settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ අපගේ උත්තම පූජකයා යන්නෙහි අරුත කුමක්ද?

පිළිතුර


උත්තම පූජක යන පදවිය යේසුස් වහන්සේට දෙන ලද පදවි නාමයන් ගෙන් එකකි. මෙසියස් වහන්සේ, ගැලවුම්කරුවාණන් වහන්සේ, දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ පව්කරුවන්ගේ මිත්‍රයා යන එවැනි තවත් පදවියන් විය. මෙම සෑම පදවිනාමයක්ම එතුමාණන් වහන්සේ කව්ද යන්නටත්, එයින් අපට අර්ථවත් කරවන්නේ කුමක්ද සඳහන් කර දිමටත් විශේෂ අංශයක් වෙත අවධානය යොමු කරයි. හෙබ්‍රෙව් පොතෙහි යේසුස් වහන්සේ උත්තම පූජකයා ලෙස හදුන්වනු ලබයි (හෙබ්‍රෙව් 2:17, 4:14). "පූජකයා" යන වචනය තුළ මූලික අරුත් කිහිපයක් රැඳී ඇත. පළමුව ආගමික වත් පිළිවෙත් වල නියැලෙන්නා ලෙසත් දෙවනුද ශුද්ධ තැනැන්වන්සේ හෝ එවැනි වත් පිළිවෙත් පැවැත්වීමට වෙන් කරනු ලැබූ තැනැත්තා ලෙසත් හදුන්වනු ලැබේ.

පළමුවන පදවි නාමය උත්පත්ති පොතේ 14වෙනි පරිච්ජේදයේදී මුණ ගැසේ. දෙවියන් වහන්සේගේ මිතුරා ආබ්‍රහම්, ඔහුගේ බෑනාව ඒලාම් ගේ හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හෙයින් බේරා ගැනීමට යුද්ධයකට ඇතුල් විය. ඔහුගේ ආපසු ගමනේදී ඔහුට මෙල්කිසදෙක්, සාලෙම්හි රජු සහ උත්තරීතර මහෝත්තමයාණන් වහන්සේගේ පූජකයා මුණ ගැසිනි. "ධර්මිෂ්ඨකමේ රජ" යන විරුදාවලිය ලත් මෙම මනුෂ්‍යයා ආබ්‍රහම්ට ආශීර්වාද කරන ලදුව, මහෝත්තමයාණන් වහන්සේ ජයග්‍රහණය දෙන ලද සේක. මේ නිසා ආබ්‍රහම් යුද්ධයෙන් ලද සියල්ලෙන් 10% කොටස මෙල්කිසදෙක්ට දෙන ලදී. මෙම ක්‍රියාව මඟින් ආබ්‍රහම් මෙල්කිසදෙක්ගේ උසස් පදවිය දෙවියන් වහන්සේගේ පූජකයෙක් ලෙස පිළි ගන්නා ලදී.

අවුරුදු කිහිපයකට පසුව දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ මුණුපුරා වන ලෙවීව පූජක ගෝත්‍රයේ පියා ලෙස පත් කන ලදී. සීනායි කන්දේදී ව්‍යවස්ථා දුන් පසු ලෙවිවරුන් කුඩාරමෙහි සේවකයන් / දාසයන් ලෙසටත් හදුන්වා දෙන ලදී. ව්‍යවස්ථාවට සරිලන පරිදි බොහෝ පූජා ඔප්පු කරමින් සෙනග උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියෙහි මැදහත්කම්කාර කිරීම පූජකවරුන්ගේ වගකීම විය. මෙම පූජකවරුන් අතරින් කෙනෙක් උත්තම පූජකයා ලෙස තෝරා ගන්නා ලදී. එම පූජකයා වසරකට වරක් ගිවිසුමේ දවසේදී පූජාවේ ලෙය ගිවිසුම් පෙට්ටියෙහි තබන පිණිස අති ශුද්ධ ස්ථානයට ඇතුල් විය (හෙබ්‍රෙව් 9:7). දිනපතා සහ වාර්ෂිකව ඔප්පු කරන්නාවූ පුජාවන් නිසා, සෙනගගේ පාපයන් මෙසියස් වහන්සේ පැමිණ ඉවත් කරන තුරු තාවකාලිව වසා දමන ලදී.

යේසුස් වහන්සේ අපගේ උත්තම පූජකයා ලෙස පවසන විට එය පෙර පවසන ලද පූජකත්වයට යොමු කිරීමක් වේ. මෙල්කිසදෙක් සේ එතුමාවද, සීනායි කන්දේදී දෙනු ලැබූ ව්‍යවස්ථාව හැරෙන්නට පූජකයෙක් සේ පත් කරන ලදී (හෙබ්‍රෙව් 5:6). ලෙවි පූජකවරුන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තෘප්තිමත් කරන පිණිස එතුමාව අපගේ පව් උදෙසා ඔප්පු කරන ලදී (හෙබ්‍රෙව් 7:26-27). ලෙවිවරුන්ගේ පූජකයන් මෙන් නිරන්තරයෙන් පූජාවල් ඔප්පු කිරීමට නොව, යේසුස් වහන්සේ තමන්ව එක් වතාවක් ඔප්පු කොට දෙවියන් වහ්සේ කරණකොට ගෙන පැමිණෙන සියලු දෙනා උදෙසා සදාකාල මිදීම ලබාගත් සේක (හෙබ්‍රෙව් 9:12).

යේසුස් වහන්සේගේ පූජකත්වය පිළිබඳ ඉතා වැදගත් කරුණක් නම් හැම පූජකවරයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ මනුෂ්‍යයන් අතරින්ය. යේසුස් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ වුවද මනුෂ්‍යයෙකු සේ මරණය විඳ අපගේ උත්තම පූජකයා වූ සේක (හෙබ්‍රෙව් 2:9). මනුෂ්‍යයෙකු ලෙස අප වාගේම දුර්වලකම් සහ පරීක්‍ෂා කරනු ලැබූ හෙයින්, අපගේ පොර බැඳීම් වලදි අපට පුද්ගලිකව උපකාර කරන්නට හැකිවූ තැනැන්වහන්සේ කෙනෙක්ය (හෙබ්‍රෙව් 4:15). යේසුස් වහන්සේ අන් සියලුම පූජකවරුන්ට වඩා උතුම්ව සිටින සේක. එබැවින් එතුමාණෝ "මහා උත්තම පූජකයා" ලෙස හෙබ්‍රෙව් 4:14 හදුන්වනු ලබයි. එබැවින් " අපට දයාව ලැබෙන පිණිසද අපගේ ඕනැකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු" (හෙබ්‍රෙව් 4:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ අපගේ උත්තම පූජකයා යන්නෙහි අරුත කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries