settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයේ අර්ථය සහ එහි ඇති වැදගත්කම කුමක්ද?

පිළිතුර


යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානවූ පසු එතුමාණන්ව "ජීවමානව ප්‍රකාශ වෙන්ට සැලැස්සූ සේක" (ක්‍රියා 1:3) සොහොන් ටැඹ අසල කාන්තාවට (මතෙව් 28: 9-10) එතුමාගේ ගෝලයන්ට (ලූක් 24:36-43) සහ තවත් 500 දෙනෙකුට (1 කොරින්ති 15:6). එතුමාගේ උත්ථානවීමෙන් පසු යේසුස් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව ඉගැන්වූ සේක (ක්‍රියා 13). උත්ථානවීමෙන් 40 දවසකට පසු යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් හා යෙරුසලෙම අසල පිහිටි ඔලිව කන්දට නැඟුණ සේක. මෙහිදී එතුමාණන් වහන්සේ තමන් අනුගමනය කළාවූ අයට, ඉතා ඉක්මනින් ඔවුන් ශුද්ධ ආත්මයාණන් වහන්සේ ලබන බවට පොරොන්දුවක් දෙමින්, එතෙක් යෙරුසලමේ රැඳී සිටින පිණිස උපදෙස් දුන් සේක. ඉන්පසු යේසුස් වහන්සේ ඔවුන් ආශීර්වාද කොට ස්වර්ගයට ආරෝහණයවීම ආරම්භ කළ සේක. යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය පිළිබඳ ලූක් 24:50-51 සහ ක්‍රියා 19:1 හි දක්නට හැකිය.

ලියවිල්ලෙහි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ස්වර්ගාරෝහණය සත්‍ය බවත් එතුමාණන් ශාරීරිකව ස්වර්ගයට නැඟුණ බවත්ය. එතුමාණන් අනුක්‍රමයෙන් සහ දෘශ්‍යමානාකාරයෙන් නැගිටීම අධිෂ්ඨාන පූර්වකව බලා සිටි බොහෝ දෙනෙකු වූවෝය. යේසුස් වහන්සේ ගේ අවසාන දර්ශණය දෙස බැලීමට ගත් උත්සාහය වළාකුළු එතුමා වසා ගැනීම සහ ඔවුන්ගේ දර්ණ පථයෙන් ඉවත්වීමත් සමගම දේව දූතයන් දෙදෙනෙකු ප්‍රකාශවී යේසුස් වහන්සේ ගිය ආකාරයටම පැමිණෙන බව දන්වා සිටියෝය (ක්‍රියා 1:11).

යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය බොහෝ කරුණු වලට අරුතක් ගෙන දේ.

1. එතුමාණන්ගේ භුමික සේවයෙහි අවසානය සනිටුහන් කරන ලදී. පියාණන්වූ දෙවියන් වහන්සේ ප්‍රේමය නිසා තම පුතුන් පොළොවෙහි බෙත්ලෙහෙම නම් ස්ථානයට එවනු ලදුව, දැන් පුත්‍රයාණන් වහන්සේ නැවතත් යෑම කරණකොටගෙන සීමාසහිත පෘථග්ජන කාලපරිච්ජේදය නිමාවිය.

2. භුමික සේවයේ සාර්ථකත්වය විදහා දක්වන ලදී. තමන් වහන්සේ විසින් සම්පූර්ණ කරන පිණිස භාර දෙන ලද සියල්ල සම්පූර්ණ කරණ ලදී.

3. නැවත ස්වර්ගීක සේවයට පිවිසීම සනිටුහන් කරණ ලදී. යේසුස් වහන්සේගේ මහිමය භුමිකව සිටි කාලය තුළ වැස්මකින් වැසී තිබුණ අතර අන් වෙසක්වීමේදී පමණක් එය ඉවත්විය (මතෙව් 17:1-9).

4. පියාණන් වහන්සේ විසින් එතුමාණන් උසස් කරණු ලැබීම පෙන්නුම් කරණ ලදී (කොලොස්සි 1:20-23). පියාණන් වහන්සේ ඉතා ප්‍රසන්නව සිටි තැනැත්තා (මතෙව් 17:5) ලෙස ගෞරවයෙන් පිළිගනු ලැබූ අතර සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන් සේක (පිලිප්පි 2:9).

5. එය අපට ස්ථානයක් පිළියෙල කරණ පිණිස අවකාශය සලසා දුන්නේය.

6. එතුමාගේ නව ක්‍රියාව වන උත්තම පූජක තනතුරේ (හෙබ්‍රෙව්4:14-16) සහ නව ගිවිසුමෙහි මැදිහත්කරු යන තනතුරුවල ආරම්භය විය (හෙබ්‍රෙව් 9:15).

7. එතුමාගේ නැවත පැමීණීමේ සැලසුම ඉන් සාදන ලද්. යේසුස් වහන්සේ තමන් වහන්සේගේ රාජ්‍ය පිහිටුවන්නට එන කල්හි, එතුමාණන් වහන්සේ ගිය ආකාරයෙන්ම, වචනානුසාරයෙන්ම, ශාරීරිකව දෘශ්‍යමානු ආකාරයෙන් වළාකුළුවල පැමිණෙනවා ඇත. (ක්‍රියා 1:11, දානියෙල් 7:13-14, මතෙව් 24:30, එළිදරව් 1:7).

දැනට ස්වාමීවූ යේසුස් වහන්සේ ස්වර්ගයෙහි වැඩ වසන සේක. ලියවිල්ල බොහෝ අවස්ථාවල එතුමා පියාණන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිටින බවට පිංතුරයක් දක්වයි. එහි ගෞරවය සහ අධිකාරිත්වය වේ (ගීතාවලිය 110:1, එපීස 1:20, හෙබ්‍රෙවි 8:1). ක්‍රිස්තුස් වහන්සේ හිසව සිටින සේක (කොලොස්සි 1:18). ආත්මීක දීමනා දානය කරන තැනන් වහන්සේය (එපීස 4:7-8). එතුමා සියල්ල සම්පූර්ණ කරන්නාවූ තැනන්වහන්සේය (එපීස 4: 9-10). ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය භුමික සේවයෙන් ස්වර්ගික සේවයට සංක්‍රමණයවීම විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයේ අර්ථය සහ එහි ඇති වැදගත්කම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries