settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ කුරුසපත් වීමට පෙර උන් වහන්සේ මුහුණ දුන් විනිශ්වයන් මොනවා ද? යේසුස් වහන්සේව කිසිඳු හේතුවක් නොමැතිව මිනීමැරුමකට වරදකරු කරනු ලැබුවේ ද?

පිළිතුර


යේසුස් වහන්සේව අල්ලාගනු ලැබූ රාත්‍රියේ දී, උන් වහන්සේව කායාපස් හා අනනියස් ළගට ගෙන ඒමට පෙර උන් වහන්සේව සන්හෙදිරින් නම් ආගමික නායකයින්ගෙන් සැඳුම් ලත් කණ්ඩායමක් වෙතට ගෙන ආවෝය (යොහාන් 18:19-24, මතෙව් 26:57). ඉන්පසු උන් වහන්සේව පිලාත් නම් ආණ්ඩුකාරවරයෙකු ළඟට රුගෙන ආවෝය (යොහාන් 18:23). ඉන්පසු හොරේද් ළඟට ද (ලූක් 23:7) හා නැවතත් පිලාත් (ලූක් 23:11-12) නැවතත් අවසානයේදී මරණයට පත් වූවේය.

යේසුස් වහන්සේගේ විනිශ්වයේදී අපට කොටස් 6 ක් ලෙස වෙන වෙනම දැකගත හැක. ආගමික සභාව ඉදිරිපිට 3 ක් රෝම සභාව ඉදිරිපිට කොටස් 3 ක් ලෙස වෙන වෙනම දැකගත හැක. අනනියස්, එනම් හිටපු උත්තම පූඡකයා හා කායිපස් වර්ථමාන උත්තම පූඡකයා ළගට ද හා සන්හෙදිරින් සභාව ළගට ද ගෙනාවෝය. උන් වහන්සේගෙන් විනියානුකුලව නොසිටීමට හේතු කාරණා බොහෝ ලෙස විමසනු ලැබුණු අතර එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන මෙසියස් වහන්සේව හෑල්ලුවට ලක් කිර්ම බොහෝ ලෙස සිදුවුණි.

යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරිපිට හා ආගමික සභාව ඉදිරිපිට සිදුවූ විනිශ්චය කිරීම් වලද අපට පැහැදිල්ව පෙනී යන්නේ ඔවුන් ඔවුන්ගේ නීති පසෙකලා උන් වහන්සේ වරදකරු ලෙස පත් කීරීමට බොහෝ වෙහස ගත් බවය. යුදෙව්වන්ගේ නීතිය අනුව මෙම අවස්ථාවේ දී ඔවුන් ඔවුන්ගේ නීති නොසළකා හැරිය අවස්ථා බොහෝ ප්‍රධාන කොට දැක ගත හැක. (1) කිසිදු විනිශ්වයක් මංඟල්‍ය කාලයේ දී සිදු නොවිය යුතු අතර යේසුස් වහන්සේ ව විනිශ්වය කරනු ලබුවේ පාස්කු සමයේදීය. (2) ඕනෑම පුද්ගලයෙකුට තනි තනිව ඡන්දය දීමට එනම් නිර්දෝශී බව හා වැරදීයි ලෙස ප්‍රකාශ කිරීම නීතිය වූවත් යේසුස් වහන්සේගේ මරණය වේලාවේද සියළු දෙනාගේම ප්‍රකාශය උන් වහන්සේව මරණයට බව ඔවුන් එක ලෙස ප්‍රකාශ කිරීම. (3) මරණයට ප්‍රකාශ වූවත් එය සිදු විය යුත්තේ එක් රැයකට පසුවය නුමුත් යේසුස් වහන්සේගේ මරණ තීරණයෙන් පැය කිහිපයකට පසු කුරුසියේ එල්ලීමට තීරණය වීය. (4) යුදෙව්වන්ගේ නීතිය අනුව ඔවුන්ට කිසි කෙනෙක්ව වරදට පත් කිරීමට හැකියාවක් නොමැත, නුමුත් ඔවුන් සේසුස් වහන්සේට එසේ කළ සේක. (5) කිසිඳු විනිශ්චය කිරීමක් රාත්‍රි කාලයේදී සිඳු කළ නොයුතු අතර යේසුස් වහන්සේගේ විනිශ්වය රාත්‍රි කාලයේ දී සිදු විය. (6) වරදට පත් කළ අයට නැවත අවවාද දීම තුළින් පුනරුත්ථාපනය කිරීම යේසුස් වහන්සේගේ මරණයේ දී සිඳු නොවීම. (7) වරදකරුවූ වෙකුගෙන් මනස ව්‍යාකුල වන ප්‍රශ්න ඇසිය නොහැකි වන අතර යේසුස් වහන්සේගෙන් ඒ සියල්ල අසනු ලැබුවේය.

සියළු පහරදීම් වලට පසු රෝමවරුන් ඉදිරිපිට යේසුස් වහන්සේගේ විනිශ්වය කිරීම් ආරම්භ වන්නේ පිලාත් ගෙනි (යොහාන් 18:23). යේසුස් වහන්සේ ඉදිරිපිටට ආ සැම දේ මීට පෙර රෝම අධිරාඡ්‍යයේ නොතිබුණේය. පිලාත් යේසුස් වහන්සේව මැරීමට තරම් හේතුවක් සොයා ගැනීමට නොහැකි විය. එමනිසා ඔහු යේසුස් වහන්සේව හෙරෝද් ළඟට යවන ලදී (ලූක් 23:7). හෙරොද් යේසුස් වහන්සේට බොහෝ අපහාස කරන ලද්දේය. ඔහුට ඔහුගේ දේශපාලන ස්ථීරභාවය තබා ගත යුතුව තිබුණ බැවින් ඔහු යේසුස් වහන්සේ ගැන තීරණ ගැනීමට පිලාත් හට බාර දුන්නේය (ලූක් 23:11-12). මෙය අවසාන විනිශ්වය වූ අතර පිලාත් යුදෙව්වන් තුළ යේසුස් වහන්සේ ගැන තිබූ ඒ වෛරය සංසිඳු වීමට උත්සහ කළා. රෝම කස පහරවල් ඉතා දරුණු වූ අතර, 39 කස පහරක් වීඳීමට යේසුස් වහන්සේට සිඳු විය. අවසාන ප්‍රයත්නය වූයේ සිරගතව සිටි බරබ්බස් නම් හිරකරු කුරුසපත් කර යේසුස් වහන්සේව නිදහස් කිරීමය. නුමුත් එයද ප්‍රයෝඡනයට ලක් වූයේ නැත. සෙනඟ එක හෙළා පවසා සිටියේ බරබ්බස් නිදහස් කර යේසුස් වහන්සේව කුරිසපත් කරන ලෙසය. පිලාත් සෙනඟට අයිතිය බාර කර යේසුස් වහන්සේව ඔවුන්ගේ කැමැත්තට බාර කළේය (ලූක් 23:25). යේසුස් වහන්සේගේ විනිශ්වය කිරීම යුක්තිය සමච්චලයට ලක් කිරීමක් විය. යේසුස් එනම් ලෝකයේ සිටි ඉතා අවිහිංසක මිනිසා බොහෝ මිනිමැරුම් වලට වැරදි කාරයෙකු වී කුරුසපත් කරනු ලැබූසේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ කුරුසපත් වීමට පෙර උන් වහන්සේ මුහුණ දුන් විනිශ්වයන් මොනවා ද? යේසුස් වහන්සේව කිසිඳු හේතුවක් නොමැතිව මිනීමැරුමකට වරදකරු කරනු ලැබුවේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries