settings icon
share icon
ප්‍රශ්නය

අපගේ පාපවලට දඬුවම සදාකාලික නිරයේ නම්, යේසුස් වහන්සේ සදාකාලයටම නිරයේ ගත නොකළේ නම් ඔහුගේ මරණය අපගේදඬුවම ගෙවන්නේ කෙසේද?

පිළිතුර


අප යේසුස් වහන්සේ නිකම්ම මිනිසෙකු ලෙස සිතන්නේ නම්, මෙම ප්‍රශ්ණය ඇසීම ස්වභාවික ප්‍රශ්ණයකි. නමුත් යේසුස්වහන්සේට සදාකාලිකවම නිරයේ ගත කිරීමට අවශ්‍යය නොවූයේ නම් ඔහු හුදෙක් මිනිසෙකු නොව දෙවියන් වහන්සේය. දේවත්වයේ දෙවෙනි පුද්ගලයා මාංශ ගෙන මිනිසෙකුගේ ස්වරූපයෙන් මිනිසුන් අතර ජීවත් විය. නමුත් ඔහු අන් කිසිවෙකුට සමාන මිනිසෙකු නොවීය. මන්ද ඔහුගේ ස්වභාවය දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. ශුද්ධ පරිපූර්ණ සහ අසීමිත.

යොහාන්ගේ සුවිශේෂයේ ආරම්භක ඡේදය වැනි ඡේද කිහිපයක් මෙම කාරණය සනාථ කරයි. එහිදී අප පහත සඳහන් දෑ කියවමු.

ආරම්භයේදී වාඛ්‍යයාණෝ සේක. වාඛ්‍යයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක. වාඛ්‍යයාණෝ දෙවියන් වහන්සේවම සිටි සේක. ආරම්භයේදී උන් වහන්සේ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක. සියල්ල උන්වහන්සේ කරණකොටගෙන මවන ලදි. උන්වහන්සේ නොමැතිව මවන ලද කිසිවක් නොවීය.

ධර්මයාණෝ මාංශගතව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන්ද සත්‍යයෙන්ද පූර්ණ උන්වහන්සේගේ තේජශ්‍රීය එනම් පියාණන් වහන්සේ කෙරෙන්වූ එකම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය අපි දුටිමු (ජොහාන් 1:1-3, 14).

මෙම ඡේදය දෙවියන් වහන්සේ සමඟ සදාකාළික වන දෙවියන් වහන්සේ හා සමාන සාරය වන මිනිස් වචනය මිනිස් මාංශ ගෙන ඔහුගේ වාසස්ථානය ( ඔහුගේ කුඩාරම ගසා හෝ මණ්ඩපයට) අප අතර ඇති බවට පැහැදිලිවම සාක්ෂි සපයයි. යේසුස්වහන්සේ ගැන ප්‍රේරිත පාවුල් පවසන පරිදි ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ මිනිස් බවෙහිම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි (කොලොස්සි 2:9).

එම මනසින්, ප්‍රශ්ණය දෙස වඩාත් සමීපව බලමු. අපගේ පාපවලටද දඬුවම නිරයේ සදාකාළික බව එය සත්‍යයකි. බයිබලය පවසන්නේ සියල්ලන්ම පව් කොට දෙවියන්වහන්සෙගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත්වී සිටිති (රෝම 3:23).

අපගේ පාපයේ විපාකය මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාතන ජීවනයයි (රෝම 6:23). එළිදරව් පොත පවසන්නේ බැටළු පැටවාගේ ජීවන පොතෙහි නම් නැති අයව ගිනි විළට හෙළනු ලබන අතර එහිදී ඔවුන්ට සදහටම වධ හිංසා කරනු ඇත. (එනම් එළිදරව් 20:10 ට අනුව එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විළට හෙළනු ලැබීය. ඔව්හු සදහටම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝය. එසේම එළිදරව් 20:15 ට අනුව යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බවීද, ඔහු ගිනි විළට හෙළනු ලැබීය).

නමුත් මෙතෙක් ජීවත්වූ සෑම පුද්ගලයෙකුගේම පාප වලට යේසුස් වහන්සේගේ මරණය සමාව ලබා ගන්නේ කෙසේද? යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය යන සාකච්ඡාව පැමිණෙන්නේ මෙහිදීය. යේසුස්වහන්සේ නිකම්ම නිකම් මිනිසෙකු නම් (තමාගේම පාපයෙන්), එවිට ඔහුගේ මරණය ඔහුගේ පාපයට සමාව නොදෙනු ඇත. එය තවත් කෙනෙකුගේ පාපවලට වඩා අඩුය. නමුත් යේසුස් හුදු මිනිසෙක් නොවේ. ඔහු මිනිස් මාංශයේ දෙව්ය. මිනිසෙකු වශයෙන් උන්වහන්සේ තමා වෙනුවෙන් කැප කළ අය සමඟ හදුනාගත හැකිය. පරිපූර්ණ පව් රහිත මිනිසෙකු ලෙස, උන්වහන්සේගේ පාපයට සමාව නොදී මනුෂ්‍යය වර්ගයාගේ පව් වලට සමාව ලබා ගත හැකිය. අවසාන වශයෙන්, දෙවියන්වහන්සේ වශයෙන්, අපගේ පාපයන් නිසා උන්වහන්සේගේ උදහස සම්පූර්ණයෙන් තෘප්තිමත් කිරීමට උන්වහන්සේට හැකිය.

අසීමිත දෙවියන්ට එරෙහි පාපය අසීමිත ලෙස ගෙවිය යුතුය. අපගේ පාපයට වන්දි ගෙවීම අසීමිත විය යුත්තේ එබැවිනි. අනන්ත ගෙවීම් සඳහා ඇත්තේ විකල්ප දෙකක් පමණි. එක්කෝ සීමිත සත්වයෙකු (මිනිසා) තම පාපය සඳහා අසීමිත කාළයක් සඳහා ගෙවිය යුතුය, නැතහොත් අසීමිත අසීමිත ජීවියකු (යේසුස්) සෑම මිනිසෙකුටම එක් වරක් ගෙවිය යුතුය. වෙනත් විකල්ප නොමැත. අසීමිත ශුද්ධ දෙවි කෙනෙකුට විරුද්ධව කරන පාපයකට ගෙවීමක් ලෙස සමානව අසීමිත තෘප්තියක් අවශ්‍යය වන අතර, සදාකාළික නිරයේ පවා දෙවියන්වහන්සේගේ අසීමිත ධර්මිෂ්ඨ තෝපාව පාපයට එරෙහිව විසුරුවා හරිනු නොලැබේ. අපගේ පාපයට එරෙහිව ශුද්ධ දෙවි කෙනෙකුගේ අසීමිත කෝපයට ඔරොත්තු දිය හැක්කේ දිව්‍යමය ජීවියෙකුට පමණි. දෙවියන් වහන්සේගේ උදහස තෘප්තිමත් කිරීම සඳහා මනුෂ්‍යය වර්ගයාට ආදේශකයක් ලෙස ඒ හා සමානව අනන්තයක් අවශ්‍යයවේ. දෙවියන්වහන්සේ — මනුෂ්‍යයා වශයෙන් හැකි එකම ගැළවුම්කරුවා යේසුස් වහන්සේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ පාපවලට දඬුවම සදාකාලික නිරයේ නම්, යේසුස් වහන්සේ සදාකාලයටම නිරයේ ගත නොකළේ නම් ඔහුගේ මරණය අපගේදඬුවම ගෙවන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries