යේසුස්වහන්සේ බව්තිස්මය සනාපනය ලැබුවේ මන්ද? උන් වහන්සේගේ බව්තීස්මය වැදගත් වන්නේ කුමක් නිසාද?


ප්‍රශ්නය: යේසුස්වහන්සේ බව්තිස්මය සනාපනය ලැබුවේ මන්ද? උන් වහන්සේගේ බව්තීස්මය වැදගත් වන්නේ කුමක් නිසාද?

පිළිතුර:
එක එල්ලේ බලන කල යේසුස්වහන්සේගේ බව්තිස්මය කිසිම හරයක් නොමැති දෙයක් ලෙස පෙනේ. යොහානගේ බව්තිස්මය පසුතැවිල්ලේ බව්තිස්මයයි. (මතෙව් 3:11) නමුත් යේසුස්වහන්සේ පාප රහිත බැවින් පසුතැලි වීමට අවශ්‍යතාවයක් නැත. යේසුස්වහන්සේ තමා වෙත පැමිණෙන විට යොහාන් තුමා පුදුමයට පත් විය. යොහාන් තුමා තමාගේ පාපිබව හදුනාගෙන තිබු බැවින් තමාට පව් ගැන පසුතැවිලි වීමට අවශ්‍ය බව දැන සිටි අතර යේසුස් වහන්සේ වැනි පාප රහිත දෙවියන්ගේ බැටඵ පැටවා බව්තිස්ම කිරීමට තමා නුසුදුසු බවද දැන සිටියේය. ඔබෙන් බව්තීස්ම ස්නාපනය ලැබිය යුතතේ මමය. එහෙත් ඔබ මා වෙත එන සේක්ද? (මතෙව් 3:14) නමුත් යේසුස් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ එය සිදුවිය යුත්තේ දේව කැමැත්ත මුඵ මනින්ම ඉටු කිරීම අපට සුදුසුය යනුවෙනි (මතෙව් 3 : 15).

යේසුස්වහන්සේගේ ප්‍රසිද්ධ මෙහෙවර ආරම්භයේ දී උන්වහන්සේ බව්තිස්ම කිරීමට යොහාන් තුමා සුදුස්සෙකු බවට බොහෝ හේතු ඇත. උන්වහන්සේ තමන්ගේ මහත් ක්‍රියාවන් සිදු කිරීමට සුදානම් වීමේ දී එතුමාව තමාගේ පෙරමග දුතයා වශයෙන් පිලිගනු ලැබීම අතීශයෙන් වැඩදායක විය. යොහාන්තුමා වනාහී පාලූකරයේ හඩය යනුවෙන්. යෙසායා ප්‍රකාශ කල අතර ජනතාවට පසුතැලි වී තමන්ගේ මෙසියස් වහන්සේ පැමිණිමට සුදානම් වන ලෙසද දැන්වීය. (යෙසායා 40:3) යේසුස්වහන්සේව බව්තිස්ම කිරීම මගින් යොහාන් තුමා සැමට ප්‍රකාශ කලේ ඔවුන් බලාසිටි දෙවියන්වහන්සේගේ පුත්‍රයාවු සහ දෙවියන්වහන්සේ ප්‍රකාශ කල අන්දමට ශුද්ධාත්මයෙන් සහ ගින්නෙන් බව්තිස්ම කරන්නාවු තැනැන්වහන්සේ මෙම තැනැත්තා බවය. (මතෙව් 3 : 11)

යොහාන් වනාහි ලෙවී ග්‍රෝත්‍රයට අයත් ආරොන්ගේ පරම්පාරවේ කෙනෙක් බව සලකන විට යේසුස්වහන්සේ යොහාන් විසින් බව්තිස්ම කරනු ලැබිම යන්න ගැන තවත් මුහුණුවරක් එකතුවේ. යොහාන් තුමාගේ දෙමාව්පියන් දෙදෙනාම ආරොන්ගේ පුජක පරපුරේ අය බවද ලූක් තුමා අවධාරණය කරයි. (ලූක් 1:5) පැරණි ගිවිසුමේ සදහන් පුජකයන්ගේ එක් කාර්ය භාරයක් වුයේ ස්වාමින් වහන්සේට පුජාවන් ඔප්පු කිරීමය. යොහාන් තුමා යේසුස්වහන්සේව බව්තිස්ම කිරීම වනාහි අන්තිම යාගය ජුජකයන් ලෙස ඔප්පු කිරීමය. එම දිනට පසුවදා යොහාන් තුමාගේ ලියවිල්ලේ සදහන් මෙම වදන් තුල පුජක යාග ඔප්පු කිරීමේ වාතාවරණයක් ඇත. මෙන්න ලෝකයේ පාපය දුරලන දෙවියන්වහන්සේගේ බැටඵ පොතකයාණෝ (යොහාන් 1:29).

යේසුස්වහන්සේගේ බව්තිස්මය මගින් පෙනියන තවත් කරුණක් නම් උන්වහන්සේට පව්කාරයන් සමග සම්බන්ධතාවයක් තිබු බවය. එතුමාගේ බව්තිස්මය තුලින් පව්කරුවන් ක්‍රිස්තුස්වහන්සෙගේ ධර්මිෂ්ඨකමට බව්තිස්ම කරනු ලබන බවත්, එතුමන් සමග මරණයට පත්වී, නව ජීවනයකට ඇතුලත් වීමට හැකි වන බවත්ය. උන්වහන්සේගේ පරිසමාප්ත ධර්මිෂ්ඨකම මගින් පව්කරුවන් හට තමන්ගේ හැකියාවන් කිසිදිනක ඉටුකර ගැනීම ගැන සිතීමටවත් නොහැකි වු නිතිමය අවශ්‍යතාවයන් සම්පුරණ කිරීමට හැකිවේ. පාපයෙන් තොරවු දේව පුත්‍රයාණන් බව්තිස්ම කිරීමට යොහාන් පසුබට වු විට යේසුස්වහන්සේගේ පිලිතුරු වුයේ දේව කැමැත්ත ඉටු කිරීම යෝග්‍ය බවය. (මතෙව් 3:15). මේ මගින් තමන්ගේ පාපයන් එතුමාගේ ධර්මිෂ්ඨකමට හුවමාරු කරන සියඵ දෙනාහට එතුමා සපයන ධර්මිෂ්ඨකම ගැන ඉගියක් පල කල සේක. (2 කොරින්ති 5:21).

යේසුස්වහන්සේ යොහාන් වෙතින් බව්තිස්ම කරනු ලැබීමට පැමිණිමෙන් තවදුරටත් දැක්වෙන්නේ උන්වහන්සේ යොහාන්ගේ බව්තිස්මය අනුමත කරන බවත්, ඒ සදහා සාක්ෂි දැරීම මගින් එම බව්තිස්මය දෙවියන්වහන්සේගේ අනුමැතිය මත ස්වර්ගයෙන් පැමිණි දෙයක් බවය. අන් අය මතු කාලයේදී යොහාන් තුමාගේ බලය ගැන සැක පහල කරන විට, විශේෂයෙන්ම හෙරොද් යොහාන් සිරගත කල පසුව මෙම කරුණ ඉතා වැදගත් වනු ඇත. (මතෙව් 14:3–11).

ඊටත් වඩා ඉතා වැදගත් වනුයේ මෙම බව්තිස්මය සිදුවීම තුල මතු පරම්පරාවල අය හට ස්වර්ගයේ මහිමය සමග දෙවියන්වහන්සේ පුත්‍රයාණන් කෙරෙහි දැක්වු ප්‍රසන්න භාවය සහ ශුද්ධාත්මය යේසුස් වහන්සේ තුලට වැඩම කිරීම දෙවියන්වහන්සේගේ ත්‍රිත්වය පිළිබදව ශෝභන රූප රාමුවක් වේ. (මතෙව් 3:16–17) යේසුස්වහන්සේ විසින් ගැලවීම ලබා ගැනිමට තෝරාගත් අයහට පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්ගේ බලය එමගින් දැක්වේ. ලෝකය පටන් ගැන්මට පෙර සිටම උන්වහන්සේ තෝරා ගත් අයට ප්‍රේම කල සේක. (එපිස 1 : 4) උන්වහන්සේ නැතිවුවන් සොයා ගලවා ගැනීමට තම පුත්‍රයා එවුසේක. (ලූක් 19 : 10) එමෙන්ම ශුද්ධාත්මය පාපය දුරු කරයි. (යොහාන් 16 : 8) එමෙන්ම ඇදහිලිවතුන් පුත්‍රයාණන් මගින් පියාණන් වෙත ලගා කරයි. කරුණාවේ මහිමය වන සත්‍යතාවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් එතුමාගේ බව්තිස්ම අවස්ථාවේ දී ප්‍රදර්ශන විය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
යේසුස්වහන්සේ බව්තිස්මය සනාපනය ලැබුවේ මන්ද? උන් වහන්සේගේ බව්තීස්මය වැදගත් වන්නේ කුමක් නිසාද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න