settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ තමා දෙවියන්වහන්සේ බව දැන ගත්තේ කවදාද?

පිළිතුර


යේසුස්වහන්සේ නිතරම දෙවියන්වහන්සේය. සදාකාලික අතීතයේ සිට උන්වහන්සේ ත්‍රිත්වයේ දෙවන පුද්ගලයාවූ අතර උන්වහන්සේ සැමවිටම එසේ වනු ඇත. මනුෂ්‍යයා යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව දැන ගත්තේ කවදාද යන ප්‍රශ්නය සිත්ගන්නා සුළුය, නමුත් එය ශුද්ධ ලියවිල්ලේ සඳහන් නොවේ. වැඩිහිටියෙකු ලෙස, යේසුස්වහන්සේ තමා කවුදැයි සම්පූර්ණයෙන් වටහාගෙන, මේආකාරයෙන් එය ප්‍රකාශ කළ බව අපි දනිමු. "ඇත්තෙන් මමම ඔබට කියමි. . . ආබ්‍රහම් ඉපදීමට පෙර මම වෙමි!" (යොහන් 8:58). උන්වහන්සේ යාච්ඤා කළ විට, "දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පලමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙව්ව මැනව" (යොහන් 17: 5).

කුඩා කාලයේදීම යේසුස්වහන්සේ තම ස්වභාවය හා වැඩ කටයුතු පිළිබඳව දැන සිටි බව පෙනේ. යේසුස්වහන්සේට වයස අවුරුදු දොළහක් වන විට යෝසෙප් සහ මරියා පවුල ජෙරුසලමට ගෙන ගියා. ඔවුන් ගෙදර යන අතරමගදී, ඔවුන්ගේ තවලම් වලින් යේසුස්වහන්සේ අතුරුදහන්වීම ගැන ඔවුන් සැලකිලිමත්විය. ඔවුන් නැවත යෙරුසලමට ගිය විට යේසුස්වහන්සේ "දේවමාලිගාවේ මළුවල හිඳ ගෙන, ගුරුවරුන් අතර ඉඳගෙන, ඔවුන්ට ඇහුම්කන්දී ඔවුන් ගෙන් ප්‍රශ්න අසනවා" (ලූක් 2:46). උන්වහන්සේගේ මව යේසුස්වහන්සේගෙන් ඇහුවා ඇයි උන්වහන්සේ අතුරුදහන්වී ඔවුන්ව දුකට පත් කලේ කියලා. ජේසුස්වහන්සේ පිළිතුරු දෙමින්,'' ඔබ මා සෙව්වේ මන්ද? මගේ පියාගේ ගෘහයේ මා සිටිය යුතු බව ඔබ දැන සිටියේ නැද්ද?" (49 පදය). යෝසෙප් සහ මරියා යේසුස්වහන්සේගේ වචන තේරුම් ගත්තේ නැත (50 පදය). තමා අවට සිටින අය ග්‍රහණය කර නොගත් ඕනෑම දෙයක් නම්, යේසුස්වහන්සේ කුඩාකාලයේදීම තමා දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත් පියාණන්වහන්සේ විසින් තමා විසින් කළ යුතු කාර්යය කලින් නියම කර ඇති බවත් දැනසිටි බව පෙනේ.

දේවමාළිගාවේ සිදුවීමෙන් පසු ලූක්තුමා "යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උසින් වැඩී, දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා කෙරෙහි අනුග්‍රහය දැක්වූ බව (ලූක් 2:52). මේ අවස්ථාවේදී යේසුස්වහන්සේගේ මිනිස් අත්දැකීම් උන්වහන්සේ සෑම දෙයක්ම දැන සිටියේ නම්, ඔහුට "ප්‍රඥාවෙන් වැඩීමට" අවශ්‍ය නොවනු ඇත. මෙය යේසුස්වහන්සේගේ මිනිස් අත්දැකීම බව අපි අවධාරණය කරමු. යේසුස්වහන්සේ කිසිවිටෙකත් දෙවියන්වහන්සේවීම නැවැත්වූයේ නැත, නමුත් සමහර කාරණාවලදී පියාණන්ගේ කැමැත්තට අනුව උන්වහන්සේගේ දේවත්වය සඟවා තැබීය. මේ අනුව, පුත්‍රයා ශාරීරික, බුද්ධිමය, සමාජීය හා අධ්‍යාත්මික වර්ධනයට යටත් විය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිසෙකු ලෙස දැනුම උකහා ගැනීමේ අවශ්‍යතාවයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්විය.

යේසුස්වහන්සේ තමා දෙවියන්වහන්සේ බව දැන ගත්තේ කවදාද? ස්වර්ගීය දෘෂ්ටි කෝණයෙන් බලන කල, පුත්‍රයාණන් සදාකාලික, අතීතයේ සිට තමා කවුද සහ උන්වහන්සේගේ භූමික වැඩය කුමක් දැයි දැන සිටියේය. භූමික දෘෂ්ටිකෝණයෙන් බලන කල, ආත්මීක ස්වරූපයෙන් සිටි ජේසුස් වහන්සේගේ ජීවිතයේ මුල් අවධියේදී එම යථාර්ථයට පැමිණියේය. එම කාරණය සිදුවූවිට අපට නිශ්චිතවම දැන ගතනො හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ තමා දෙවියන්වහන්සේ බව දැන ගත්තේ කවදාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries