යේසුස්වහන්සේ කුමන අවස්ථාවක හෝ උදහස් වූ සේක්ද?



ප්‍රශ්නය: යේසුස්වහන්සේ කුමන අවස්ථාවක හෝ උදහස් වූ සේක්ද?

පිළිතුර:
යේසුස්වහන්සේ දේවමාලිගය මුදල් මාරු කරන්නන් සහ සතුන් වෙළදාම් කරන්නන් ඉවත් කළ අවස්ථාවේදී උන්වහන්සේ බලවත් උද්වේගයක් සහ උදහසකින් පසු වුනු සේක. (මතෙව් 21:12–13; මාර්ක් 11:15–18; යොහාන් 2:13–22). යේසුස් වහන්සේගේ හැගීම් විස්තර කරනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි වූ “උද්යාග” ලෙසය (යොහාන් 2:17). උන්වහන්සේගේ උදහස පවිත්‍ර සහ යුක්ති සහගත වූයේ එහී මූලයෙහි සිතිවිල්ල වූයේ දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය සහ නමස්කාරය හෙයිනි. මේ සියල්ල අවධානම් සහිත වූ හෙයින් යේසුස්වහන්සේ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියා මාර්ගයක් ගත් සේක. තවත් අවස්ථාවක යේසුස්වහන්සේ උදහසට ලක් වූයේ කපර්ණවුවමේ සිනගෝගයේදීය. පරිසිවරුන් යේසුස්වහන්සේගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී “උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී උදහස් වී ඔවුන් වටකර බලා” (මාර්ක් 3:5).

බොහෝ අවස්ථාවල අප උදහසට ලක්වීම පිළිබදව සිතනු ලබන්නේ අපගේ ජීවිතයෙන් මුලිනුපුටා දැමිය යුතු ආත්මාර්ථකාමී, විනාශකාරී හැගීමක් ලෙසය. කෙසේ නමුත් යේසුස් වහන්සේ සමහර අවස්ථාවන්හී උදහසට ලක්වීම අගවනු ලබන්නේ උදහස හැගීමකි එය නිරාචාරී බවය. මෙය නව ගිවිසුමේ වෙනත් ස්ථාන වල ඉස්මතුවේ. එපිස 4:26 හී අපට උපදෙස් දෙනු ලබන්නේ “කෝප වුනත් පව් නොකරල්ලා” ඉර බසින තුරු කෝපය පවතින්නට ඉඩ නාරින ලෙසය. මෙහි ආඥාව නම් “උදසහ මගහරින” ලෙස නොව (නොහොත් මැඩ පැවැත්වීම හෝ නොසලකා හැරීම) එනමුත් ඒ සමග නිසි ආකාරව කාලෝචිත අන්දමකින් කටයුතු කරන ලෙසය. පහත සදහන් යේසුස් වහන්සේගේ උදහසට ලක්වීම් පෙන්නුම් කිරීම් පිළිබදව සැලකිල්ලට ගත යුතුය:

1 උන්වහන්සේගේ උදහසට නිසි අභිප්‍රේරණයක් තිබිණි. වෙනත් වචන වලින් කිවහොත් උන්වහන්සේගේ උදහසට ලක්වූයේ නිවැරදි හේතු කරණකොට ගෙනය. යේසුස්වහන්සේගේ උදහස සුළු තර්ක තුළින් හෝ උන්වහන්සේට විරුද්ධවූ පුද්ගලික ව්‍යාජෝපායන් තුළින් පැණ නොනැගුණු සේක. ආත්මාර්ථකාමිත්ව අන්තර්ගත නොවීය.

2 උන්වහන්සේගේ උදහසට නිසි අවධානය යොමු වී තිබිනි. උන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙහි හෝ අන්‍යයන්ගේ දුර්වලතාවයන් කරණකොටගෙන උදහසට ලක් නොවුණු සේක. උන්වහන්සේගේ උදහස ඉලක්ක වූයේ පව්කාර හැසිරීම සහ සැබෑ අසාධාරණය කෙරෙහිය.

3 උන්වහන්සේගේ උදහසට නිසි පරිපූරකයක් තිබිණ. මාර්ක් 3:5 හි සදහන් වන ආකාරයට උන්වහන්සේගේ උදහස පරිසිවරුන්ගේ ඇදහිල්ල මද කම හේතුවෙන් ශෝකය හා සමග පැවතුනු බවය. යේසුස්වහන්සේගේ උදහස පැන නැගුණේ පරිසිවරුන් කෙරෙහි වූ ප්‍රේමය සහ ඔවුන්ගේ ආත්මික තත්වය පිළිබදවූ සැලකිල්ල හේතු කොටගෙනය. එය වෛරය හෝ ක්‍රෝධය සමග කිසිඳු සම්බන්ධයක් නොවීය.

4 උන්වහන්සේගේ උදහසට නිසි පාලනයක් තිබිණ. යේසුස්වහන්සේ තමන්ගේ උදසහ තුළදී පවා කිසි විටක පාලනයෙන් තොර නොවූ සේක. දේවමාළිගයේ නායකයින් උන්වහන්සේ දේවමාළිගය පවිත්‍ර කිරීම පිළිබදව කැමැත්ත පළ නොකළහ (ලුක් 9:47), එනමුත් උන්වහන්සේ පව්කාර කිසිවක් නොකළ සේක. උන් වහන්සේ එතුමන්ගේ හැගීම් පාලනය කොට ගත් සේක; උන්වහන්සේ හැගීම් එතුමන්ව පාලනය කළේ නැත.

5 උන්වහන්සේගේ උදහසට නිසි කාල සීමාවක් තිබිණ. උන්වහන්සේගේ උදහස තිත්තකමට හැරීමට එතුමන් ඉඩ නෑරිය සේක; උන්වහන්සේ කිසිඳු ද්වේශකමක් පවත්වා නොගත් සේක. උන්වහන්සේ සෑම තත්වයක් හා සමගම නිසි ආකාරයට කටයුතු කළ සේක, උන්වහන්සේ තම උදහස යහපත් කාලයක් තුළ හසුරුවා ගත් සේක.

6 උන්වහන්සේගේ උදහසට නිසි ප්‍රතිඵල තිබිණ. උන්වහන්සේගේ උදහස තුළ දිව්‍යමය ක්‍රියාකාරිත්වයේ අනිවාර්‍යය ප්‍රතිවිපාක තිබිණ. උන්වහන්සේගේ උදහස සියලූ හැගීම් මෙන් දේව වචනය හා සමග සෝදිසි කොට තිබූ අතරම ඒ අනුව යේසුස්වහන්සේගේ ප්‍රතිචාර මගින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කරනු ලැබූ සේක.

අප උදහසට ලක්වූ විට නිතරම පාහේ අනිසි පාලනයකින් යුක්තව හෝ අනිසි අවධානයකට යොමු වන්නෙමු. අප ඉහත කී කරුණු එකකින් හෝ කිහිපයකින් අසාර්ථක වන්නෙමු. මෙය මනුෂ්‍යය උදහස වේ, මේ හා සම්බන්ධව අපට පවසා ඇත්තේ “නමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා, කථා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය” (යාකොබ් 1:19–20). යේසුස්වහන්සේ මනුෂ්‍යයාගේ උදහස ප්‍රදර්ශනය නොකළ සේක, එනමුත් එවෙනුවට පරිපූර්ණ සහ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ට කෝපය විය.



නැවතත් සිංහල මුල් පිටුවට



යේසුස්වහන්සේ කුමන අවස්ථාවක හෝ උදහස් වූ සේක්ද?