settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේට මෙතරම් දුක්විඳීමකට මුහුණ දීමට සිදුවුනේ ඇයි?

පිළිතුර


යෙසායා 52:14 පවසනවා, “උන් වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්‍ෂණව තිබුණ බැවින් බොහෝ දෙනෙක් උන් වහන්සේ නිසා විසම්පත්වුණක් මෙන්ම.” මෙම පෙරහුරුවේ යේසුස් වහන්සේට බොහෝ දුක්විඳීමට විය, පීඩා කුරුසපත්වීම (මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහන් 19). උන් වහන්සේගේ ශාරීරික දුක්විඳීමද අප්‍රසන්න සේම, උන් වහන්සේට ආත්මික දුක්විඳීම් තිබුනා යැයි කිසිදු සැසඳීමක් නැත. 2 කොරින්ති 5:21 හී සඳහන් කරනවා “අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූ සේක.” යේසුස් වහන්සේ මත මුළු ලෝකයාගේම පාපයේ බර වැටුනා (1 යොහන් 2:2). පාපය තමයි යේසුස් වහන්සේට මොර ගැසීමට සැලැස්සුවේ “මාගේ දෙවියනි, මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? (මතෙව් 27:46). එමනිසා යේසුස් වහන්සේගේ ශාරීරික දුක්විඳීම කෙතරම් දරුණුසේම එය උන් වහන්සේ අපගේ පව් උදෙසා එහි මිලය වෙනුවට, තම ජීවිතය දීම තරම් අපහසු නොවීය (රෝම 5:8).

යේසුස් වහන්සේගේ කුරුසියේ දුක්විඳීම පිළිබඳව යෙසායා ඉතා පැහැදිලි ලෙස වාර්ථා කරයි (අනාවැකි) “උන් වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබූ සේක, වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවා ගන්න කෙනෙකුමෙන්, උන් වහන්සේ සුළු කරනු ලැබූ සේක, අපිද උන් වහන්සේ නොසැලකුවෙමු. නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන් වහන්සේගේ පිටට පැමුණුණේය. උන් වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ” (යෙසායා 53:3, 5). ගීතාවලිය 22:14-18 මෙයත් මෙසියස් වහන්සේගේ දුක්විඳීම පිළිබඳව සඳහන් කරන තවත් පදයක් “මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ, එය මා තුළෙහි උණුවී තිබේ. මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිවද තල්ලේ ඇලෙයි, ඔබ මා මරණ ධූලියට ගෙනා සේක. මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය, ඔව්හූ මාගේ අත්පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි, ඔව්හූ මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පස ඇට දමති.”

යේසුස් වහන්සේට ඉතා දරුණු ලෙස දුක්විඳීමට සිදුවූයේ මන්ද? සමහරු සිතනවා යේසුස් වහන්සේගේ ශරීරයේ දුක්විඳීම අපගේ පාප වලට දඬුවමක් ලෙසට විඳින්න වීම කියා. යම්තාක් දුරට මෙය සත්‍යයකි, එම විඳවීම තුළ මිනිසාගේ තිබෙන නපුරුකම වෛරය ගැන වඩා පිළිබ්බුවේ. දෙවියන් වහන්සේගෙන් පාපයට දඬුවම විඳිමට වඩා. මේ පීඩා කිරීම තුළ සාතන් දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ සමග ඇති වෛරයද ඇතුලත්ව ඇතිවන්ට හැකි. යේසුස් වහන්සේගේ දුක්විඳීම පාපයට දෙවියන් වහන්සේ වෛර කරනවාද යන්න මිනිසාට පැහැදිලි වේ (රෝම 3:10-18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේට මෙතරම් දුක්විඳීමකට මුහුණ දීමට සිදුවුනේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries