යේසුස් වහන්සේ යුදෙව් ජාතිකයෙක්ද?



ප්‍රශ්නය: යේසුස් වහන්සේ යුදෙව් ජාතිකයෙක්ද?

පිළිතුර:
යේසුස් වහන්සේ සැබැවින්ම යුදෙව් ජාතිකයෙක්වීද යන ප්‍රශ්ණයට අද ඉමහත් ලෙස මතභේදයන් හා එකඟ නොවන මතයන් ඇති බැවින් අන්තර් ජාලය හරහා කෙනෙක් සොයා බැලිය යුත්තේ එහි නිවරද්‍යභාවය තහවුරු කරගැනීම සඳහාය. මෙම ප්‍රශ්ණයට ප්‍රමාණවත් ලෙස පිළිතුරු දෙන්නට ප්‍රථමයෙන් අපි තවත් ප්‍රශ්ණයක් ඇසිය යුතුවෙමු. යුදෙව්වෙක් යුදෙව් ජාතිකයෙක් යනු කව්ද? මෙම ප්‍රශ්ණයටද මතභේදාත්මක මූලයන් ඇති හෙයින් නිවැරදි සහ නියම පිළිතුර එය ලබා දෙන අය මත රඳා පවතී. නුමුත් හදුන්වාදීමේදී ප්‍රධාන සම්ප්‍රදාය අනුව සම්මත යූදෙව් ආගම, ගතානුගතික සහ ප්‍රතිසංස්කරණ කොටසෙහි අය සමහරවිට එකඟවන්නාවූ කරුණ නම්, "කිසියම් පුද්ගලයෙකුගේ මව යුදෙව්වෙක් හෝ යුදෙව් ජාතිකයෙක් වීනම් හෝ යූදෙව් ආගම වැළඳගැනීමේ ක්‍රමානුකුල ක්‍රියා මාර්ගය අනුගමනය කර ඇත්නම් ඔහු / ඇය යූදෙව්වෙකු බවය".

කෙසේ වුවද හෙබ්‍රෙව් බයිබලයේ ස්ත්‍රී පක්‍ෂයේ පැවත ඒමක් පිළිබඳව කිසිම තැනක සඳහන් කර නොමැති වුවද, ටෝරා හි මෙසේ තේරුම් ගත් හා අදහස් කරන බොහෝ පරිච්ජේද ඇති බවට නූතන රබ්බීවරුන් විශ්වාස කරයි. ඒවා නම් ද්වීතිය කථාව 7:1-5, ලෙවි කථාව 24:10 සහ එස්රා10:23 වේ. එලෙසම උත්පත්ති පොතෙහි යුදෙව් ආගම වැළඳගත් අය පිළිබඳව උදාහරණ වේ (උදා: රූත් මෝවබ්වරියක්, රූත් 1:16, බලන්න රූත් යුදෙව් ආගම වැළඳ ගැනීමට කරන ප්‍රකාශය). මානව වංශ යුදෙව්වෙකු ලෙස ඉන්පසු සෑම අංශුවක්ම සළකණු ලැබේ.

එබැවින් අපි ප්‍රශ්ණ දෙක සළකා බලමු. යේසුස් වහන්සේ මානව වංශික යූදෙව්වෙක්ද? සහ යේසුස් වහන්සේ භක්තිවන්තව යුදෙව් ආගම හැදෑරූ කෙනෙක්ද?

යේසුස් වහන්සේ මානව වංශික යුදෙව්වෙක්ද නැත්නම් එතුමාගේ මව යුදෙව් ජාතිකයෙක් වීද? යේසුස් වහන්සේ පැහැදිලිවම එතුමාගේ දවස් වලදී, භෞතික සෙනඟ හා ගෝත්‍රය සමඟද ඔවුන්ගේ ආගම සමගද එතුමාගේ අනන්‍යතාවය තහවුරු කළ සේක (එහි ඇති වැරදි නිවැරදි කරනු ලැබුවත්). දෙවියන් වහන්සේ හිතාමතාම / ඕනෑ කමින්ම යේසුස් වහන්සේව යුදාවට පිටත් කරහැරිය සේක. "උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක. ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය. නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක" (යොහාන් 1:11-12). ඔබ (අන්‍යජාතීන්) නමස්කාර කරන්නේ කුමකටදැයි දන්නේ නැතයයි එතුමා ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ සේක. නුමුත් (අපි) යුදෙව්වන් නමස්කාර කරන්නේ කුමකටදැයි අපි (යුදෙව්වන්) දනිති. මක්නිසාද ගැලවීම යුදෙව්වන් ගෙන්ය (යොහාන් 4:22).

අළුත් ගිවිසුමෙහි ප්‍රථම පදය යේසුස් වහන්සේගේ යුදෙව් මානවවංශය පිළිබඳ ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ පොත, දාවිත්ගේ පුත්‍රයා, ආබ්‍රහම්ගේ පුත්‍රයා (මතෙව් 1:1) ලෙස හදුන්වනු ලබයි. හෙබ්‍රෙව් 7:14 වැනි පදයන් එය සනාථ කරයි. "මක්නිසාද අපගේ ස්වාමින් වහන්සේ යුදා ගෝත්‍රයෙන් නැඟුටුණු බව ඉතා පැහැදිලිය. ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මොසෙස් කීවේ නැත" (හෙබ්‍රෙව් 7:14). යේසුස් වහන්සේ පැවතෙන්නේ යුදා ගෝත්‍රයෙන් බවත් යුදෙව්වෙක් / යුදෙව් ජාතිකයෙක් යන නාමය ලබන්නේත් ඒ මඟිනි. එසේ නම් යේසුස් වහන්සේගේ මව වනමරියතුමිය ගැන ඔබ පවසන්නේ කුමක්ද? ලූක් 3වන පරිච්ජේදයේ වංශාවලියේ පැහැදිලි ලෙස මරියතුමිය දාවිත් රජගෙන් පැවත එන බවත් යේසුස් වහන්සේට යුදෙව් සිංහාසනයට පැමිණීමට නෛතික අයිතිවාසිකම් ඇති බවත් කිසිම සැකයකින් තොරව යේසුස් වහන්සේ මානවවංශික යුදෙව්වෙක් බවත් ඔප්පු කරනු ලබන්නේ එමඟිනි.

යේසුස් වහන්සේ යුදෙව් ආගම භක්තියෙන් අදහන්නා වූ කෙනෙක්වීද? යේසුස් වහන්සේගේ දෙමව්පියන් කරණකොටගෙන "ස්වාමීන් වහන්සේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ඨ කළ පසු" (ලූක් 2:39). එතුමාගේ, නැන්දා සහ මාමා සෙකරියා සහ එලිසෙබෙත් ද ටෝරා අදහන යුදෙව්වන් වූ බැවින් (ලූක් 1:6) බොහෝවිට මුළු පවුලම යුදෙව් දහම ඉතාමත් වැදගත් ලෙස විශ්වාස කළ අය බව පැහැදිලිව පෙනේ.

කන්ද උඩ දේශණාවේදී (මතෙව් 5:7) නිරතුරුව යේසුස් වහන්සේ ටෝරා සහ අනාගතවක්තෘවරුන්ගේද (මතෙව් 5:17) එපමණක් නොව ස්වර්ගරාජ්‍ය පිළිබඳවද අධීකාරිත්වය සනාථ කළ සේක. එතුමා නිරතුරුව සිනගෝගයට ඇතුල්වූ අතර (ලූක් 4:16) එතුමාගේ ඉගැන්වීම් වලට එකල්හි වූ යුදෙව්වරුන් ගරු කළෝය (ලූක් 4:15). එතුමා යෙරුසලමෙහිද යුදෙව් මාළිගාවෙහිද ඉගැන්විම් (ලූක් 21:37) කළ අතර, එතුමා යූදෙව්වකු නොවුයේ නම් මාළිගාවෙහි එම කොටසට ඇතුළුවීමට කිසිම ආකාරයකින් අවසර නොලැබේ (ක්‍රියා 21:28-30).

යේසුස් වහන්සේ බාහිරවද තමන් යුදෙව්වකු බවට ලකුණු පෙන්නුම් කළ සේක. එතුමාගේ වස්ත්‍රවල ස්සිට්සිට් (යමක් විසිතුරු කිරීම සඳහා අල්ලන, එල්ලෙන ලිහිල් නූල් වලින් සෑදී වාටිය) (ලූක් 8:44, මතෙව් 14:36) අල්ලා තිබුණේ දේව නියෝග / දේව ආඥා සිහි කැඳවන්නෙකු ලෙස මෙහෙවරෙහි යෙදෙන පිණිසය (ගණන් කථාව 15:37-39). එතුමා ශීලය රකින පිණිස පාස්කුව (යොහාන් 2:13) සඳහා යෙරුසලමට පිටත්ව යනු ලැබුවේ (දිවීතීය කථාව 16:16) යුදෙව්වන්ගේ ඉතා වැදගත් මංගල්‍යයක් වනවන්දනා මංගල්‍ය පවත්වන පිණිසය. සුකොත් හෝ කුඩාරම් මංගල්‍යය (යොහාන් 7:2,10) පවත්වන පිණිස එතුමා යෙරුසලමට (යොහාන් 7:14) පිටත්ව ගියේ ටෝරාහි ඇවැසි අන්දමටය. එමෙන්ම එතුමා හනුක්කා, ආලෝකයේ මංගල්‍යය (යොහාන් 10:22) පවත්වන ලද අතර බොහෝවිට රොෂ් හෂානාහ්, හොරනෑවේ මංගල්‍යය (යොහාන් 5:1) යන මෙම අවස්ථා දෙකම පවත්වන පිණිස ටෝරාහි අණකර නොතිබූ නුමුත් එතුමා මංගල්‍යයන් පවත්වන පිණිස යෙරුසලමට ගියේය. පැහැදිලිවම එතුමා යුදෙව් ජාතිකයෙක් බවට සහ (යොහාන් 4:22) යුදෙව්වන්ගේ රජ ලෙසද (මාර්ක් 15:2) හදුන්වා දෙන ලදී. එතුමාගේ උත්පත්තියේ පටන් අවසාන පාස්කු මංගල්‍යය සෙඩාර් (ලූක් 22: 14-15) දක්වාම යේසුස් වහන්සේ යුදෙව් ආගමික ප්‍රතිපදාවනට අවධානය දෙන පිළිපදින කෙනෙකු සේ ජිවත් වූ සේක.



නැවතත් සිංහල මුල් පිටුවට



යේසුස් වහන්සේ යුදෙව් ජාතිකයෙක්ද?