settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ ළමා කාලය අතර තුර කුමක් සිදුවීද?

පිළිතුර


ලූක් 2:41-52 දක්වා හැරෙන්නට බයිබලය යේසුස් වහන්සේගේ තරුණ කාලය ගැන යමක් පවසා නැත. මෙම සිදුවීම තුළින් යේසුස් වහන්සේගේ ළමා කාලය පිළිබඳ යම් කාරණා අපට දැන ගත හැකිය. පළමු කරුණ එතුමා, ආගමික චාරිත්‍ර පිළිපදින භක්තිමත් දෙමව්පියන්ගේ පුත්‍රයෙක් විය. පසුකර යාමේ මංගල්‍ය සඳහා යෝසෙප් සහ මේරි වාර්ෂිකව යෙරුසලෙම වෙත යෑමේ වන්දනා ගමන ඔවුන්ගේ ඇදහිල්ලට ඇවසි පරිදි සිදුවිය. ඒ සමඟම ඔවුන්ගේ අවුරුදු 12 වියැති ඔවුන්ගේ පුත්‍රයාවද ඔහුගේ පළවෙනි මංගල්‍යය සමරණ පිණිසද, 13 වෙනි වියට පත්වීමේ යුදෙව්වරුන්ගේ මංගල්‍යයට සූදානම් කරණ පිණිසද, එනම් යුදෙව් පිරිමි දරුවෙකු වැඩිහිටි භාවයට පත්වීමේ ගමනය අනුස්මරණයට සූදානම් කරණ පිණිසද රැගෙන ආවෝය. මෙහිදී අපට ආකෘතික පවුලක නියමානුකුල පිරිමි දරුවෙකු දකින්නට ලැබේ.

මෙම කතන්දරයෙන් යේසුස් වහන්සේ දේව මාළිගාවෙහි සුනංගුවීම දඟකාර හෝ අකීකරුකමේ ක්‍රියාවක් නොවන බවත්, තමාගේ පියාගේ වැඩයෙහි යෙදිය යුතුය යන බවට ඔහු තුළ ස්වභාවයෙන්ම රැඳී තිබුණාවු දැන ගැන්ම ක්‍රියාත්මක වූ බවක් පෙනේ. ඥානය සහ දැන ගැන්ම කරණකොටගෙන දේව මාළිගාවෙහි විසූ ගුරුවරුන් මවිතයට පත්කරමින් එතුමාගේ අසාමාන්‍ය හැකියාවන් හරහා කතා කරමින්, සවන් දෙමින් හා ප්‍රශ්ණ අසමින් ගුරුවරුන් මවිතයට පත්කරමින් තමාගේ වයසට සුදුසු වැදගත් දරුවෙකු බව පෙන්නුම් කරන ලද්දේය.

මෙම සිදුවීමෙන් පසු එතුමාගේ බෞතීස්මය වයස අවුරුදු 30 හේදී සිදුවිය. ලූක් 2-51 අනුව තරුණ යේසුස් යෙරුසලම අත හැර තම දෙමව්පියන් සමඟ නාසරත් නුවරට පැමිණි බවත් "ඔවුන්ට කීකරුව විසූ බවත්" අප කවුරුත් දන්නා කරුණකි. එතුමා තමන්ගේ මේ පොළොවෙහි දෙමව්පියන්ට යටත්ව 5වෙනි පනත සම්පූර්ණ කළ බවත් ඉතා වැදගත් කොටසක් වන මෝසෙස්ගේ ව්‍යවස්ථාව පූර්ණ කීකරුකමකින් යුක්තව අප උදෙසා සම්පූර්ණ කළ බවත් ප්‍රකට කරුණකි." යේසුස වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයන්ගේත් කරුණාවෙහිද වැඩුණු සේක" (ලූක් 2:52).

මෙම සියල්ල අප දැන ගත යුතු බවට දෙවියන් වහන්සේ පැහැදිලිවම අධිෂ්ඨාන කළ සේක. මීට අමතරව යේසුස් වහන්සේගේ තරුණ කාලය පිළිබඳ සඳහන් වන බයිබලීය ලියවිලි ඇත (ශුද්ධ තෝමස් විසින් ලියන ලද ශුභාරංචිය). නුමුත් මේ කිසිදු කතන්දරයක නිවරද්‍ය භාවය හෝ විශ්වාස කළ හැකි බව දැන ගැනීමට අපට ක්‍රමයක් නැත. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ළමා කාලය පිළබඳ බොහෝ දේ පැවසීමෙන් වැළකීම තෝරා ගන්නට ඇත. එබැවින් අප දැන ගත යුතු සියල්ල අපට දන්වා ඇති බව විශ්වාස කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ ළමා කාලය අතර තුර කුමක් සිදුවීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries