settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ අපගේ පව් උදෙසා මැරුණු සේක යන්නෙහි අදහස කුමක්ද?

පිළිතුර


සරලව පවසන ආකාරයට යේසුස්වහන්සේගේ කුරුසියෙහි මරණයෙන් මිස අප කිසිකෙනෙකුට සදාකාල ඡීවනය නොමැත යන්නයි. යේසුස්වහන්සේ ඒසේම අපට පැවසුවේ මම සැබෑ වූ මාර්ගය ඡීවනය හා සත්‍යයි යන්නයි. මාගෙන් මිස කිසිවෙක් දෙවියන්වහන්සේගේ තුළට නොයාහැකිය (යොහාන් 14:6). මෙහිදී යේසුස්වහන්සේ අපට සනාථ කරනු ලබන්නේ යේසුස් වහන්සේගේ ඉපදීම, මරණය හා නැවත උත්ථානයට හේතුවයි. මිනිස් පාපකාරී සිතකින් ළඟා වි නොහැකි ස්වර්ගයට ළඟා වන්නේ කෙසේද කියා අපට උගන්වා එම මාර්ගය අපට ලබා දෙන පිණිසය.

දෙවියන්වහන්සේ ආදම් සහ ඒව ව ඒදන් උයනේ මැව්ව දවසේදී ඔවුන් ඉතා සම්පූර්ණව සිටි බව උත්පත්ති 2:15 හි සඳහන් වේ. දෙවියන්වහන්සේ උන් වහන්සේගේ ස්වරූපයෙන් මිනිසා මවනු ලැබුවේද සියළු ආකාරයේ තනි තීරණ ගැනීමට ද හැකියාව නිදහස් කරමිනි. උත්පත්ති 3 වන පරිව්ඡේදයේ පැහැදිලිව සඳහන් වන්නේ ආදම් සහ ඒව යක්ශයාගේ සියළු ආකාර පාපයන්ට හසු වූ ආකාරයයි.

මෙලෙස ඔවුන් හට නොකෑ සිටීමට යහපත හා නපුර දැනගැනීමේ ගසින් ඔවුන් අනුභව කරන්නට විය. නුමුත් දෙවියනවහන්සේ ඔවුන්ට අවවාද කරන ලද්දේ නපුර හා යහපත දැනගැනීමේ ගසින් නොකන නුමුත් අන් ඕනෑම ගසකින් කෑමට අවසර දුන්සේක (උත්පත්ති 2:16-17). මෙය මිනිසා විසින් සිදු කරනු ලැබූ පළමු පාපය හා මේ තුළින් සියළු මිනිස් සංහතියටම පාපය උරුම විය. මේ තුළින් ශාරිරික හා ආත්මික මරණය ආදම්ගෙන් අපට උරුම විය.

දෙවියන්වහන්සේ සනාථ කරනු ලැබුවේ පව් කරන සියල්ලන් ශාරිරික හා ආත්මික මරණයට ලක්වෙන බවය. මෙය සියළු මිනිසාගේ අවසානයයි. නුමුත් මෙම උගතෝකෝටික පැනයට දෙවියන්වහන්සේගේ කරුණාව හා ප්‍රේමය තිබෙන බවය. සිය පුත්‍රයාණන්ගේ ලේ වැගිරීම තුළින් මෙය සනාථ වුණු අතර ලේ වැගිරීමක් නොමැතිව ක්ෂමා කිරීමක් නොමැති බව හෙබ්‍රව් 9:22 හි සඳහන් වේ. ලේ වැගිරීම තුළින් නිදහස අපට ලැබුණි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව අපගේ පාපවලට මිදීම සතෙකු පූඡා කිරීම තුළින් පැරණි ගිවිසුම තුළ සඳහන් වෙන නුමුත් සැබවින්ම මෙම පූඡා කිරීම තාවකාලික වන අතර සදාකාලික පූඡාව නම් යේසුස්වහන්සේගේ කුරුසයේ පූඡාවයි (හෙබ්‍රව් 10:10).

මෙම හේතුව කරණකොටගෙන යේසුස්වහන්සේ පැමිණි අතර උන්වහන්සේ අප උදෙසා මැරුණු අතර උන්වහන්සේ අපේ අවසාන හා සම්පූර්ණ යාගය බවට පත්වූවා (කොලොස්සි 1:22,1 පේත්‍රුස් 1:19) යේසුස්වහන්සේ තුළින් අපට සදාතන ඡීවිතය ලැබුණු අතර ගලාති 3:22 හි සඳහන් ආකාරයට විශ්වාසය හා ඇදහිල්ල කරණකොටගෙන අපට සදකාලික ඡීවිතය හිමි වන අතර උන්වහන්සේගේ ලේ ඉහිරීම හා උන්වහන්සේගේ කරුණාව තුළින් පමණක් අපට සදාකාලික ඡීවිතය හිමි වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ අපගේ පව් උදෙසා මැරුණු සේක යන්නෙහි අදහස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries