settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ අග්‍රදේවදූතයා වන මයිකල්ද?

පිළිතුර


යේසුස් වහන්සේ අග්‍රදේවදූතයා වන මයිකල් නොවේ. බයිබලයේ කිසිම තැනක යේසුස් වහන්සේ මයිකල් ලෙස හදුන්වා නොදේ. (හෝ කිසිම දේව දූතයෙක්, එම කාරණාව සඳහා) හෙබ්‍රෙව් 1:5-8 දක්වා යේසුස් වහන්සේ සහ දේව දූතයන් පිළිබඳ ඉතා පැහැදිලි වෙනසක් පෙන්වා දේ. "මක්නිසාද නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිත කෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේව දූතයන්ගෙන් කවරෙකුට යම් කලක කීසේක්ද? උනවහන්සේ තමන්ගේ කුලුදුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන් වහ්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වයි කියනසේක. දේව දූතයන් ගැන වනාහි උන්වහන්සේගේ ස්වකීය දූතයන් සුළංද සුවකීය සේවකයන් ගිනිදැලක්ද කරණසේකැයි කියන සේක. නමුත් පුත්‍රයා ගැන කථාකොට දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය: ඔබගේ රාජ්‍යයේ ජය කොන්තය යුක්තියේ ජය කොන්තයක්ය." ස්වර්ගයේ ජීවීන්ගේ ධූරාවලිය මෙම ජේදය තුළ පැහැදිලි කර ඇති අතර, නමස්කාරයට සුදුසු එකම තැනැන්වහන්සේ ලෙස දේවදූතයන් යේසුස් වහන්සේව නමස්කාර කරයි. ලියවිල්ලෙහි කෙදිනක හෝ දේව දූතයෙක් නමස්කාර කර නැත. එබැවින් (නමස්කාරයට සුදුසු) යේසුස් වහන්සේ මිස මයිකල් හෝ අන් කිසි දේව දූතයෙක් (නමස්කාරයට සුදුසු නොවේ.) විය නොහැක. දේව දූතයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස හදුන්වනු ලැබුවත් (උත්පත්ති 6:2-4, යෝබ් 1:6,2"-1,38:7) යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාය (හෙබ්‍රෙව් 1:8, මතෙව් 4:3-6).

අග්‍ර දේව දූතයා වන මයිකල් සියලු දේව දූතයන්ට වඩා උස්සය. බයිබලයේ තනතුරක් නියම කර ඇති එකම දේව දූතයා මයිකල්ය. එනම් "අග්‍ර දේව දූතයා" (යූද් 9වන පදය) එසේ වුවද දේව දූතයෙක් පමණි. ඔහු දෙවියන් වහන්සේ නොවේය. බලය සහ අධිකාරිත්වය පිළිබඳ යේසුස් වහන්සේට සහ මයිකල් අයිතිව ඇති පැහැදිලි දැක්මක් ලබා ගැනීමට මතෙව් 4:10 යේසුස් වහන්සේ සාතන්ට තරවටු කරන ආකාරයත් යූද් 9 වන පදයේ මයිකල් අග්‍ර දේව දූතයා සාතන්ට "නින්දිත විනිශ්චයක් කරන්ට භයවී", සාතන්ට තරවටු කරන පිණිස ඔහු යේසුස් වහන්සේ ගෙන් අයැදීය. යේසුස් වහන්සේ අවතරණය වූ දෙවියන් වහන්සේමය (යොහාන් 1:1,14). අග්‍ර දේව දූත මයිකල් බලය සහිත දේව දූතයකු වූවද ඔහු තවමත් දේව දූතයෙක් පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ අග්‍රදේවදූතයා වන මයිකල්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries