settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේගේ පෙනුම?

පිළිතුර


කිසිම විටෙක ක්‍රිස්තුස්වහන්සේගේ කායික විස්තර කිසිවක් බයිබලයේ සඳහන්ව නැත. යෙසායා 53:2 හි "උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත, අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්‍ෂණ කමක්ද නැත" යැයි අපට ගත හැකි ඉතා ආසන්නම විස්තරය සඳහන්වේ. මේ සියල්ල පවසන්නේ යේසුස්වහන්සේගේ පෙනුම අන් මිනිසෙකුගේසේම බවයි උන්වහන්සේගේ පෙනුම සාමාන්‍ය විය. දුක් ප්‍රාප්තියට එන්නාවූ සේවකයාණෝ පහත් තත්වයන්ගෙන් නැගී සිට රාජාශ්‍රීයේ ලාංඡනයන් කිසිවක් නොමැතිව ඇදහිල්ලේ ඥානවන්ත දෑසට පමණක් උන් වහන්සේගේ සැබෑ අනාවරණය කරන බව මෙම අවස්ථාවේදී යෙසායා අනාවැකි පවසයි.

කුරුසියේ මරණයට පෙර කස පහරට ලක්වන ක්‍රිස්තුස්වහන්සේගේ පෙනුම යෙසායා තවදුරටත් විස්තර කරයි. "උන් වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයාණන්ටත් වඩා අවලක්‍ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විෂ්මපත් වූවාක් මෙන්ම" (යෙසායා 52:14). (මතෙව් 26:67, 27:30, යොහාන් 19:3) උන්වහන්සේ මනුෂ්‍යයෙක් යැයි හඳුනා ගැනීමට නොහැකි වන තරමට උන් වහන්සේ වින්ඳාවූ අමානුෂික වධහිංසා මෙම වචන විස්තර කරයි. උන් වහන්සේගේ පෙනුම කොතරම් භයානක වීදයත් උන්වහන්සේ දෙස මිනිසුන් බැලුවේ මවිතයෙනි.

සමහර විට අප සතුව අද තිබෙන බොහෝ රූපයන් නිවැරදි නොවන්නට පුළුවන. යේසුස්වහන්සේ යුදෙව්වෙක් වූ බැවින් තද පැහැති සමක්, තද පැහැති ඇස් සහ තද පැහැති කොණ්ඩයක් තිබෙන්නට ඇත. නූතන පින්තුර බොහොමයක තිබෙන පරිදි තඹ පැහැති කෙස්, නිල් දෑස්, සුදු සමින් යුත් යේසුස්වහන්සේට වඩා බොහෝසෙයින් දුරස්ය. එකක් පැහැදිලිය: උන්වහන්සේගේ සැබෑ පෙනුම අපට වැදගත් වූයේ නම් උන්වහන්සේ සමග වසර තුනක් ගත කළ මතෙව්, පේදුරු සහ යොහාන්ට අපට නිවැරදි විස්තරයක් දීමට ඒකාන්තයෙන්ම හැකි වනු ඇති සේම උන්වහන්සේගේ සහෝදරයන් වන යාකොබ් හා යූද්ට හැකිවනු ඇත. එනමුත් නව ගිවිසුමේ මෙම ලේඛකයන් උන්වහන්සේඟේ ශාරීරික ලක්ෂණ පිළිබඳව කිසිම විස්තරයක් ලබා දෙන්නේ නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේගේ පෙනුම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries