settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විවිධ නාමයන් සහ පදවි නාමයන් මොනවාද?

පිළිතුර


බයිබලය පුරා ක්‍රිස්තුස් යේසුස් වහන්සේට දී ඇති නාමයන් සහ පදවි නාමයන් 200 පමණ මුණ ගැසේ. පහත සඳහන් වන්නේ ඉන් ප්‍රමුඛ ඒවා වන අතරම, ඒවා කාණ්ඩ තුනක් යටතේ එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය, ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ තුළ එතුමාගේ ස්ථානය සහ භුමිකව අප උදෙසා කරන්නාවූ කාර්යය අනුව පෙළ ගස්සවා ඇත.

ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය

ප්‍රධාන කොණේ ගල එපීස 2:20
එතුමාණන් වහන්සේගේ සභාව වන ගොඩනැගිල්ලෙහි එතුමා ප්‍රධාන කොණේ ගල වේ. හැම කෙනෙකු, යුදෙව්වන් - අන්‍ය ජාතීන්, පුරුෂ- ස්ත්‍රී, සියළු ස්ථාන වලින්, සියළු වයස් මට්ටම් වලවූ ශුද්ධවතුන් එතුමා තුළ වූ ඇදහිල්ල මතගොඩ නැඟුණ සියළු දෙනා අතරේ බෙදී ගිය ව්‍යුහයකට බැඳ තබනු ලබයි.

මුළු මැවිල්ලේ කුළුදුලාණෝය (කොලොස්සි 1:15)
දෙවියන් වහන්සේ විසින් මවන ලද පළමු වන දෙය එතුමා නොවේ. සමහර අය සාවද්‍ය ලෙස පවසන අන්දමට "සියළු දේ උන්වහන්සේ කරණකොටගෙනද, උන් වහන්සේ උදෙසාද වේ" යන්න 16 වන පදයේ සඳහන් වේ. එනම් මුළු මැවිල්ලෙහි කුළුදුලාණෝ යන්නෙහි අරුත වන්නේ ඉතාම උසස් ශ්‍රේණියෙහි පදවි නාමය මෙන්ම විශ්වයේ අග්‍රගන්‍ය පදවි නාමය එතුමා විසින් දරණු ලබන බවයි. එතුමානන් වහන්සේ සියල්ලට ඉහළින් සිටින සේක.

සභාවෙහි හිසව සිටින සේක. (එපීස1:22, 4:15, 5:23)
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජෙක් හෝ පාප් වහන්සේ නොවන, අතර ගැලවීම සඳහා තමන් වහන්සේ මත පමණක් ඇදහිල්ල රඳවා සිටින කවුරුන් උදෙසා දිවි පූජා කළේද, ඔවුන් උදෙසා ඔවුන්ගේ උත්තරීතර සර්ව බලධාරී පාලකයාණෝව සිටින සේක.

ශුද්ධ තැනන්වහන්සේ (ක්‍රියා 3:14, ගීතාවලිය 16-10)
ක්‍රිස්තුස් වහන්සේ එතුමාගේ දිව්‍යමය ස්වභාවයේදීද, මනුසත්කම තුළද ශුද්ධ වන අතර එතුමාණන්ගේ සෙනඟට ගලා යන ශුද්ධත්වයේ උල්පතකි.

විනිශ්වයකාරයාණෝ (ක්‍රියා10:42, 2 තිමොති 4:8)
ස්වාමිවූ යේසුස් වහන්සේ ලොව විනිශ්චය කරණ පිණිසත් සාදාකාලිකත්වයේ විපාක බෙදා දෙන පිණිසත් දෙවියන් වහන්සේ පත් කළ සේක.

රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමි (1 තිමොති 6:15, එළිදරව්19:16)
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාධිපත්‍ය පොළොවෙහි සියළු ආධිපත්‍යයන්ට ඉහළින් වන අතර සියළුම රජවරුන් සහ පාලකයන්ට ද ඉහළින් වන බැවින් කිසිවෙකුට එතුමාගේ පරමාර්ථය සම්පූර්ණ කිරීම වළක්වාලන්නට නොහැකිය. එතුමාට ප්‍රසන්න ලෙස එතුමා ඒවාට මඟ පෙන්වයි.

ලෝකයේ ආලෝකය (යොහාන් 8:12)
පාපයේ අන්ධකාරයෙන් පිරුණ ලොවකට සැපත් වූ යේසුස් වහන්සේ, එතුමාණන් වහන්සේගේ ක්‍රියාව සහ වචනය කරණකොටගෙන ජීවිතයේ ආලෝකය සහ සැබෑව හෙලන ලද්. එතුමාණන්ව වි්ශ්වාස කරන්නවුන්ගේ ඇස් එතුමා විවෘතව තබන අතර ආලෝකය තුළ ගමන් කරයි.

සාමයේ කුමාරයා (යෙසායා 9:6)
යුද්ධය නිසා ලොවට අහිමිව ගිය සාමය ගෙනෙන පිණිස යේසුස් වහන්සේ ලොවට නො ආ නුමුත් පාපය නිසා වෙන්වීමක් වූ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර සමාදානය ගෙනෙන පිණිස වැඩිය සේක. එතුමා පව්කරුවන් ශුද්ධ දෙවියන් වහන්සේ සමඟි කරණ පිණිස දිවිදුන් සේක.

දෙවියන් වහන්සේගේ පුත්‍රයා (ලූක්1:35, යොහාන් 1”:49)
යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණෝය (යොහාන් 1:14). ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය සනාථ කරමින් අලුත් ගිවිසුමෙහි 42 වතාවක් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි පරිහරණය කර තිබේ.

මනූෂ්‍ය පුත්‍රයා (යොහාන් 5:27)
ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යමයභාවය සමඟ මනුසත්භාවයෙහි ඇති අසමානතා දක්වන පිණිස (මනුෂ්‍ය පූත්‍රයා) යන නාමය පරිහරණය කර ඇත.

වචනය (යොහාන් 1:1,1 යොහාන් 5:7-8)
ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ දෙවෙනි පුද්ගල තැනැණ්වහන්සේ වචනය වේ. එනම් එතුමාන් වහන්සේ කී සේක. එසේ සියල්ල සිදු විය. කිසිත් නැති තැනකින් සියල්ල වචනය කරණකොටගෙන මවන ලද උන්වහන්සේ පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ සමඟ සිටි සේක. උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදන ලද්දේය. සාදන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදන නොලද්දේය.

දෙවියන් වහන්සේගේ වචනය (එළිදරව් 19:12)
උන්වහන්සේ මිස අන් කිසිවෙකුත් නොදන්නාවූ නාමයක් ක්‍රිස්තුස් වහන්සේට දෙන ලද්දේය. එතුමාගේ දිව්‍යමය භාවයෙහි අභිරහස එයින් එළිදරව් වේ.

ජීවනයේ වචනය (1 යොහාන් 1:1)
යේසුස් වහන්සේ සදාකාල ජිවනයට මඟ පෙන්වන වචනය පමණක් නොව, මෙම පදය අනුව එතුමාම ජීවනයේ වචනය වේ. එනම් සදාකාල ජීවනයේ ප්‍රීතිය හා එතුමාණන් සපයන්නාවූ එහි පූර්ණත්වයයි.

ත්‍රිත්වයේ එතුමාණන්ගේ ස්ථානය.

අල්ෆා සහ ඔමේගා (එළිදරව් 1:8, 22:13)
යේසුස් වහන්සේ තමන් වහන්සේ සියල්ලෙහි ආරම්භය සහ අවසානය බව ප්‍රකාශ කළ අතර, එයින් තමාම සැබෑවූ දෙවියන් වහන්සේ බවත් වෙනත් කිසිවකු නැති බව සනාථ කළේය. සදාකාලිකත්වයේ මෙම ප්‍රකාශය කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණකි.

එම්මානුවෙල් (යෙසායා 9:6, මතෙව් 1:23)
පදගතය නම් "දෙවියන් වහන්සේ අප සමඟය" යන්නයි. බෙත්ලෙහෙමෙහි ක්‍රිස්තුස් වහන්සේ් උපදින බවත් එතුමාණෝ දෙවියන් වහන්සේම බවත් යෙසායා සහ මතෙව් යන දෙදෙනාම සනාථ කළෝය. තමන්ගේ සෙනඟ අතරේ ජීවත්වීම සඳහා මිනිසෙකු ලෙස පොළොවට පැමිණි බවත් සහතික කළෝය.

මම වෙමි. (යොහාන් 8:58 සමඟ නික්මයාම 3:14)
යේසුස් වහන්සේ මෙම නාමය තමන්ට ආරෝපණය කරගත් කල්හි, දේව අපහාසයක් ලෙස සඳහන් කර යුදෙව්වන් එතුමාට ගල් ගසන්ට උත්සාහ කළෝය. මන්ද තමන් සදාකාලික දෙවියන් වහන්සේ බවට ප්‍රකාශ කළ කල්හි, එතුමා තමන් පරණ ගිවිසුමෙහි කිසිදින වෙනස් නොවන යෙහොවා වහන්සේ බවට ප්‍රකාශ කළ බව යුදෙව්වන් වටහා ගත් බැවිනි.

සියල්ලන්ගේ ස්වාමින් වහන්සේ ක්‍රියා 10-36
ලොවෙහි ඇති සියල්ලට හා ලොවටම ස්වෛරී අධිපතියා යේසුස් වහන්සේ බැවින් අන්‍ය ජාතීන්ටද, යුදෙව්වන්ටද, විශේෂයෙන් එතුමා තෝරා ගත් සෙනඟට මෙන්ම සියළු ජාතීන්ටද, ලොවෙහි ඇති සියල්ලටද යේසුස් වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ ස්වෛරී අධිපතියාය.

සැබෑවූ දෙවියන් වහන්සේ (1 යොහාන් 5-20)
යේසුස් වහන්සේ සැබෑවූ දෙවියන් වහන්සේ බවට සෘජුවම අවධාරණය කිරීම පමණක් නොව, දිව්‍යමය ස්වභාවය නොව එතුමාම සැබෑ දිව්‍යමය දෙවියන් වහන්සේ බවත්, ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව බයිබලය උගන්වනවා පමණක් නොව ත්‍රිත්වයේ එක කොටසක් ( පුද්ගලයෙක්) එතුමා බව සනාථ කරයි.

මිහිපිට එතුමාගේ සේවය

අප ගේ ඇදහිල්ල සම්පූර්ණ කරන්නාවූ සහ කතෘවරයාණෝ (හෙබ්‍රෙව් 12:2).
"මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටුකර නොගන්නා පිණිස ඒක ක්‍රියා වලින් නොවේ. (එපීස 2:8-9) එලෙසම යෙසුස් වහන්සේ අපගේ ඇදහිල්ලේ සහ එය අවසන් කිරීමේ ප්‍රරාම්භකයාය. අප ගලවන්නාවූ, ඇදහිල්ලේ උල්පත හා උසුලා /දරා සිටින්නාද එතුමාණෝය.

ජීවනදායක රොටිය (යොහාන් 6:35, 6:48)
මාංසික ආකාරයෙන් රොටිය ජීවිතය දරා ගන්නාවූ ආකාරයෙන්ම සදාකාලික ජීවිතය සපයන්නා සහ දරා සිටින්නා යේසුස්වහන්සේ නම් රොටිය වේ. කාන්තාරයේදී දෙවියන් වහන්සේගේ සෙනඟට එතුමා මන්නා සැපයූ ආකාරයෙන් අපටද අපගේ සදාලික ජීවිතය රඳන පිණිස යේසුස් වහන්සේගේ ශරීරය අප උදෙසා කැඩෙන පිණිස දුන් සේක.

මනමාලයාණෝ (මතෙව් 9:15)
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනමාලයා ලෙසත් සභාව මනමාලිය ලෙසත් දෙන රූපාලංකාරය තුළින් එතුමා සහ අප අතර ඇති සම්බන්ධතාවයේ විශේෂත්වය එළිදරව් කරයි. අනුග්‍රහයේ ගිවිසුම කරණකොට ගෙන බිඳිය නොහැකි බැම්මකින් අප එකිනෙකාට බැඳී ඇත.

මූදවන්නා (රෝම 11:26) ඊශ්‍රායෙල් සෙනඟ ඊජීප්තුවේ වහල් බැම්මෙන් මුදවන්නට දෙවියන් වහන්සේට අවශ්‍ය වූවාක් මෙන්ම, පාපයේ රැහැනින් අපව මුදවන්නා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වේ

යහපත් එඬේරාණෝ (යොහාන්10:11,14)
බයිබලයේ කාලයේදී /ඈත අතීතයේදී යහපත් එඬේරා ගොදුරු අල්ලා කන සතුන් ගෙන් බැටළුවන් බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තැබීමට කැමති විය. යේසුස් වහන්සේ තමන්ගේ බැටළුවන් උදෙසා තම ජීවිතය පුද කළ සේක. එමෙන්ම බැටළුවන් රැක බලා ගැනීමට මෙන්ම පෝෂණය කිරීමට උත්සුක වේ.

උත්තම පූජකයාණෝ (හෙබ්‍රෙව් 2:17)
යුදෙව් උත්තම පූජකයා වසරකට වරක් සෙනඟගේ පාපයේ වන්ඳිය ගෙවා ඔවුන් නිදහස් කරණ පිණිස දේව මාළිගවට ඇතුල් විය. යේසුස් වහන්සේ මෙම ක්‍රියාවලිය එක් වාතාවකදී කුරුසිය මත සියල්ල සම්පූර්ණ කළ සේක.

දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණෝ (යොහාන් 1:29)
පාපයේ වන්දිය ගෙවන පිණිස නිකැලැල් අතීශයින් පිරිසිදු බැටළු පැටියෙක් පූජාවක් ලෙස ගෙනෙන්ට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් ගිවිසුමක් විය. යේසුස් වහන්සේ තමන්ගේ අය උදෙසා දිවි දෙන්ට තිබූ සූදානම විදහා දක්වමින් එතුමා ඉවසලිවන්තව මරණයට ගෙන යන බැටළු පැටවෙකු මෙන් පූජා විය.

මැදහත්කරුවාණෝ (1 තිමොති 2 :5)
මැදහත්කරු යනු දෙපාර්වශවයක් අතර සිට ඔවුන් සමගි කරවන්න ක්‍රියා කරන අයය. මනූෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර සමගිකම ඇති කරවන එකම මැදිහත්කාරයාණෝ ක්‍රිස්තුස් වහන්සේය. මරියතුමියට හෝ ශුඳ්ධවතුන්ට නමස්කාර කිරිම රූප නමස්කාරයක් වේ. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ඉතා වැදගත් මෙම භුමිකාව විකල්ප මඟකට හරවා මැදහත්කරුගේ භුමිකාව වෙනත් කෙනෙකුට ආරෝපණය කෙරේ.

පර්වතය (1 කොරින්ති 10:4)
කාන්තාරයේදී මෝසෙස් පර්වතයට පහර දුන් කළ ජීවය දෙන්නාවූ ජලය පර්වතයෙන් ගලා ආවාක් මෙන්ම, අපට ජීවනදායක ජලය වන සදාකාල ජීවනය සපයන්නාවූ තැණන්වහන්සේ යේසුස් වහන්සේය. අපගේ ආත්මික නිවස ගොඩ නැංවිය යුතු පර්වතය එතුමාණෝ වේ. මන්ද කිසි කුණාටුවකට එය සෙලවිය නොහැකිය.

නැවත නැගිටීම සහ ජීවනය (යොහාන් 11:25)
එතුමාණෝ සොහොනින් නැඟිටියා සේම පව්කරුවන් සදාකාල ජීවනයට නැඟිටවීම, යේසුස් වහන්සේ යන නාමය අරුත් ගන්වයි. අපගේ පාපයන් එතුමා සමඟ වළදමා ඇති අතර අප නැවත නැගිටවනු ලැබුයේ ජීවිතයේ අළුත්වීමක් සමඟ ගමන් කරණ පිණිසය.

ගැලවුම්කරු (මතෙව් 1:21, 2:11)
එතුමාගේ සෙනඟ ගලවනු ලබන්නේ ඔවුන් මුදන පිණිස එතුමා මරණය විඳීමෙන්ය. එමෙන්ම එතුමාගේ බලය කරණකොටගෙන ශුද්ධ ආත්මයාණන් තුළ අළුත්වීමක් මෙන්ම ආත්මික සතුරන් ජය ගන්නට හැකියාව ලැබීමත්, පරීක්‍ෂාවන්හිදි සහ මරණයේදි ඔවුන්ව දරා ගැනීමත් මෙන්ම අවසාන දිනයේදී ඔවුන්ව මළවුන් ගෙන් නැඟිටවනු ලබන පිණිසත්ය.

සැබැ මිදි වැල (යොහාන් 15:1)
සැබෑ මිදි වැල අතු වලට (ඇදහිලිවන්ත) අවශ්‍ය සියල්ල සපයන අතර ගැලවීමේ ජීවනදායක වතුරද, පෝෂණයද, වචනයෙන්ම වේ

මාර්ගයද, සැබෑවද, ජීවනයද (යොහාන් 14:6)
දෙවියන් වහන්සේ වෙතට එකම මඟ යේසුස් වහන්සේවේ බොරුවෙන් පිරුණු ලොවක එකම සත්‍යය සහ සදාකාලික ජීවනයේ එකම උල්පත යේසුස් වහන්සේ වේ. එතුමාණෝ තාවකාලික සහ සදාකාලික ද්වි ආකාරයෙන් ත්‍රිත්වය තුළ නිරූපණය වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විවිධ නාමයන් සහ පදවි නාමයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries