settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ පරීක්ෂාවන්හී අර්ථය සහ අරමුණ කුමක් වූයේද?

පිළිතුර


උන් වහන්සේගේ බවිතීස්මයෙන් පසුව යේසුස් වහවහන්සේව “ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන සතලිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූ සේක” (ලුක් 4:1–2) පාළුකරයේ පැමිණි පරීක්ෂාවන් 3 යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති පක්ෂපාතිත්වය නොමග යවනු වස් ගනු ලබන්නාවූ ප්‍රයත්නයකි. අපට මතෙව් 16:21–23 හී එවැනිම අනුරූප පරීක්ෂාවක් දක්නට ලැබෙන්නේ සාතන් පේත්‍රැස් කරණකොටගෙන යේසුස් වහන්සේට නියමිතවූ කුරුසිය මගහැර යාමට උන් වහන්සේව පරීක්ෂාවට ලක් කළ ආකාරයයි. ලුක් 4:13 හී අපට සදහන් කරනු ලබන්නේ පාළුකරයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාතන් “කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය” යනුවෙනි, තව දුරටත්වූ සිදුවීම් වාර්ථා නොකරනු ලැබ ඇතත් එයින් හැගවෙන්නේ සාතන් විසින් තවදුරටත් යේසුස් වහන්සේව පරීක්ෂා කරන්නට ඇති බවය. වැදගත් කරුණ නම් විවිධ පරීක්ෂා තිබියදී පවා උන් වහන්සේ පාපයක් නොමැතිව සිටී බවය.

යේසුස් වහන්සේව පාළුකරයේ පරීක්ෂා කිරීමට ඉඩ හැරීමට දෙවියන් වහන්සේට අරමුණක් තිබූ බවට “ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන වනයෙහි ගෙනයනු ලැබූ සේක.” යන ප්‍රකාශනයෙන් පැහැදිලිවේ. එක් අරමුණක් නම් අපගේ දුර්වලතා සහ අඩුපාඩු තුළදී අපගේ දුක බෙදා ගන්නාවූ උත්තම පූජකයකු අපට සිටින බව සහතික කිරීමටය, මන්ද අප හා සමානව උන් වහන්සේද සියලූ ආකාරයෙන් පරීක්ෂා කරනු ලැබූ සේක (හෙබ්‍රව් 4:15). අපගේ ස්වාමින්වහන්සේගේ මනුෂ්‍යය ස්වභාවය කරණකොටගෙන අපගේ දුර්වලතා වලට අනුකම්පා කිරීමට හැකි වන්නේ උන්වහන්සේද දුර්වලතාවයන් වලට යටත් වූ හෙයිනි. “මක්නිසාද උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් වින්ද බැවින් පරීක්ෂා කරනු පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්ට උන් වහන්සේට පුළුවනග” (හෙබ්‍රව් 2:18) ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ “පරීක්ෂා කරනු ලැබූ” යන්න මෙහි අර්ථවත් වන්නේ “පරීක්ෂණයට ලක් කිරීම” ලෙසය. එසේ හෙයින් අපව පරීක්ෂණයට ලක් කරනු ලැබූ සහ ජීවිතයේ තත්වයන් විසින් උත්සාහ කරනු ලැබූ විට අපට ඇති සහතිකය නම් යේසුස් වහන්සේට තේරුම් ගත හැකි සහ අප හා සමග දුක බෙදා ගැනීමට හැකි වන්නේ උන්වහන්සේද එම බලවත් හිරිහැර වලට භාජනය වී සිටිනු ලැබූ හෙයිනි.

යේසුස්වහන්සේගේ පරීක්ෂාවන් මනුෂ්‍යයාට පොදුවූ රටා තුනක් අනුගමනය කරනු ලබයි. පළමුවන පරීක්ෂාව සැලකිල්ලට භාජනය වන්නේ සියලූ ආකාර ශාරිරක ආශාවන් අඩංගු වන මාංශික තෘෂ්ණාවයි (මතෙව් 4:3–4). අපගේ ස්වාමින්වහන්සේට බඩගිනි දැනුනු සේක, එසේ හෙයින් යක්ෂයා උන් වහන්සේව පොළඹනු ලැබුවේ ගල් රොටි වලට හරවන ලෙසය, එනමුත් උන්වහන්සේ ද්වීතිය කථාව 8:3 ගෙන හැර දක්වමින් පිළිතුරු දුන් සේක. දෙවන පරීක්ෂාව සැලකිල්ලට භාජනය වූයේ ජීවිතයේ අහංකාරය පිළිබදව වන අතර (මතෙව් 4:5–7). මෙහිදී යක්ෂයා උන්වහන්සේට එරෙහිව බයිබල් පාඨයක් භාවිතා කිරිමට උත්සාහ කළද (ගීතාවලිය 91:11–12), ස්වාමින් වහන්සේ ඊට සපුරාම පටහැනි බයිබල් පදයකින් පිළිතුරු දෙනු ලැබුවේ (ද්වීතීය කථාව 6:16) උන්වහන්සේගේ බලයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වරදකැයි පවසමිනිග

තෙවන පරීක්ෂාව සැලකිල්ලට භාජනය වන්නේ නෙත් වල තෘෂ්ණාව (මතෙව් 4:8–10), වන අතර දැඩි ආශාව සහ උන්වහන්සේ මූලිකව මේ පොළොවට ආවාවූ කාරණාව වන කුරුසිපත් වීම මග හරිමින් මෙසියස්වහන්සෙගේ තනතුර ලබා ගැනීම කෙරෙහි ඉක්මන් මාර්ගයක් යොදා ගත් සේක්ද නිවැරදි මාර්ගය එය වන බවය. යක්ෂයාට දැනටමත් සියලූ රාජ්‍යයන් කෙරෙහි පාලනය තිබුන නමුත් (එපිස 2:2), ක්‍රිස්තුස්වහන්සේගේ පක්ෂපාතිත්වය ලබා ගනු වස් සියල්ලම උන්වහන්සේට ලබා දීමට ඔහු සූදානමින් සිටියේය. මෙම හුදු සිතුවිල්ල ස්වාමින්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය කම්පනයට ලක්වීමට පාහේ හේතු වුවද උන්වහන්සේ ඉතා තියුණු ලෙස පිළිතුරු දෙනු ලබන්නේ “මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට නමස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ යැයි ඔහුට කීසේක” (මතෙව් 4:10; ද්වීතීය කථාව 6:13).

බොහෝ පරීක්ෂා වලට අප ලක් වනු ලබන අපගේ මාංශය ස්වභාවිකවම දුබල හෙයිනි, එසේ නමුත් අපට සිටින්නේ අපගේ පුළුවන්කමට වඩා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදෙන දෙවියන්වහන්සේ කෙනෙකු වන අතර උන්වහන්සේ ගැළවෙන පිණිස මාර්ගයද සාදා දෙන සේක (1 කොරින්ති 10:13). එසේ හෙයින් අපට ජයග්‍රහණය ලැබිය හැකි අතර පරීක්ෂා වලින් ගැළවීමද ලබා ගත හැක. පාළුකරයේ යේසුස්වහන්සේ ලද අත්දැකීම අපට ඵලදායි ලෙස දෙවියන් වන්සේට සේවය කිරීමට බාධා පමුණුවන මෙම පොදු පරීක්ෂා දැක ගැනීමට අපට උපකාරී වේ.

යේසුස්වහන්සේගේ පිළිතුරු මගින් අප තවදුරටත් ඉගෙන ගනු ලබන්නේ අප නිවැරදි ආකාරයට පරීක්ෂා වලට පිළිතුරු දෙනු ලබන්නේ කෙසේද යන්නය – එනම්‍ දේව වචනය තුළිනි. නපුරු බලවේග සහශ්‍ර සංඛ්‍යාත වලින් අප වෙතට පැමිණෙනු ලබන නමුත් ඒ සියල්ලේ මධ්‍යය වන්නේ මෙකි තුන් ආකාරයි; එනම් නෙත් වල තෘෂ්ණාවල මාංශික තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාරයයි (1 යොහාන් 2:16). අපට මේ සියලූම පරික්ෂාවන් හඳුනාගෙන සටන් කිරීමට හැකිවන්නේ අපගේ හදවත සහ මනස සත්‍යයෙන් සන්තෘප්ත කර ගැනීමෙනි. ආත්මික සටනේදී කිතුණු සෙබලෙකුගේ යුද සන්නාහයේ අන්තර්ගත විය යුතු එකම ප්‍රහාරක ආයුධය නම් ආත්මයාණන්වහන්සේගේ කඩුව එනම් දේව වචනයයි (එපීස 6:17). දේව වචනය අභ්‍යන්තරයෙන්ම දැන සිටීම තුළින් කඩුව අපගේ දෑත් වල තබා ගනිමින් සියලූ පරීක්ෂා වලින් ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ පරීක්ෂාවන්හී අර්ථය සහ අරමුණ කුමක් වූයේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries