settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ ගලවයි යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


“යේසුස් වහන්සේ ගලවයි” යන්න ප්‍රසිද්ධ උද්‍යෝග වාක්‍යයක් (සටන් පාඨයක්) ලෙස අති විශාල ලේබල වල, ක්‍රීඩා තරඟ වල සංඥා, හා කුඩා ගුවන් යානා මගින් අහස හරහා අඳින පුවරු සඳහන් වෙයි. අවාසනාවකට වාගේ, මෙම “යේසුස් වහන්සේ ගලවයි” යන පාඨය දකින්නාවූ අයගෙන් සැබවින්ම (සත්‍ය ලෙස) හා සම්පූරණයෙන්ම එහි ඇති අර්ථය තේරුම් ගන්නේ ඉතා ස්වල්ප දෙනෙක් වීම. එම වචන වල මහා බලයක් හා සත්‍යයක් අන්තර් ගතව ඇත.

යේසුස් ගලවයි, නමුත් මේ යේසුස් කවුරුන්ද?

බොහෝ අය විශ්වාස කරනා දෙය නම් යේසුස් වහන්සේ නම් අවුරුදු 2000 කට ආසන්න කාලයක ඉහත ඊශ්‍රායෙලයේ සිටි මනුෂ්‍යයෙකු ලෙසටය. බොහෝ ලෝකයේ ආගම් වල යේසුස් වහන්සේ හොඳ ගුරුවරයෙක් / නැති නම් අනාගතවකතෘවරයෙක් ලෙසට හඳුන්වයි. ඒවා සියල්ලමද සත්‍යද වේ. නමුත් සැබවින්ම යේසුස් වහන්සේ කව්ද යන්න ඉන් නොපෙන්වයි. එසේම, ඒවා යේසුස් වහන්සේ කෙසේඳ? ඇයි? ගලවන්නේ යන්න පැහැදිලිද නොකරයි. යේසුස් වහන්සේ මිනිස් ස්වරූපය ගත් දෙවියන් වහන්සේය (යොහන් 1:1; 14). යේසුස් වහන්සේ දෙවියන් වහන්සේය, පොළොවට ආ, සම්පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස (1 යොහන් 4:2). දෙවියන් වහනාසේ මනුෂ්‍ය ස්වරූපයක් ගත්තා යේසුස් වහන්සේ යන පුද්ගලිකත්වය තුළ අපව ගලවන පිණිස. ඉන් ඊළඟ ප්‍රශ්නය මතු කරයි: අපට ගැලවීමක් අවශ්‍ය වන්නේ ඇයි.

යෙසුස් ගලවයි, නමුත් අපට ගැලවීමක් අවශ්‍ය ඇයි?

බයිබලයේ පවසනවා ජීවත් වන හා වූ සියලු මනුෂ්‍ය වර්ගයා පව්කර ඇති බවට (දේශනාකාරයා 7:20; රෝම 3:23). පව් කිරීම නම් සිතුවිල්ලෙන් වචන වලින්, ක්‍රියා වලින් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ චරිතයට පටහැනිව ක්‍රියා කිරීමයි. අපගේ පාපය නිසා, අප සියලු දෙනාට දෙවියන් වහන්සේගේ විනිශ්චය හිමිය (යොහන් 3:18; 36). දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨයි. එමනිසා උන් වහන්සේට නපුරට හා පාපයට දඬුවම් නොකර සිටිය නොහැක. දෙවියන් වහන්සේ සීමාරහිත හා සදාකාලික නිසාත් සියලු පාප අවසානයේදී දෙවියන් වහන්සේට විරුද්ධ නිසාත් (ගීතාවලිය 51:4), සීමාසහිත හා සදාකාලික දඬුවමක් තමයි ප්‍රමාණවත්. සදාකාල මරණය තමයි පාපයට හිමි ධර්මිෂ්ඨ දඬුවම. එමනිසා තමයි අපට ගැලවීම අවශ්‍ය.

යේසුස් ගලවයි, නමුත් කෙසේද උන් වහන්සේ ගලවන්නේ?

අප අසීමිත දෙවියන් වහන්සේට විරුද්ධව පව්කර ඇති හෙයින් සීමාවක් ඇති කෙනෙක් (අප) අපගේ පාපයට කුලිය ගෙවිය යුතුය. අසීමිත කාල පරිච්ඡේදයට හෝ අසීමිත පුද්ගලයෙකු (සීමාරහිත) අපගේ පාපයට එක් සැරයෙන්ම මිල ගෙවිය යුතුය (යේසුස් වහන්සේ) වෙන මාර්ගයක් නැත. යේසුස් වහන්සේ අපගේ ස්ථානයට විත් මැරී අපව ගලවා ගත්තා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේම අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. සීමාරහිත හා සදාකාලික කුලිය ගෙව්වා උන් වහන්සේටම පමණක් හැකිවූ (2 කොරින්ති 5:21; 1 යොහන් 2:2). යේසුස් වහන්සේ අපට හිමි දඬුවම උන් වහන්සේ පිටට ගත්තා අපව අප්‍රසන්න ඉරණමකින් ගලවා ගැනීම පිණිස. අපගේ පාපයට හිමි ධර්මිෂ්ඨ ප්‍රතිඵලය උන් වහන්සේගේ මහත් ප්‍රේමය අපට. යේසුස් වහන්සේ අප වෙනුවෙන් තම ජීවිතය පූජා කරා (යොහන් 15:13), අප උපයා ගෙන ඇති දඬුවම ගෙවනා පිණිස. නමුත් ගෙවීමට හැකියාව නැති යේසුස් වහන්සේ එවිට උත්ථාන විය, ඉන් පිළිබ්ඹු කරන්නේ උන් වහන්සේගේ මරණයට උපරිම හැකියාව ඇති බවට අපගේ පාපයන්ට කුලිය ගෙවීමට (1 කොරින්ති 15).

යේසුස් ගලවයි, නමුත් උන් වහන්සේ ගලවන්නේ කාවද?

උන් වහන්සේගේ ගැලවීමේ ත්‍යගය පිළිගත්තා ඕනෑම කෙනෙකුව උන් වහනාසේ ගලවයි. යේසුස් වහන්සේ උන් වහන්සේගේ පූජාව අපගේ පාපයට කුලිය ලෙසට විශ්වාස කරන්නාට ගැලවීම හිමි බවයි (යොහන් 3:16; ක්‍රියා 16:31). මුලු මිනිස් සංහතියේ පාපයට කුලිය ලෙස උන් වහන්සේගේ මරණය සෑහෙන අතර යේසුස් වහන්සේ ගලවන්නේ උන් වහන්සේගේ අනර්ගි දීමනාව පුද්ගලිකව පිළිගන්නා අයට පමණි (යොහන් 1:12).

යේසුස් වහන්සේ ගලවයි යන්න ඔබ තේරුම් ගෙන තිබේ නම් , එසේම ඔබගේ පුද්ගලික ගැලවුම්කාරයා ලෙසට ඔබට උන් වහන්සේව විශ්වාස කිරීමට අවශ්‍ය නම්. පහත සඳහන් දේවල් ඔබ තේරුම් ගන්ට හා අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. ඇදහිල්ලේ ක්‍රියාවක් ලෙස, දෙවියන් වහන්සේ සමග පහත සඳහන් දේ සංනිවේදනය කරන්න. “දෙවියන් වහන්ස, මම පව්කරුවෙකු බව මම දනිමි, එසේම මම දනිමි මාගේ පාපය නිසා ඔබගෙන් සදහටම වෙන්වීම යුතු බවද. මට හිමි නැතිවූ යේසුස් වහන්සේගේ මරණයෙන් හා උත්ථානයෙන් මාගේ පාපයට යුතු පූජාව හා ඔබගේ ප්‍රේමය මට දීම ගැන ස්තුති වෙමි. යේසුස් වහන්සේ මාගේ පාය වෙනුවෙන් මැරුණ බව විශ්වාස කරන අතර උන් වහන්සේව මාගේ ගැලවුම්කරුවා හැටියට පිළිගනිමි. මෙතැන් පටන්, පාපය උදෙසා නොව ඔබ උදෙසා ජීවත් වන්ට මට උපකාර කරන්න. ඔබ ලබා ඇති උතුම් ගැලවීමට හිමි ගෞරවය දෙන ජීවිතයක් ගත කිරීමට මට උපකාර කරන්න. ස්තුති යේසුනි, මා ගැලෙවිව නිසා!”

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ ගලවයි යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries