settings icon
share icon
ප්‍රශ්නය

අපගේ සබතෙහි විවේකය වන යේසුස් වහන්සේ කෙසේද?

පිළිතුර


අපගේ සබතෙහි විවේකය යේසුස් වහන්සේ බව හරියාකාරව වටහා ගැනීමට ප්‍රධානවන හෙබ්‍රෙව් වචනය වන "සබත", එහි අරුත වන්නේ "වැඩ වලින් නිවාඩු ගැනීම හෝ නතර කිරීම හෝ නැවැත්වීම වේ". සබතෙහි ආරම්භය මැවීම දක්වා දිවයයි. දවස් හයක් තුළ ස්වර්ගයන් හා පොළොව මවා, "එතුමාණන්වහන්සේ සාදන ලද සියල්ලගෙන් හා වැඩයන් ගෙන් එතුමා හත් වෙනි දවසෙහි නිවාඩු ගත් සේක" (උත්පත්ති 2:2). මෙයින් දෙවියන් වහන්සේ වෙහෙසව සිටි බවත් එබැවින් එතුමාට විවේකයක් අවශ්‍ය වූ බව අරුත් ගන්වන්නේ නැත. දෙවියන් වහන්සේ සර්වබලධාරී බව අපි දන්නෙමුව, වචනානුසාරයෙන් "සියලු බලැති" වේ. එතුමා කිසිදිනක වෙහෙසට පත් වන්නේ නැත, බලශක්තියේ ඉතාම අසීරු වැයවීමකදී වුවද අඩුම තරම්වත් බලයේ හීනවීමක් හෝ නොවන්නේය. එසේ නම් දෙවියන්වහන්සේ නිවාඩු ගත් සේක යන්නෙහි අරුත කුමක්ද? සරලවම පැවසුවහොත් එතුමාණන්වහන්සේ කරමින් සිටි වැඩය නතර කළ සේක. එතුමාණන් වහන්සේගේ වැඩයෙන් නැවතුණ සේක. සබත් දවස පිහිටුවීම ගැන හා අපගේ සබත් විවේකයෙහි ක්‍රිස්තුස් වහන්සේගේ භුමිකාව වටහා ගැනීමට මෙය ඉතා වැදගත්ය.

මැවීමේදී හත් වෙනි දවස නිවාඩු ගැනීම දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ සෙනඟ කෙරෙහි සබත් දින නිවාඩු ගැනීමේ ප්‍රතිපත්තිය පිහිටුවීමට උදාහරණයක් ලෙස පරිහරණය කළ සේක. නික්මයාම 20:8-11 සහ ද්වීතීය කථාව 5:12-15, දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට දස පනතෙහි හතර වන පනත දුන් සේක. එය නම් සබත් දවස "සිහි කරන්න" එය "ශුද්ධ කොට පවත්වන්න". දවස් හතෙන් එක දවසක් ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ වැඩ වලින් නිවාඩු ගත යුතුව තිබූ අතර එම නිවාඩුව තමන්ගේ දාසයන්ටද සතුන්ටද දිය යුතුව තිබුණේය. මෙය වැඩ වලින් සම්පූර්ණව නිවාඩු ගැනීමක් විය. ඔවුන් කුමණ වැඩක යෙදී සිටියද සෑම සතියකම එක් දවසක් එම වැඩය නතර කළ යුතුව තිබුණේය. (කරුණාකර සබත් දවස හා සෙනසුරාදාට එරෙහිව ඉරිදා සහ සබත් දවස වැනි අපගේ අනෙකුත් ලිපි මෙම කරුන තව දුරටත් ගවේෂණය කිරීම සඳහා බලන්න). සබත් දවස ස්ථාපනය කරනු ලැබුවේ එවිට සෙනඟගේ ඔවුන්ගේ වැඩ වලින් දවසක විවේකයකින් පසුව අළුතින් ආරම්භ කිරීමට හැකිවන පිණිසය.

සබත ගැන විවිධ මූලිකාංග මෙසියස් වහන්සේගේ පැමිණීම පිළිබඳ ආදර්ශ වශයෙන් පවතින අතර තමන්ගේ සෙනඟට නිත්‍යනිවාඩුව ගෙන දෙන්නේ එතුමාය. පරණ ගිවිසුමෙහි ව්‍යවස්ථාව යටතෙහි යුදෙව්වරුන් තමන්ව දෙවියන් වහන්සේට පිළිගත හැකි වූවක් වන පිණිස නිරන්තරයෙන් "වැඩයෙහි" යෙදුණෝය. චාරිත්‍ර විධි නීති සංග්‍රහයේ, දේව මාලිගාවේ නීති, සිවිල් නීති වැනි ශතසහස්‍ර සංඛ්‍යාත කළයුතු සහ නොකළයුතු දේවල් වලට කීකරුවන්නට මහත් පරිශ්‍රමයක් දැරුවෝය. සැබවින්ම ඔවුන්ට ඒ සියලු නීති පවත්වන්ට නොහැකි වූ අතර දෙවියන්වහන්සේ ඒ වෙනුවට පාප පූජාවන් හා කැප කිරීම් පිළිවෙළක් පෙළ ගස්සවන ලදී . එවිට පව් කමාව පිණිස ඔවුන් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්ටත් සහභාගිත්වය ප්‍රතිස්ථාපනය කරගන්නටත් හැකි වූ නමුත් එය තාවකාලික විය. දවසක නිවාඩු ගැනීමකින් පසුව ඔවුන්ගේ භෞතික වැඩ ආරම්භ කළාක් සේම, නිරතුරුව ඔවුන්ට පූජා පවත්වන්නට සිදුවිය. හෙබ්‍රෙව් 10:1, "ඔවුන් අවුරුදු පතා නිතර ඔප්පු කරන ඒ පූජා වලින්, ළගා වෙන්නන් සම්පූර්ණකරන්ට කිසි කලක නුපුළුවන්" බව පවසයි. "නුමුත් උන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි හිඳගත් සේක (හෙබ්‍රෙව් 10”:12). අවසාන පූජාවෙන් පසුව යේසුස් වහන්සේ හිඳ, නිවාඩු / විවේක ගත් සේක. එනම් එතුමන්ගේ වැඩය වන ගිවිසුමෙහි වැඩයෙන් නවතින ලදී. මක්නිසාද තවත් කිසිදාක කළ යුතු යමක් නොවූ බැවිනි. මිදීමේ ක්‍රියාවලිය අවසන් විය (යොහාන් 19:30). යේසුස්වහන්සේගේ ක්‍රියාව නිසා අප තව දුරටත් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි ධර්මිෂ්ඨව පෙනෙන පිණිස නීති පැවැත්වය යුතු නැත. යේසුස්වහන්සේ පැමිණියේ අප එතුමන් තුළ හා එතුමා විසින් සපයන ලද ගැළවීම තුළ විවේක / නිවාඩු ගන්නා පිණිසය.

තවත් සබත් දවස නිවාඩු ගැනීම ගැන වැදගත් කරුණක් වන්නේ දෙවියන් වහන්සේ එය ආශීර්වාද කොට, විශුද්ධ කර, ශුද්ධයයි නම් කළ සේක. මෙහිදී නැවත වරක් අප ක්‍රිස්තුස්වහන්සේ අපගේ සබත් විවේකයෙහි සංකේතය ලෙස දකින්නෙමුව. ශුද්ධවූ, සම්පූර්ණවූ දෙවියන්වහන්සේගේ පූත්‍රයාණන් එතුමාණන් වහන්සේ විශ්වාස කරන්නාවූ සියල්ලන් විශුද්ධ කර ශුද්ධ කරන සේක. දෙවියන් වහන්සේ සබත විශුද්ධ කළාක් මෙන්ම එතුමාණන් ක්‍රිස්තුස්වහන්සේ විශුද්ධ කොට ලොවට එවන ලදී (යොහාන් 10:36). එතුමාණන් තුළ අපගේම උත්සාහයන් තුළ වැඩ වලින් අප විවේක ගන්වනු ලබන්නේ එතුමාණන් පමණක්ම ශුද්ධ සහ ධර්මිෂ්ඨ නිසාවෙනි. "අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූසේක" (2 කොරින්ති 5:21). දැන් අපට සතියකට දවසක් පමණක් නොව, සැමදා එතුමාණන් තුළ ආත්මික විවේකය ඇත.

යේසුස් වහන්සේ අපගේ සබතේ නිවාඩුව / විවේකය මන්ද එතුමා "සබතෙහි ස්වාමියාය" (මතෙව් 12:8). දෙවියන්වහන්සේ මනුරුවක් ගත් බැවින්, සබතෙහි සැබෑ අරුත එතුමාණන් වහන්සේ තීරණය කරන ලද්දේ මන්ද එතුමාණන් එය මවනු ලැබූ හෙයින් සහ එතුමන් අපගේ මාංසයෙහි සබත් නිවාඩුව වේ. සබත් දවසෙහි සුව කිරීම පිළිබඳ පරිසිවරුන් විවේචනය කල විට වළකට වැටුන "බැටළුවා" බේරා ගැනීමට උත්සුක නොවන්නේ දැයි පවසා එය සිහි කැඳවන ලදී. මක්නිසාද එතුමාණන්වහන්සේ පැමිණියේ එතුමාගේ "බැටළුවන්" සොයන්නටත් ගලවන්නටත්ය. එතුමාණන්වහන්සේට සබත් නීති බිඳින්නට හැකිය. මනුෂ්‍යයන් බැටළුවන්ට වඩා වැදගත් වන අතර නීතියකට වඩා යේසුස් වහන්සේ සපයන ගැළවීම ඉතාමත් වැදගත්ය. මෙම කියමනෙන් එය වැටහේ. " මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව, සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියම කරන ලද්දේය" (මාර්ක් 2:27), යේසුස් වහන්සේ නැවත වතාවක් සබතෙහි ප්‍රතිපත්තීන් සිහි කැඳවමින් සබත් නිවාඩුව මනුෂ්‍යයා ඔහුගේ වැඩයෙන් නිදහස් කරන පිණිස පිහිටවූ බව පැවසූ සේක. පරිසිවරුන් සබත ඉසිලීමට නොහැකි දුෂ්කර නීතිමාලාවකට හරවන ලදි. යේසුස් වහන්සේ පැමිණියේ එතුමාණන්ගේ අනුග්‍රහය කරණකොට ගෙන ව්‍යවස්ථාවෙන් අප නිදහස් කරන පිණිසය (යොහාන් 1:17, රෝම 6:14). එතුමාණන් සබතේ ස්වාමියාය. තමාට ගැළවීම උරුම කරගන්නට තමන් දරන්නාවූ උත්සාහයන් ගෙන් අප නිදහස් කරන තැනන්වහන්සේය. එතුමාණන් තුළ අපගේ වැඩයන්ගෙන් අපි නිවාඩු ගන්නා අතර අපගේ කොටස වෙනුවෙන් ක්‍රියා කරන එතුමාණන් තුළ අපි විශ්වාසය තබන්නෙමුව.

යේසුස් වහන්සේ අපගේ සබත් නිවාඩුව බව නිරීක්‍ෂණය කිරීමට ඇති හොඳම කොටස නම් හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ජේදයයි. ක්‍රිස්තුස් වහන්සේ විසින් සපයන ලද "නිවාඩුවට ඇතුල්වෙන" ලෙස අපට පවසා ඇත. විකල්පයන් එතුමාණන් වහන්සේට විරුද්ධ වන ලෙස අපගේ හදවත් දැඩිකර ගැනිම ඊශ්‍රායෙල්වරුන් වනාන්තරයේදී සිදුකළාක් මෙන් වේ. ඔවුන්ගේ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේ එම පරමිපරාව පොරොන්දු දේශයට ඇතුළුවීම "ඔව්හු මාගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවන්නේ යයි" පවසමින් තහනම් කරන ලදී (හෙබ්‍රෙව් 3:11). හෙබ්‍රෙව් පොතෙහි කතෘවරයා ඉතා බැගෑපත්ව අයැද සිටින්නේ යේසුස් ක්‍රිස්ුස් වහන්සේ තුළ නිවාඩුව ප්‍රතික්‍ෂේප කර එම අත් වැරද්දම නොකරන ලෙසය. "එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තේය. එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටනෙ පිණිස ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහ කරමු" (හෙබ්‍රෙව් 4:9-11).

යේසුස් වහන්සේ හැරෙන්නට වෙනත් සබතක් නැත. එතුමාණන් වහන්සේම පමණක් ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන අතරම පාපයේ සමගි කිරීමේ පූජාවද සපයන්නේය. එතුමාණන් වහන්සේව දෙවියන් වහන්සේ තමන්ගේම ක්‍රියා වලින් අප නිවාඩු ගන්නා පිණිස අප උදෙසා සපයන ලදී. ගැළවීමේ එකම මඟ වන මේ මඟ අපි ප්‍රතික්‍ෂ්ප නොකරන ලෙස තර්ජනය කරමු (යොහාන් 14:6). දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රතික්‍ෂේප කරන්නාවූ අයට එතුමන් ගේ ප්‍රතික්‍රියාව ගණන් කථාව 15හිදී අපට දක්නට හැකිය. එහි එක මනුෂ්‍යයෙක් සබත් දවසේදී දර එකතු කරමින් සිටියේ දෙවියන් වහන්සේ පැහැදිලිව වැඩ වලින් නිවාඩු ගන්නට අණක් නිකුත් කර තිබිය දීය. මෙම උල්ලංඝනය කිරීම මහ දවල් නිර්භීතව සිතා මතා දිව්‍යමය අධිකාරිත්වයට විවෘතව අකීකරුව කරන ලද පාපයක් විය."ස්වාමින් වහන්සේද කථාකොට: ඒ මනුෂ්‍යයා සැබවින් මරනු ලැබිය යුතුය (පදය 35). එබැවින් සබතෙහි නිවාඩුව ප්‍රතික්‍ෂේප කරන හැමටම එසේමය. "මෙපමණ මහත් ගැළවීම අපි නොසළකා සිටියහොත් කොහොම ගැළවෙමුද?" (හෙබ්‍රෙව් 2:3).



English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ සබතෙහි විවේකය වන යේසුස් වහන්සේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries