.
settings icon
share icon
ප්‍රශ්නය

යුදෙව් - කිතුණු ආචාරධර්ම නම් මොනවාද?

පිළිතුර


“යුදෙව් - කිතුණු” යන භාෂිතයෙන් අදහස් කරනුයේ යුදෙව් ආගම සහ ක්‍රිස්තියානි ආගම යන පොදු පදනම් වල මූලාරම්භයේ කිසියම් දෙයකි. පරණ ගිවිසුමේ යුදෙව් ලියවිලි දේව වචනයට ඇතුළත් කර ඇති හෙයින් යුදෙව් ආගමේ සදාචාරාත්මක පදනම ක්‍රිස්තියානි ආගම තුළ තහවුරු වී ඇත. යුදෙව් - කිතුණු ආචාරධර්ම යන භාෂිතය ප්‍රථමයෙන්ම භාවිතා කරන ලද්දේ ජර්මානු දාර්ශනිකයෙකු වූ ෆ්‍රෙඩිරික් නීටිෂ් විසින් 1888 වන අතර එය ඔහු විසින් රචිත අන්ත ක්‍රිස්තුස්: කිතුණු ආගමට ශාපය යන ග්‍රන්ථයෙනි. “යුදෙව් - කිතුණු ආචාරධර්ම” යන භාෂිතයේ මුල් භාවිතයන් මුල් කිතුණු සභාවේ මූලයන් සහ අනන්‍යතාවය ගැන සදහන් කළ නමුත් බොහෝ දුරට සදාචාර මාලාවක් ගැන කථා කිරීමට එය භාවිතා නොවීය.

යුදෙව් - කිතුණු ආචාරධර්මයේ දෘෂ්ඨියන් ගණනාවක් තිබුණත් වඩාත් පොදු ඒවා නම් මනුෂ්‍යය ජීවිතයේ ශුද්ධකම, පෞද්ගලික වගකීම, විවාහය කෙරෙහි ඇති ගෞරවයක් සහ අන්‍යයන් කෙරෙහි ඇති අනුකම්පාවය. බටහිර ශිෂ්ඨාචාරයේ විශිෂ්ඨතම දේ බොහෝ දුරට යුදෙව් - කිතුණු ආචාරධර්ම වලට සෘජුවම ආරෝපණය කළ හැකිය. කිතුණු ආගමේ සහ යුදෙව් ආගමේ පොදු තේමාවන් පෙන්වා දෙමින් ඉතිහාසඥ තෝමස් කාහිල් පැවසුවේ “ටෝරාහී හදවත ආහාර වේලක් වැනි දේ පිළිබදව - එනම් යමෙකු ආහාරයට ගන්නේ මොනවාද, ආහාර අනුභව කරනු ලබන්නේ කා සමගද එසේම යමෙකුගේ පෙර සූදානම කෙසේ විය යුතුද ආදි රෙගුලාසි වලට අවනත වීම නොවන නමුත් ටිසෙඩකා යන්නට දෙවියන්වහන්සේගේ යුක්තිය වැනි යුක්තිය සහ පීඩිතයන් සදහා යුක්තිය යනාදියවේ. යුදෙව් - කිතුණු ආචාරධර්මයේ අඩිතාලම් සාරංශගත කළ හැක්කේ මතෙව් 7:12 හී සදහන් වන ආකාරයට “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.” ලෙස සදහන් වී ඇති රන් අණ සමගය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යුදෙව් - කිතුණු ආචාරධර්ම නම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries