settings icon
share icon
ප්‍රශ්නය

එසකියෙල් 28 තීර්හී රජ පිළිබදව සදහන් කෙරෙන අනාවැකිය සාතන් හා සම්බන්ධ වේද?

පිළිතුර


ප්‍රථමයෙන් බැලු බැල්මට එසකියෙල් 28:11–19 හී සදහන් වන අනාවැකිය මනුෂ්‍යය රජ කෙනෙකු පිළිබදව කියැවෙන අනාවැකියක් බවට යොමු කළ හැක. දේව වචනයේ සදහන් වන ප්‍රබලම අනාවැකි හෙළා දැකීම් වල ප්‍රතිග්‍රාහකයෙකු ලෙස තීර් සැලකිය හැක. (යෙසායා 23:1-18; යෙරමියා 25:22; 27:1-11; එසකියෙල් 26:1-28;19; යොවෙල් 3:4-8; ආමොස් 1:9,10). තීර් ප්‍රසිද්ධියට පත්ව සිටියේ තම අසල්වාසීන් ගසා කමින් ධනය ගොඩ නගා ගත් ස්ථානයක් ලෙසටය. පුරාණ ලේඛකයින් කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති වූ වෙළඳුන්ගෙන් පිරුණු නගරයක් ලෙස තීර් නගරය හැදින්වූහ. තීර් වූ කලී ආගමික රූප නමස්කාරයේ හා ලිංගික දුරාචාරයේ මධ්‍යස්ථානයක් විය. දේව වචනානුකූල ප්‍රොපේතවරුන් තීර් නගරයට තරවටු කරනු ලැබුවේ එහි ඉමහත් ධනය සහ මූලෝපායික පිහිටීම කෙරෙන් වූ අහංකාරය නිසාවෙනි. එසකියෙල් 28:11–19 ට අනුව අනාගතවක්තෘ වූ එසකියෙල්ගේ වනවානුවේ තීර්හී රජුගේ අසමසම අහංකාර සහ ගිජු කම හේතුවෙන් ඔහුට එරෙහිව තදබල චෝදනාවක් ඇති බව දක්නට ලැබූණි.

කෙසේ නමුත් එසකියෙල් 28:11–19 හී සදහන් විස්තර හුදෙක් මනුෂ්‍යය රජ කෙනෙකු ඔබ්බවා ගියා වැන්නකි. කිසිඳු අන්දමකින් මේ පොළොවේ රජ කෙනෙකු “ඒදන් උයනේ” හෝ “ආවරණය කරනු ලබන ආලේපලත් කෙරුබ්වරයා” ලෙස හෝ “දෙවියන්වහන්සේගේ ශුද්ධ කන්ද මත” වාසය කරනු ලබන්නෙක් ලෙස නොසැලකේ. එසේ හෙයින් බොහෝ බයිබල් පරිවර්තකයන් විශ්වාස කරනු ලබන්නේ එසකියෙල් 28:11–19 යනු තීර්හි රජුගේ උඩගුකම සහ සාතන්ගේ උඩගුකම සමාන කෙරෙන හෙයින් එය ද්විත්ව අනාවැකියක් බවය. අන් සමහරුන් යෝජනා කරනු ලබන්නේ තීර්හි රජ ඒකාන්තයෙන්ම සාතන්ගේ ග්‍රහණයට ලක් වී ඇති අතරම එතුළින් දෙදෙනා අතර ඇති සබදතාවය වඩාත් බලවත්ව සහ අදාල කරනු ලැබූ බවය.

ඔහුගේ වැටීමට පළමුවෙන් සාතන් සැබවින්ම අලංකාර සත්තවයෙකි (එසකියෙල් 28:12–13). සමහර විට ඔහු දේව දූතයන්ගෙන් ඉතාම අලංකාර සහ බලවත් කෙනෙක් වන්නට ඇත. “මුරකරු කෙරුබ්” යන යෙදුමෙන් ඇගවෙන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය ආරක්ෂා කරනු ලැබූ දේව දූතයා සාතන් වන්නට ඇති බවය. සාතන්ගේ වැටීමට හේතු වූයේ ඔහුගේ උඩගුකමය. ඔහුව ඉතා අලංකාර ලෙස මැවීම හේතුවෙන් දෙවියන්වහන්සේට මහිමය ලබා දීම වෙනුවට සාතන් උඩගු වූයේ ඔහු උසස් තත්වයකට පත්වීම පිළිබදව ඔහු වගකිව යුතු වූයේ යැයි සිතූ හෙයිනි. සාතන්ගේ මෙම කැරළි ගැසීමේ ප්‍රතිඵලයක් වූයේ දෙවියන්වහන්සේ ඔහුව උන්වහන්සේගේ අභිමුඛත්වයෙන් පහ කරනු ලැබ එසේම අවසානයේදී එහි ප්‍රතිඵලය වන්නේ දෙවියන්වහන්සේ සාතන්ව හෙළා දකිනු ලැබ සදාකාලයටම ගිනි විලට හෙළනු ලැබීමය (එළිදරව් 20:10).

සාතන් හා සේම මනුෂ්‍යයකු වූ තීර්හි රජ ඉතා උඩගු විය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්ව හඳුනාගනු වෙනුවට තීර්හි රජ තීර්හි සියලූ ධනය ඔහුගේ ප්‍රඥාවට සහ ශක්තියට උපලක්ෂණය කළේය. තමාගේ අධිකතර තරාතිරම පිළිබදව සෑහීමට පත් නොවූ තීර්හි රජ තව තවත් අපේක්ෂා කළ අතර තීර් වෙනත් ජාතීන්ගෙන් ප්‍රයෝජන ගැනීම හේතුකොට ගෙන අනෙකුත් අයගේ වියදම කරණකොටගෙන ධනය පුළුල් කර ගනු ලැබීය. සාතන්ගේ වැටීමට උඩගුකම හේතුවූවා හා සේ සහ එය අවසානයේදී ඔහුගේ සදාකාල විනාශයට මුල පුරන සේම තීර් නගරයද එහි සියලූ ධනය, බලය සහ තරාතිරම නැති කර ගනු ලබයි. තීර්හී සම්පූර්ණ විනාශය පිළිබදව එසකියෙල්ගේ අනාවැකිය අර්ධ වශයෙන් ඉෂ්ට කරනු ලැබුවේ නෙබුකද්නේෂාර් විසින් වන අතර (එසකියෙල් 29:17–21) අවසානයේදී එය මහා ඇලෙක්සැන්ඩර් විසින් ඉෂ්ට කරනු ලැබීය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

එසකියෙල් 28 තීර්හී රජ පිළිබදව සදහන් කෙරෙන අනාවැකිය සාතන් හා සම්බන්ධ වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries