settings icon
share icon
ප්‍රශ්නය

මතෙව් හා ලූක් සුභාරංචි දෙකෙහි යේසුස් වහන්සේගේ පරම්පරාව වාර්ථාකර ඇති අයුරු වෙනස්ව තිබෙන්නේ ඇයි?

පිළිතුර


යේසුස් වහන්සේගේ පරම්පරාව පිළිබඳව ලියවිල්ලේ ස්ථාන දෙකක සඳහන් කරයි. මතෙව් 1 හා ලූක් 3:23-38. මතෙව් හී පරම්පරාව යේසුස් වහන්සේ සිට ආබ්‍රහම් දක්වා ඉදිරිපත් කරයි. ලූක් හී පරම්පරාව යේසුස් වහන්සේ සිට ආදම් දක්වා ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, මතෙව් හා ලූක් හී ඉදිරිපත් කරන පරම්පරා දෙක එකට එක වෙනස් බව විශ්වාස කිරීම හොඳ හේතුවකි. උදාහරණයකට, මතෙව් හී යෝසෙප්ගේ පියා යාකොබ් යැයි පවසනවා (මතෙව් 1:16), ලූක් හී යෝසෙප්ගේ පියා හේලි ලෙසට ඉදිරිපත් කරන අතර (ලූක් 3:23). මතෙව් හී දාවිත්ගේ පුත්‍රවූ සලමොන්ගෙන් පරම්පරාව ආරම්භ කර ඉදිරිපත් කරයි (මතෙව් 1:6), ලූක් හී දාවිත්ගේ පුත්‍රවූ නාතාන්ගෙන් පරම්පරාව ඉදිරිපත් කරයි (ලූක් 3:31). කෙසේ වෙතත්, දාවිත් හා යේසුස් වහන්සේ අතර, මෙම පොත් දෙකෙහිම පරම්පරාවල් ඉදිරිපත් කිරීමේදී නොවෙනස්ව ඉදිරිපත් කර ඇති නාම දෙක නම් ශෙයෙල්තියෙල් හා සෙරුබ්බාබෙල් (මතෙව් 1:12; ලූක් 3:27).

සමහර මෙම කරුණු සාධක කර ගෙන බයිබලය තුළ දෝශ තිබේ යැයි පවසයි. කෙසේ වෙතත්, යුදෙව්වරු ඉතා පරිස්සමෙන් (ඉතා පරික්‍ෂා සහිත) වාර්ථා ඉදිරිපත් කරන්නෝ, විශේෂයෙන් පරම්පරාවල් ඉදිරිපත් කිරීමේදී. ඉතාමත් පුදුම දෙයකි මතෙව් හා ලූක් එකම පරම්පරාව දෙආකාර වෙනස්වූ ලෙසට ඉදිරිපත් කිරීම. නැවතත්, දාවිත් හරහා යේසුස් වහන්සේට, පරම්පරාව සම්පූර්ණයෙන් වෙනස් ශෙයෙල්තියෙල් හා සෙරුබ්බාබෙල්ගේ නාම පවා වෙනස්වූ ස්ථානවල සඳහන් කර ඇත. මතෙව් හී ශෙයෙල්තියෙල්ගේ පියා යෙකොනියා යැයි සඳහන් කරන අතර ලූක් හී සෙරුබ්බාබෙල්ගේ පියා නේරි ලෙස සඳහන් කරයි. ශෙයෙල්තියෙල් නාමය ඇති මිනිසකුට තම පුත්‍රයාට සෙරුබ්බාබෙල් යන නම දැමීමට පහසුය එම නාමයන් හී ප්‍රසිද්ධ ආලෝකය නිසා (එස්රා, නෙහිමියා පොත් බලන්න).

තවත් පැහැදිලි කිරීමක් නම්, මතෙව් ප්‍රාථමික පරම්පරාව ඉදිරිපත් කරන අතර ලූක් හී “මස්සිනා හා විවාහය” සිදුවීම පිළිබඳව ඉදිරිපත් කරයි. පුරුෂයා තමාට කිසි පිරිමි දරුවකු නැතිව මියැදුනහොත් ඒ පුරුෂයාගේ සහෝදරයා ඒ භාර්යාවව විවාහ කරගෙන ඒ පුරුෂයාගේ නමට පිරිමි දරුවන් ලැබිය යුතුය එය ඒ සිරිතකි. මේ ක්‍රියා වලියන් දාවිත් සිට යේසුස් වහන්සේ දක්වා සෑම පරම්පරාවක ඇති වේ. “මස්සිනා හා විවාහයන්” එය සෑම පරම්පරාවකටම වෙනසට ගණන් දිය යුතුය. මෙය ඉතාමත් වෙනස්වූ / අසමාන දෙයකි.

මෙම කෝනය තුළ, බොහෝ බයිබල් විශාරදයෝ පවසන්නේ ලූක් මරියාගේ පරම්පරාව ඉදිරිපත් කරන අතර මතෙව් යෝසෙප්ගේ ඉදිරිපත් කරන බවට. මතෙව් යෝසෙප්ගේ පරම්පරාව ඉදිරිපත් කරයි (යේසුස් වහන්සේගේ නිත්‍යානුකුල පියා), දාවිත්ගේ පුත්‍රවූ සලමොන් හරහා, ලූක් මරියාගේ පරම්පරාව අනුගමනය කරන අතර (යේසුස් වහන්සේගේ ලේ නෑයෝ), දාවිත්ගේ පුත්‍රවූ නාතාන් හරහා. “බෑණා” යන්නට ග්‍රීක් වචනයක් නැත. එමෙන් යෝසෙප් හේලිගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබුවේ හේලිගේ දුවවූ මරියා විවාහ කර ගැනීමෙනි. එම පරම්පරා පේලි කෙසේවූවත් යේසුස් වහන්සේ දාවිත්ගේ පරම්පරාවෙන් ආ උන් වහන්සේ මෙසියස් වහන්සේ. පරම්පරාවක් මවගේ පැත්තෙන් ඉදිරිපත් කිරීම අසාමාන්‍යයි. නමුත් කන්‍යාවකු දරුවෙකු ඉපදවීමද එසේමය. ලූක් පැහැදිලි කරනවා යේසුස් වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා බවට, “ඉතින් එය අදහසකි” (ලූක් 3:23).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මතෙව් හා ලූක් සුභාරංචි දෙකෙහි යේසුස් වහන්සේගේ පරම්පරාව වාර්ථාකර ඇති අයුරු වෙනස්ව තිබෙන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries