settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද කියා දැන ගත හැකිද?

පිළිතුර


මතෙව් 24:36-44 හි පවසනවා, "නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත, ස්වර්ගයේ දේව දූතයන් වත් පුත්‍රයා වත් දන්නේ නැත. එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එන සේක් දැයි නුඹලා දන්නේ නැත. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක", බැලු බැල්මට, මෙම පදයන් පැහැදිලි හා සවිස්තරාත්මක පිළිතුරක් සපයනවා ප්‍රශ්නයට. නැත, කිසිවෙකුට දැන ගන්න බැහැ යේසුස් වහන්සේ නැවත පැමිණෙන දවස. කොහොමවුනත් එම පදයන් පවසන්නේ නැහැ කාටවත් කිසිමදාක යේසුස්වහන්සේ නැවත පැමිණෙන දවස දැන ගැනීමට හැකියාවක් නැති බව. බොහෝ බයිබල් විශාරදයින් පවසන්නේ, දැන් ස්වර්ගයෙහි මහිමයට පත් වේ, උන්වහන්සේ නැවත පැමිණීමේ කාලය ගැන දන්නේය, "පුත්‍රයාවත් නැත" ලෙස සඳහන් කරන පදයෙන් අදහස් වන්නේ නැහැ යේසුස්වහන්සේ කවදාවත් දැන ගන්නේ නැති බව උන්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද කියා. ඒ හා සමානව, එය විය හැකියි, මතෙව් 24:36-44 සඳහන් කරන අන්දමට එම අවස්ථාවේදී කාටවත් දැනගන්නට පුළුවන් කමක් නැහැ යේසුස් වහන්සේගේ පැමිණීමේ දවස හා පැය, දෙවියන්වහන්සේ හෙළිකර හැකියි අනාගතයේ මොනයම් කෙනෙකුට හෝ යේසුස්වහන්සේගේ පැමිණීමේ දවස ගැන.

මීට අමතරව, ක්‍රියා1:7හි, ප්‍රකාශ කරනවා "පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැන ගැනීමට නුඹලාට අයිති නැත". මෙය යේසුස්වහන්සේ විසින් පවසන ලද්දේ උන්වහන්සේ එවකට රාජධානිය ඊශ්‍රායෙල් හී නැවත ස්ථාපිත කරන්නට යනවා නම් යන්න ගෝලයන් උන් වහන්සේගෙන් ඇසූ පසුවයි. පෙනෙන පරිදි මතෙව් 24 හි පණිවිඩය සනාථ කරනු ඇත. අපට අයිතියක් නැහැ දැන ගැනීමට යේසුස්වහන්සේ නැවත පැමිණීමේ කාල වේලාව. නමුත් එහි තවත් ඇති ප්‍රශ්නයක් වන්නේ මෙම ඡේදයන් කුමන පැමිණීමටද යොමු වන්නේ කියා. ඔවුන් කතා කරන්නේ ඔසවා ගැනීම ගැන දන්නැති නම් දෙවන පැමිණීම ගැනද?. කුමන පැමිණීමද අප නොදැන සිටින්නේ-ඔසවා ගැනීම, දෙවන පැමිණීම හෝ නැති නම් දෙකමද? එහෙත් ඔසවා ගැනීම ඉතා ආසන්න හා අභිරහස් විදියට ගෙනහැර පානවා, දෙවන පැමිණීමේ කාල වේලාව අන්තිම කාලයේ අනාවැකි පදනම් කරගෙන දැනගැනීමට හැකියාවක් ඇත.

ඒ සමඟම, අපි සම්පූර්ණයෙන්ම මෙය පැහැදිලි කරගනිමු: අප විශ්වාස කරන්නේ නැහැ දෙවියන්වහන්සේ යේසුස්වහනසේගේ නැවත පැමිණීමේ කාල වේලාව කිසිවකුට අනාවරණයකර ඇති බව, එමෙන්ම අප ශුද්ධ ලියවිල්ලේ සඳහන් කර ඇති කිසිවක් දකින්නේ නැහැ දෙවියන්වහන්සේ කවදාවත් යේසුස්වහන්සේගේ නැවත පැමිණීමේ කාල වේලාව කිසිවකුට අනාවරණය කරයි යනුවෙන්. මතෙව් 24:36-44, යේසුස්වහනසේගේ කාලය තුළ ජනයාට කෙලින්ම කතා කළ විට, පොදු මූල ධර්මයද අඩංගු වේ. යේසුස්වහනසේගේ පැමිණීමේ කාල වේලාව හා කාල පරිඡ්චේදයේ අවසානය ගැන දැන ගැනීමට අපට අයිතියක් නැත. ශුද්ධ ලියවිල්ලේ කොහේවත් අනුබල දෙන්නේ නැහැ අපට දිනය තීරණය කිරීමට උත්සහ කරන්න. අපට තියෙන්නේ "අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එන සේක් දැයි නුඹලා දන්නේ නැත" (42 පදය). අපට තියෙන්නේ "සෑදි සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක" (44 පදය). සමහර කාරණා යේසුස්වහන්සේගේ වචන වල අදහස හීන කරනවා අනාගතයේදී යම් කිසි කෙනෙකුට උන්වහන්සේ නැවත එන කාල වේලාව තීරණය කිරීමට හැකියාවක් ඇති වුවොත්. දවස සොයා ගැනීමට පුළුවන් වුනොත් , අපිට තවදුරටත් "අවදිව සිටින්න" හා "සෑදි සිටින්න" අවශ්‍යවන්නේ නැත. එබැවින් මතෙව් 24:36-44 ඇති මූලධර්ම සමඟ, නැහැ, කාටවත් දැන ගැනීමට හැකියාවක් නැහැ යේසුස්වහන්සේගේ නැවත පැමිණෙන දවස.

මෙම පැහැදිලි බයිබල් මූලධර්මය නොසලකා, බොහෝ ක්‍රිස්තියානි ඉතිහාසය මුළුල්ලෙහි උත්සහකර තිබෙනවා අනාවැකි කියන්නට යේසුස්වහන්සේගේ නැවත පැමිණෙන දවස. බොහෝ එවැනි දවස් යෝජනා කර තිබෙනවා, එමෙන්ම ඒ සියල්ලම සාවද්‍ය වී තිබෙනවා. මෑතකදී යෝජනා වූ දින දෙකක් තිබෙනවා, ජනප්‍රිය ලෙස යෝජනා වූ දවස් වන්නේ: මැයි21, 2011 සහ දෙසැම්බර් 21, 2012. දෙසැම්බර් 21, 2012 දවස සම්බන්ධ වන්නේ මායා වරුන්ගේ දින දර්ශනයටයි, එමෙන්ම සාක්ෂි ලෙස බයිබලය හා සම්බන්ධ තොරතුරු භාවිත කොටනැත. මැයි 21, 2011, "විනිශ්චයේ දවස" මෙම දවස යෝජනා කරනලද්දේ Harold Camping of Family Radio මඟින්ය. අප සටහන් කරගත යුතුයි හැරල්ඩ් කඳවුර මීට පෙර අනාවැකි කියා තිබෙනවා යේසුස්වහන්සේ 1994 දී නැවත පැමිණෙනවා යන වග. නිසැකවම, එම කඳවුර වැරදිය. එම කඳවුර මැයි 21, 2011, දිනයට ශුද්ධ ලියවිල්ලේ සාක්ෂි ඇති බව කියා සිටියේය. 4990 B. C. විචාරාත්මක දිනයක් භාවිත කරමින් ගංවතුර සඳහා, පසුව යොදා ගනිමින් 2 පේතෘස් 3:8 හි "ස්වාමින්වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය" උත්පත්ති7:4 දවස් හතකට, පසුව පහලට ගණන් කරමින් 4990 සිට අවුරුදු 7000 ක්, ප්‍රතිඵලය වූයේ ලෙස 2011 අවුරුද්දයි. ඵසුව උත්පත්ති7:11 සහ ගෙබ්‍රෙව් දින දර්ශණය යොදා ගනිමින් "දෙවනි මස දස සත්වෙනි දිනයෙහි" මත පදනම්ව, මැයි21 වන දිනය තීරණය කරන ලදි. ඉතින්, කඳවුරෙහි ක්‍රමවේදයට වලංගු භාවයක් තිබුණේද?

පළමුව, එම කඳවුර පහසුවෙන් 2පේතෘස් 3:8 හි දෙවන භාගය මග හැරියේය, "අවුරුදු දහසක් එක දවසක් මෙන්ය". තව දුරටත් 2 පේතෘස් 3:8 මාර්ගයක් සපයන්නේ නැහැ. අන්තිම කාලය සඳහා දවසක් තීරණය කිරීමට. 2 පේතෘස් 3:8 සරලව පවසනවා දෙවියන්වහන්සේ කාලයට ඉහළින් හා කාලයට පසුව සිටින බව. දෙවියන්වහන්සේ කාල රහිතය, සීමා සහිතය සහ සදාකාලිකය. දෙවනුව, උත්පත්ති 7:4-11 පදයේ පෙන්වා දෙන්නේ නැහැ "දවස් සත" හා "දෙවනි මස දසසත්වෙනි දිනයන්". දෙවියන්වහන්සේ නෝවාට විශේෂයෙන් පවසන ලද දෙයට හැර වෙන කිසිවකට අර්ථකතනයක් කළ යුතු ලෙස යොදා ගනිමින්. තුන්වනුව, ගංවතුර ආරම්භ කරන ලද්දේ 4990 B. C. දවස්වලදීය. මෙය විචාත්මක ලෙස නිවැරදියි කිසිම නිශ්චිත බයිබලයේ සාක්ෂි නොමැතිව. මැයි 21,2011 කඳවුරේ ගණනය කිරීම, වඩාත් මූලික බයිබලානුකුල සියුම් පරීක්ෂණයකට යටත්ව වෙන්ව සිටී. යේසුස්වහන්සේට හැකියාවක් තිබුණද නැවත පැමිණෙන්න මැයි 21, 2011? ඔව්, මන්ද උන්වහන්සේ වෙනත් ඕනෑම දවසක නැවත පැමිණිය හැකියි. හැරල්ඩ් කඳවුරේ එම සුවිශේෂ දින වෙන් කිරීමේ ක්‍රම වේදයට කිසියම් බයිබලානුකුල වලංගු භාවයක් තිබුනේද?. නැත, එසේ නැත. එම කඳවුර හා වෙනත් අය අනිවාර්‍යයෙන්ම නව අනාගත දිනයන් ගණනය කරාවී, එමෙන්ම ඔවුන් උත්සහ කරාවී පැහැදිලි කරන්නට ඔවුන්ගේ වැරදි "සූත්‍රයේ වැරදි" මඟින් හෝ ඒ සඳහා යම් දෙයක්.

ප්‍රධාන කරුණු වන්නේ 1) බයිබලය අපට කොහේවත් අනුබල දෙන්නේ නැහැ යේසුස්වහන්සෙගේ නැවත පැමිණීමේ දිනයන් අනාවරණය කිරීමට උත්සහ කරන්න හා 2) බයිබලය යේසුස්වහන්සේගේ නැවත පැමිණීම ස්ථිර කර ගත හැකි පැහැදිලි දත්තයන් ලබා දෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් සංවර්ධනය කිරීමට හා විචාරාත්මක ගණනය කිරීම් වෙනුවට යේසුස්වහන්සේගේ නැවත පැමිණීම කවදාද යන්න තීරණය කරගැනීමට බයිබලය අපට අනුබල දෙන්නේ "අවදිව සිටින්න" හා "සෑදී සිටින්න" (මතෙව් 24:42-44). යේසුස්වහනසේගේ නැවත පැමිණීමේ දිනයේ සිද්ධිය නොදැන සිටීම අපව අභිප්‍රේරණය කරනවා ආලෝකයේ ජීවත් වන්නට ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම තෙක්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද කියා දැන ගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries