settings icon
share icon
ප්‍රශ්නය

මම යේසුස්වහන්සේව මගේ ජීවිතයේ ස්වාමියා කරගන්නේ කෙසේද?

පිළිතුර


ප්‍රධාන දෙය නම් යේසුස්වහන්සේ දැනටමත් ඔබේ ජීවිතයේ ස්වාමියා බව තේරුම් ගැනීමයි. අපි යේසුස්වහන්සේව ස්වාමීන්වහන්සේ කරන්නේ නැහැ. යේසුස් වහන්සේ සමිඳාණන්වහන්සේය. අප කළ යුතුව ඇත්තේ උන්වහන්සේගේ ස්වාමිත්වයට යටත් වීමයි. යේසුස්වහන්සේගේ ස්වාමිත්වයට අපගේ ප්‍රතිචාරය සඳහා තවත් වචනයක නම් "යටත්වීම" යන්නයි. යටත්වීම යනු තව කෙනෙකුගේ කැමැත්තට සහ පාලනයට යටත් වීමයි. කිතුනුවන් සම්බන්ධයෙන් ගත් කල, එය යේසුස්වහන්සේගේ කැමැත්තට සහ පාලනයට යටත්වීම වේ. මෙයින් අදහස් කරන්නේ ශුද්ධ ලියවිල්ල ඇදහිලිවන්තයන්ට එකිනෙකාට ප්‍රේම කරන ලෙස අණ කළවිට (යොහාන් 5:17) කළ යුත්තේ එයයි. එයින් අදහස් කරන්නේ අප කාමමිථාචාරය හෝ සොරකම් නොකළ යුතු බව ශුද්ධ ලියවිල්ලෙහි පවසන විට (නික්මයාම 20:14-15) මේ දේවල් නොකළ යුත බවයි. දෙවියන්වහන්සේගේ අඥා වලට යටත්වීම හෝ කීකරුවීම ක්‍රිස්තියානි වර්ධනය හා පරිණතභාවයට සම්බන්ධ වන අතර එය කිතුනුවකු වීමට සම්බන්ධ නොවන බව වටහා ගත යුතුය. පුද්ගලයෙකු ක්‍රිස්තියානියෙකු වන්නේ ක්‍රියාවන්ට අමතරව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණ. (එපීස 2:8-9).

සම්පූර්ණ කීකරුකම ඉටු කිරීමට කැමැත්තෙන් හෝ කෙනෙකුගේ අභ්‍යන්තර ශක්තියෙන් එය කළ නොහැකි බව අප වටහා ගත යුතුය. අප එය කිරීමට "තිරණය" කරන නිසා එය සිදු නොවේ. මෙයට හේතුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරිත්වය හා බලය හැරුණුවිට ඇදහිලිවන්තයන් පවා පව්කාර හැසීරීම් සහ සිතුවිලි වලට නැඹුරු වීමයි. කීකරු වීමට නම්,අප තුළ වාසය කරන ශුද්ධාත්නයාණන්වහන්සේ විසින් සපයන ලද බලය මත රඳා සිටිය යුතුය (යොහාන් 14:16-17). මෙය කීකරුකමකි. මක්නිසාද ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන ලෙස එපීස 5:18 හි අපට අණ කර ඇත. මින් අදහස් කරන්නේ ඇදහිලිවන්තයෙකු ආත්මයාණන්වහන්සේ ගෙන් වැඩි යමක් ලැබෙන බව නොවේ. නමුත් ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාගෙන් වැඩිපුර යමක් ලබා ගනී. එය යටත් වීමේ සම්පූර්ණ අදහසයි. ආත්මයෙන් පූර්ණ වීම ආත්මයේ පාලනයට යටත් වේ. ප්‍රායෝගිකව කිවහොත්, මෙය සිදු වන්නේ ඇදහිලිවන්තයෙකු ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීමට ධනාත්මකව ප්‍රතිචාර දක්වන බැවිනි. මෙයින් අදහස් කරන්නේ යමෙකු පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේව සේවයට යොමු කරන෿ ඇතැයි යන හැඟිම සහ එම හැඟීමට කීකරු වීමය. එයින් අදහස් කරන්නේ අපට අයුතු ලෙස සැලකු කෙනෙකුට කරුණාවෙන් ප්‍රතිචාර දැක්වීම වැනි අප ගන්නා එදිනෙදා තීරණ වලටය (රෝම 12:17). අන් අය සමඟ අපගේ සන්නිවේදනයේ සත්‍යවාදී වීම (එපීස 4:25) අපගේ ව්‍යාපාර ගනු දෙනු වලදී අවංකවීම (එපීස 4:28) නැතහොත් අපට අණ කර ඇති පරිදි යාච්ඤාවෙන් කාලය ගත කිරීම සහ දේව වචනය අධ්‍යයනය කිරීම (2 තිමොති 2:15). මේවා ක්‍රිස්තුස්වහන්සේට යටත්වීම පෙන්නුම් කරන දෛනික තීරණ සඳහා උදාහරණ කිහිපයක් පමණි.

අප කීකරුවීමට අපොහොසත් වූ විට පවා දෙවියන් වහන්සේ ඒ සඳහා විධිවිධාන සලසා ඇති අතර එමඟින් අපට උන්වහන්සේ සමඟ ඇසුරු කළ හැකිය. "අපේ පාප කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක" යනු වෙන් පළමුවන යොහාන් 1:9 හි ප්‍රකාශ කරයි. මෙය පවා යටත්වීමේ කොටසකි. අපගේ පාප දෙවියන්වහන්සේට පාපොච්චාරණය කිරීමෙන් අපට උන්වහන්සේ සමඟ ඇසුරු කළ හැකිය. දැඩි තීරණ ගන්නා විට, අප කළ යුතු පළමු දෙය නම්, නිවැරදි තීරණයක් ගැනීමට සහ / හෝ වචනයෙන් නිවැරදි යැයි අප දැනටමත් දන්නා දෙයට කීකරුවීමට අපට උපකාර කරන ලෙස ස්වාමින්වහන්සේ ගෙන් ඉල්ලා සිටීමයි.

ක්‍රිස්තුස්වහන්සේගේ ස්වාමිත්වය පිළිබඳ අදහස සාරාංශ කිරීම සඳහා, එය එක් කීකරු ක්‍රියාවකින් සමන්විත නොවන අතර එයඅපගේ කීකරුකමේ එකතුවෙන් මනිනු ලැබේ. එය අපගේ ශක්තියෙන් හෝ බලයෙන් ඉටු කළ නොහැක. නමුත් අප තුළ වාසය කරන ශුද්ධත්මායාණන්වහන්සේ කෙරෙහි අප විශ්වාස තබන විට අපි නිරන්තයෙන් ශක්තිමත් වන්නෙමු (2 කොරින්ති 12:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම යේසුස්වහන්සේව මගේ ජීවිතයේ ස්වාමියා කරගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries