් නැත. මන්දයත් අප දිවුරුම්දීම නොකල යුතුය. අපගේ "ඔව් යන්න ඔව් විමත් "නැත යන්න නැතවිමත්" විය යුතුයි. (මතෙව් 5:33-37).

අද මිනිසුන් ස්වාමින්ගේ නාමය නිෂ්පල ලෙස භාවිතා කිරිම විශාල අර්ථයක් තිබේ. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නම් කරන අය, උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන අය සහ උන්වහන්සේගේ නාමය ඔවුන්ගේ අනන්‍යතාවයේ කොටසක් ලෙස සලකන නමුත් හිතාමතාම හා නොකඩවා උන්වහන්සේගේ ආඥාවන්ට අකීකරුවන අය උන්වහන්සේගේ නාමය නිෂ්පල බවට පත් කෙරේ. සෑම දණහිසක්ම හිස නැමිය යුතු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියලු නාමවලට වඩා නම ලබාදී ඇත (පිලිප්පි 2:9-10), "ක්‍රිස්තියානි" යන නාමය අප මතට ගත්විට, අප එසේ කළ යුත්තේ එයින් අදහස් කරන සියල්ල පිළිබඳ අවබෝධයකින් යුතුවය. අප කිතුනුවන් යැයි කියා, නමුත් ක්‍රියා කිරීම, සිතීම හා ලෞකික හෝ අපවිත්‍ර ලෙස කථා කරන්නේ නම්, අපි උන්වහන්සේගේ නාමය නිෂ්පල ලෙස සලකමු. ශුද්ධ ලියවිල්ලෙහි ප්‍රකාශ කර ඇති පරිදි හිතාමතාම හෝ ක්‍රිස්තියානි ඇදහිල්ල නොදැනසිටීම මගින් අප ක්‍රිස්තුස්වහන්සේව වැරදි ලෙස නිරූපණය කරනවිට, අපි ස්වාමින්වහන්සේගේ නාමය නිෂ්පල ලෙස සලකමු. අපි උන් වහන්සේට ප්‍රේම කරන බව පවසන නමුත් උන්වහන්සේ අණ කරනදේ නොකරයි (ලූක් 6:46), අපි උන්වහන්සේගේ නාමය නිෂ්පල ලෙස සලකන අතර උන්වහන්සේ විනිශ්චය දවසේදී අපට "මම ඔබව දැන නොසිටියෙමි ප්‍රකාශ කෙරේ (මතෙව් 7:21-23).

උන්වහන්සේ ශුද්ධ ලෙස සමිඳාණන්වහන්සේගේ නාමය ශුද්ධය. සමිඳාණන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ මහිමය, තේජස සහ උත්තරීතර භාවය නිරූපණය කෙරේ. අපි දෙවියන්වහන්සේව ගෞරවයට පත්කර මහිමයට පත් කරන බැවින් උන්වහන්සේගේ නාමයට ගරු කළ යුතුය. ඊට වඩා අඩුවෙන් කිරීම නම් උන්වහන්සේගේ නාමය නිෂ්පල කිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමින්ගේ නාමය නිෂ්පල ලෙස ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries