settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?

පිළිතුර


ලියවිල්ලේ තීරණාත්මක සාධක ඉදිරිපත් කර ඇත යේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව වාර්තාගත කොටස් මතෙව් 28:1-20, මාර්ක් 16:1-20; ලූක් 24:1-53 සහ යොහන් 20:1-21:25 හී සඳහන් වේ. උත්ථානවූ යේසුස් වහන්සේ පිළිබඳව ක්‍රියා පොතේද සඳහන් වේ (ක්‍රියා 1:1-11). මේ දේවල් (බයිබල් පද) කරණකොටගෙන බොහෝ වර උන් වහන්සේගේ උත්ථානය “ඔප්පු” කරයි. උන් වහන්සේගේ ගෝලයන්ගේ අනපේක්‍ෂිත වෙනස දෙස අවධානය යොමු කරමු. ඔවුන් බියවී කාමරයක් තුළ සැඟවී සිටියා, නමුත් ඔවුන් ධෛර්ය මත්ව ශුභාරංචිය පිළිබඳව ප්‍රකාශ කිරීමට ඔවුනට ධෛරය ලැබුණේ කෙසේද? එම වෙනසට හේතුව උත්ථානවූ යේසුස් වහන්සේ ඔවුන් ඉදිරියේ පෙනී සිටීම හැර වෙන කුමක්ද?

දෙවනුව, අපෝස්තුලු පාවුලුගේ ජීවිතය දෙස අවධානය යොමු කරමු. සභාවට පීඩා කරන්නකුගෙන් ඔහුව සභාව ගොඩනගන තත්වයට පත්වූයේ කෙසේද? එය සිදුවූයේ උත්ථානවූ යේසුස් වහන්සේ දමස්කයට යන පාරේදී ඔහුට දර්ශණය වීමයි (ක්‍රියා 9:1-6). තුන්වැන්න, තවත් “සාධකයක්” නම් හිස්වූ සොහොන. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන නොවුනානම්, උන් වහන්සේගේ ශරීරය කොහේද? ගෝලයන් සහ තවත් අය උන් වහන්සේව තැන්පත් කළ සොහොන දුටුවා. ඔවුන් නැවත ගිය විට උන් වන්සේගේ ගරීරය එහි නොවීය. උන් වහන්සේ පොරොන්දුවූ පරිදි උත්ථානවූ බවට දේව දූතයෙකු ඔවුනට පැවසුවා (මතෙව් 28:5-7). සතරවැන්න, ප්‍රධානම සාධකය නම් උන් වහන්සේ උත්ථානයෙන් පසුව බොහෝ අය ඉදිරියේ පෙනී සිටීමයි (මතෙව් 28:5,9,16-17; මාර්ක් 16:9; ලූක් 2413-35; යොහන් 20:19,24,26-29, 21:1-14; ක්‍රියා 1:1-8; 1 කොරින්ති 15:5-7).

තවත් සැබෑ යතුරු සත්‍යයක් නම් උන් වහනසේගේ උත්ථානය සහතික කිරීමට උන් වහන්සේගේ උත්ථානය පිළිබඳව අපෝස්තුළුවරු දුන්නාවූ විග්‍රහය. උන් වහන්සේගේ උත්ථානය පිළිබඳව සඳහන් ප්‍රධාන පදයක් නම් 1 කොරින්ති 15. මෙම පරිච්ඡේදයේ පාවුලුතුමා අපට විග්‍රහ කරනවා උන් වහන්සේගේ උත්ථානය තේරුම් ගැනීම හා පිළිගැනීමෙහි වැදගත්කම. පහත සඳහන් හේතුන් නිසා උත්ථානය වැදගත් වේ. (1) ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන නොවුනා නම් ඇදහිලිවතුන් නොවේ (1 කොරින්ති 15:12-15). (2) උන් වහන්සේ උත්ථාන නොවුනා නම් උන් වහන්සේ පාපය උදෙසා කළ පූජාව ප්‍රමාණවත් නොවේ (1 කොරින්ති 15:16-19). යේසුස් වහන්සේගේ උත්ථානය සනාථ කරන තවත් දෙයක් නම් උන් වහන්සේගේ මරණය දෙවියන් වහන්සේ විසින් අපගේ පාපයට වන්දියක් ලෙස පිළිගත් බවය. උන් වහන්සේ උත්ථාන නොවුනා නම් එයින් අදහස් කරන්නේ උන් වහන්සේගේ පූජාව ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රතිඵලය වනුයේ ඇදහිලිවන්තයන්ගේ පාපයට සමාව නොලැබේ. එසේ නම් ඔවුන්ගේ මරණයෙන් පසු සදහටම ඔවුනට හිමි මරණයයි (1 කොරින්ති 15:16-19). එසේ නම් සදාකාල ජීවනයක්ද නොවෙයි (යොහන් 3:16). “නමුත් දැන් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානව ඇත, නින්දේ සිටින අයගේ පළමු ඵල” (1 කොරින්ති 15:20). ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය. අපගේ උත්ථානයේ ප්‍රථම ඵලය උන් වහන්සේය.

(3) උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන් උන් වහන්සේ මෙන් උත්ථානව උන් වහන්සේ මෙන් සදාකාල ජීවය ලබයි (1 කොරින්ති 15:20-23). 1 කොරින්ති 15 කිතුනුවකුගේ උත්ථානය සනාථ කරයි. ඔහුගේ පාපයට එරෙහි ජයග්‍රහනය ගැන විග්‍රහ කරයි. මෙයින් අපට ජයාන්විතව පාපයට විරුද්ධව නැගී සිටීමට බලය දෙයි (1 කොරින්ති 15:24-34). (4) අපට ලැබෙන්ට යන මහිමාන්විත ශරීරය පිළිබඳව හා උත්ථානවූ ගරීරය පිළිබඳව විග්‍රහ කරයි (1 කොරින්ති 15:35-49). (5) ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ප්‍රතිඵලයක් ලෙස උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෝ මරණයෙන් ජය ගනී (1 කොරින්ති 15:50-58). උන් වහන්සේගේ උත්ථානය මොනතරම් ශ්‍රේෂ්ඨ සත්‍යයක්ද? “එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන් වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිශ්ඵල නොවන බව නුඹලා දන්න බැවින් ස්ථීරව, නිශ්චලව නිතරම ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පවතීවි” (1 කොරින්ති 15:58). බයිබලයට අනුකුලව ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ස්ථීර සත්‍යයි. බයිබලයේ උන් වහන්සේගේ උත්ථානය සටහන් කරන්නන්, ඇසින් දුටු සාක්‍ෂි 400 ක් ඉක්මවන බවයි. එමෙන්ම තීරණාත්මක කිතුනු මූලධර්මය මත ඓතිහාසික සත්‍යයන් ඇත, උන් වහන්සේගේ උත්ථානය පිළිබඳව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries