settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ උන් වහන්සේගේ මරණය හා නැවත නැගිටීම අතර වූ තුන් දවසේ සිටියේ කොහේද?

පිළිතුර


1 පේත්‍රැස් 3 : 18-19 හි මෙසේ සඳහන් වේ. “මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේකු උන් වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූ සේක. එම ආත්මයෙන් උන් වහන්සේ උන් වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනා කළ සේක.”

18 වන පදයේ සඳහන් “මාංසය සම්බන්ධයෙන්” යන වැකි කඩෙහි “ආත්මයෙන්” යන වැකි කඩෙහි සංදර්භයම ඇතුළත්ය. එබැවින් “ආත්මයෙන්” යන වචනය මාංසයෙන් යන වචනයෙහි විෂයටම අදාළ කිරීම හොඳ යයි පෙනී යන්නේය. මාංසය හා ආත්මය ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය හා ආත්මය වන්නේය. “ආත්මය සම්බන්ධයෙන් (තුළ) ජීවත් කරනු ලැබූ සේක” යන වචනය තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ පාප-දැරීම හා මරණය උන් වහන්සේගේ මිනිස් ආත්මය පියාණන් වහන්සේගෙන් වෙන්වීමට සැලැස්වූ කාරණය වෙත යොමු කරන්නේය (මතෙව්27 : 46). මතෙව්27 : 46 හා රෝම 1 : 3-4 මෙන් පරස්පර විරෝධි බව ඇත්තේ මාංසය හා ආත්මය අතර මිස ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය හා ශුද්ධාත්මයාණන් අතර නොවේ. පව් උදෙසා ක්‍රිස්තුස් වහන්සේගේ වන්දි ගෙවීම සම්පූර්ණවූ පසු බිඳි තිබූ සහභාගිත්වය උන් වහන්සේගේ ආත්මය විසින් යළි ආරම්භ කරන ලදී.

1 පේත්‍රැස් 3 : 18-2 හි ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම (18 පදය) හා උන් වහන්සේගේ මහිමයට පත්වීම (22 පදය) අතර අනිවාර්ය සම්බන්ධ කිරීමක් විස්තර කරන්නේය. එම සිද්ධීන් දෙක අතර සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ නියත තොරතුරක් ඉදිරිපත් කරන්නේ පේත්‍රුස් පමණය. 19 පදයේ සඳහන් “දේශනා කළසේක” යන වචන ශුභාරංචිය දේශනා කිරීම විස්තර කිරීමට අලුත් ගිවිසුමෙහි භාවිතා කරන වචනය නොවේ. එහි වචනාර්ථයෙන් අදහස් වන්නේ පණිවිඩයක් ප්‍රකාශ කිරීමකි (රැගෙන යාමකි). යේසුස් වහන්සේ දුක්විඳ කුරුසියෙහි මැරුන සේක. උන් වහන්සේගේ ශරීරය මරා දමනු ලැබූ අතර උන් වහන්සේ පාපය වූ අවස්ථාවේ උන් වහන්සේගේ ආත්මය මිය ගියේය. එහෙත් උන් වහන්සේගේ ආත්මය ජීවත් කරනු ලැබ එය පියාණන් වහන්සේට යටත් කළ සේක. පේත්‍රැස් ප්‍රකාශ කරන පරිදි යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැගිටීම අතර කාලයේ උන් වහන්සේ “හිරගෙයි සිටි ආත්ම වලට” විශේෂ ප්‍රකාශයක් කළ සේක.

පේත්‍රැස් අදාළ කළේ නෝවාගේ කාලයේ සිටි සෙනඟගේ ආත්ම වලට මිස 22 පදයේ සඳහන් “ආත්ම” වලට නොවේ (3 : 20). අලුත් ගිවිසුමෙහි “ආත්ම” යන වචනය භාවිතා කර ඇත්තේ මිනිසුන් සඳහා නොව දේවදූතයන් හෝ යක්‍ෂයින් විස්තර කිරීමටය. 22 පදය මෙය විස්තර කරන්නේය. එමෙන්ම යේසුස් වහන්සේ පාතාලය බැහැ දකින්නාට ගිය බව බයිබලයේ කොතැනක හෝ සඳහන් වන්නේ නැත. අලුත් ඇමෙරිකානු සම්මත බයිබලය (New American Standard Bible) හි ක්‍රියා 2 : 31 අනුව උන් වහන්සේ හේදීසට ගිය සේක. එහෙත් “හේදීස” යනු පාතාලය නොවේ. “හේදීස” යන වචනය අදාළ කරන්නේ නැවත නැඟිටුවන ලබන තෙක් මළවුන් රුඳී සිටින තාවකාලික ස්ථානයකටය. NASB හා අලුත් ජාත්‍යන්තර අනුවාදය (New International Version) හි එළිදරව්20 : 11-15 දක්වා පදවලින් මෙම ස්ථාන දෙක අතර ඇති පැහැදිලි වෙනස විස්තර කරයි. පාතාලය යනු මංමුළාවූ (නැතිවූ) අයගේ විනිශ්චයේ අවසාන හා සදාකාල ස්ථානයයි. හේදිස යනු තාවකාලික ස්ථානයකි.

අපගේ ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ ආත්මය පියාණන් වහන්සේට යටත් කළ සේක. ඇතැම් අවස්ථාවක නෝවාගේ කාලයේ ජලගැල්මට පෙර උන් වහන්සේ පණිවිඩයක් බෙදා දුන් ආත්ම ඇති මළවුන්ගේ රාජ්‍යය බැහැදැකීමට ගිය සේක (ඒ වැටුනු දේවදූතයින් විය හැක. යූද් 6 බලන්න). 20 වන පදය මේබව පැහැදිලි කරයි. මෙම සිරගතව සිටින ආත්ම වලට උන් වහන්සේ ප්‍රකාශ කළේ කුමක්දැයි පේත්‍රැස් නොපවසයි. නමුත් දේවදූතයින් ගැළවීමට ගෙන ආ නොහැකි බැවින් එය ගැලවීම පිළිබඳ පණිවිඩයක් විය නොහැකිය (හෙබ්‍රෙව්2 : 16). එය බොහෝවිට සාතන් හා ඔහුගේ සේනාවන් ජය ගැනීම ප්‍රකාශ කිරීමක් විය හැක (1 පේත්‍රැස් 3 : 22; කොලොස්සි 2 : 15). ක්‍රිස්තුස් වහන්සේ “පාරාදීසයට” (ලූක් 23 : 43) ගොස් උන් වහන්සේගේ මරණයට පෙර උන් වහන්සේ කෙරෙහි අදහාගත් සියල්ලන් ස්වර්ගයට ගෙන ගිය බව එපීස 4 : 8-10 ද හඟවන බව පෙනී යයි. සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව විශාල විස්තරයක් එම කොටසින් ඉදිරිපත් නොකරයි. එහෙත් “වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙන යාම” යන්නෙන් අදහස් වන්නේ එය බවට බොහෝ බයිබල් විශාරදයින් එකඟ වේ.

ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම අතර වූ දින තුනේදී නියත වශයෙන් කළේ කුමක්ද යන්න ගැන බයිබලයේ සම්පූර්ණයෙන්ම පැහැදිලි නැත. එහෙත් උන් වහන්සේ පොළොවට හෙලනු ලැබූ දේවදූතයින්ගෙන් හා / හෝ නොඇදහිලිවන්තයින්ගෙන් ජය ගැනීම පිළිබඳව දේශනා කළ බව පෙනී යන්නේය. අපට සහතිකවම දැන ගත හැක්කේ යේසුස් වහන්සේ සෙනඟට ගැළවීම සම්බන්ධයෙන් දෙවන අවස්ථාවක් නොදෙන බවය. මරණයෙන් පසු දෙවන අවස්ථාවක් නොලබන බව හා විනිශ්චයට මුහුණ දෙන බව බයිබලය අපට පවසයි (හෙබ්‍රෙව් 9 : 27), යේසුස් වහන්සේ උන් වහන්සේගේ මරණය හා නැවත නැගිටීම අතර කාලයේදී කරමින් සිටියේ කුමක්ද යන්න ගැන අවසාන පැහැදිලි පිළිතුරක් ඇත්තේ නැත. ඇතැම්විට මෙයද අප මහිමයට පත්වූ විට තේරුම් ගන්නා අභිරහස් වලින් එකක් වන්නට පුළුවන.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ උන් වහන්සේගේ මරණය හා නැවත නැගිටීම අතර වූ තුන් දවසේ සිටියේ කොහේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries