settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේගේ උපමා කථා වලින් උගන්වනු ලැබුවේ මන්ද?

පිළිතුර


උපමා කථා වූ කලී ස්වර්ගීක අර්ථයක් ඇති මෙම පොළොවේ කථාන්තරයක් බව ප්‍රකාශ කර තිබේ. යේසුස් ස්වාමින්වහන්සේ නිතරම උපමා කථා භාවිතා කරනු ලැබුවේ ගැඹුරු දිව්‍යමය සත්‍යතාවයන් සන්නිදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙසය. මෙවන් කථාන්තර ඉතා පහසුවෙන් මතක තබා ගත හැකි බලවත් චරිත හා සාරවත් අර්ථයක් ඇති සංකේතනයන් හා සමග වූවන්ය. උපමා කථා වූ කල යුදෙව් ආගම ඉගැන්වීමේ පොදු ආකෘතියකි. උන් වහන්සේගේ සේවයේ එක්තරා ස්ථානයක යේසුස්වහන්සේ සියල්ලන්ටම හුරුපුරුදු පොදුවූ දෑ එනම් (ලූණුල රොටිල බැටළුවන් ආදි) සුචිත්‍ර සමාකාරයන් භාවිතා කළ හෙයින් ඒවාහී තේරුම උන්වහන්සේගේ ඉගැන්වීම් වල පෙළ යෙදුම් තරමක් පැහැදිලි විය. උපමා කථාවන්ට බොහෝ පැහැදිලි කිරීම් අවශ්‍යය වූ අතර උන්වහන්සේගේ සේවයේ එක්තරා ස්ථානයක යේසුස් වහන්සේ විශේෂයෙන්ම උපමා කථා වලින් පමණක් උගන්වන්ට පටන් ගත් සේක.

ප්‍රශ්නාර්ථය නම් යේසුස් වහන්සේ උන්වහන්සේගේ උපමා කථා වල තේරුම ගැන කල්පනා කිරීමට බොහෝ සෙනගට ඉඩ හරින්නේ මන්ද යන්නය? උන් වහන්සේගේ කීමෙහි ප්‍රථම අවස්ථාව නම් බීජ සහ පස පිළිබද උපමා කථාවය.

උන් වහන්සේ මෙම උපමා කථාව අර්ථ නිරූපණය කිරීමට ප්‍රථමයෙන් උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව අනෙකුත් සමූහයාගෙන් ඈත් කර තැබූ සේක. එවිට ගෝලයෝ ඇවිත්: ඔබ වහන්සේ ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ මක්නිසාදැයි ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ, නමුත් ඔවුන්ට දීලා නැත. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය ඔහුට බොහෝ වන්නේය. නමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය. එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමා වලින් කතා කරමි. තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි ඉෂ්ඨ සිද්ධවේ, එනම් “ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය, බලමින්ම සිටින නුඹලා කිසිසේත් නොපැහැ දෙන්නහුය. මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස් වලින් නොදැක කන්වලින් නොඅසා සිතින් තේරුම් නොගෙන නොහැරී මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනග සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොදට නැසී ඇස් පියාගෙන සිටිතියි යනුයි නමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. මක්නිසාද සැබවක් නුඹලාට කියමි බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද නුඹලා දකිනදේ දකින්ටත් නුඹලා අසනදේ අසන්ටත් ආශාවූ නමුත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත” (මතෙව් 13:10–17).

යේසුස්වහන්සේගේ සේවයේ එතැන් පටන් උන්වහන්සේ උපමා කථා වලින් කථා කළ කල්හී එතුමන්ගේ ගෝලයන්ට පමණක් පැහැදිලි කර දුන් සේක. එනමුත් දිගින් දිගටම උන්වහන්සේගේ පණිවුඩය ප්‍රතික්ෂේප කළ අයවලූන්ව ඔවුන්ගේ ආත්මික අන්ධ භාවයෙන්ම තබා තබන ලද්දේ උන්වහන්සේ කී දෙහී අර්ථය පිළිබදව සිතමින් සිටීමටය. උන්වහන්සේ විසින් පැහැදිලි වෙනසක් දක්වන ලද්දේ ඇසීමට කන් දී ඇති නමුත් අවිශ්වාසයෙන් අප්‍රතිහතව සිටිනු ලබන අයත් මෙතෙක් අසා සිටින නමුත් තේරුම් ගැනීමට කිසිඳු ප්‍රයත්නයක් නොගන්නාවූ අය පිළිබදවය. “නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලෙකත් සත්‍යය දැන ගැනීමට පැමිණෙන්ට බැරිවූ” (2 තිමොති 3:7). උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දැනගැන්මේ දීමනාව දී තිබූයේ ආත්මයාණන් වහන්සේගේ කරුණු පැහැදිලි වන පිණිසය. ඔවුන් යේසුස් වහන්සේගේ සත්‍යයන් පිළිගනු ලැබූ හෙයින් ඔවුනට තව තවත් සත්‍යයන් දෙනු ලැබූහ. සියලූ සත්‍යයන් කරා අපට මගපෙන්වනු ලබන ශුද්ධාත්මයාණන්වහන්සේ නමැති දීමනාව දී ඇති ඇදහිලිවන්තයන් පිළිබදවද වර්තමානයේ සත්‍යයවේ (යොහාන් 16:13). උන් වහන්සේ අපගේ දෑස් සත්‍යයේ ආලෝකය කෙරෙහි විවෘත කර ඇති මෙන්ම අපගේ කන් සදාකාලික ජීවනයේ මිහිරි වදන් කෙරෙහිද යොමා තිබෙන සේක.

සත්‍යය වූ කලී අපගේ කන් වලට මිහිරි සංගීතයක් නොවන බව අපගේ ස්වාමින් වන යේසුස්වහන්සේ තේරුම් ගත් සේක. ඉතා සරලවම කිවහොත් මොවුන් වූ කලී දෙවියන්වහන්සේගේ ගැඹුරු දෑ කෙරෙහි කිසිඳු උද්යෝගයක් හෝ තැකීමක් නොතිබූ අයවේ. එසේ නම් උන්වහන්සේ උපමා කථා වලින් කථා කරනු ලැබුවේ මන්ද දෙවියන්වහන්සේ කෙරෙහි අව්‍යාජ සාගින්නක් ඇත්තවුන්ට උපමා කථා යනු ඉතාමත් ඵලදායි සහ අමතක නොවන දිව්‍යමය සත්‍යයන් ගෙන යනු ලබන වාහනයකිග අපගේ ස්වාමින් වහන්සේගේ උපමා කථා වල ඉතා කෙටි වචන වලින් යුතු සත්‍යයන් මහා පරිමාවක් අඩංගුවෙි – සංලකල්ප රූප වලින් හෙබි උන්වහන්සේගේ උපමා කථාවන් ඉතා පහසුවෙන් අමතක නොවන ඒවාවේ. කැමැත්තෙන් අසා සිටීමට කැමති කන් වලට උපමා කථාවන් ආශිර්වාදයක් වේ/

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේගේ උපමා කථා වලින් උගන්වනු ලැබුවේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries