settings icon
share icon
ප්‍රශ්නය

මම වෙමි යයි පැවසූ අවස්ථාවේදී යේසුස්වහන්සේ ඉන් කුමක් අදහස් කළ සේක්ද?

පිළිතුර


පරිසිවරුන් නැගූ ප්‍රශ්ණයට එනම් “ඔබ කව්රුන් යයි ඔබ සිතන්නෙහිද” යන්නට ප්‍රතිචාර ලෙස එතුමාණන් කියනු ලැබුවේ “ඔබගේ පියාණන් වන ආබ්‍රහම් මාගේ දවස දැකීම පිළිබද සිතිවිල්ල තුළ පවා ප්‍රීති විය”; “ඔහු එය දැක ප්‍රීතිමත් විය.” “ඔබට තවමත් වයස අවුරුදු පනහ වී නැතැයි” යුදෙව්වන් ඔහුට කීවේය එලෙසම “ඔබ ආබ්‍රහම්ව දැක ඇත.” සැබවක් මම නුඹට කියමි යේසුස්වහන්සේ පිළිතුරු දුන් සේක “ආබ්‍රහම් ඉපදෙන්නටත් ප්‍රථමයෙන් මම වෙමි.” එම කීමට ඔවුන් ගල් ගසනු වස් ගල් අතට ගත්හ, එනමුත් යේසුස්වහන්සේ දේවමාළිගාවේ භූමියෙන් පිටව ගොස් කිසිවකුට නොපෙනෙන්ට ඉවත්ව ගිය සේක. යුදෙව්වන් විසින් යේසුස්වහන්සේට මම වෙමි යන වාචකයට දෙනු ලැබූ දරුණු ප්‍රතිචාරය තුළින් හගවනු ලැබුවේ උන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබූ දේ ඔවුන් විසින් පැහැදිලිව තේරුම් ගනු ලැබූ බවය – එනම් දෙවියන්වහන්සේ තමන්වහන්සේට නික්මයාම 3:14 හි දෙනු ලැබූ පටබැදි නාමය වන මම වෙමි යන්නට උන්වහන්සේ තමන් වහන්සේව සම කරනු ලැබූ බවය.

යේසුස්වහන්සේට හුදෙක්ම උන්වහන්සේ ආබ්‍රහම්ගේ වකවානුවට ප්‍රථමයෙන් පැවැතුණු බවට ප්‍රකාශ කිරීමට අවශ්‍යය වුණි නම් “ආබ්‍රහම්ට ප්‍රථමයෙන් මම සිටියෙමි” ලෙස ප්‍රකාශ කරන්ට තිබූ සේක. ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ විට “වූයෙමි” ලෙස ආබ්‍රහම් පිළිබදව කියැවෙන අතර “වෙමි” ලෙස යේසුස් වහන්සේ පිළිබදව කියැවෙන නමුත් ඒවා බොහෝ සෙයින් වෙනස්ය. ආත්මයාණන්වහන්සේ මගින් තෝරා ගත් වචන තුළින් පැහැදිලි වන්නේ ආබ්‍රහම් ජීවියෙකු ලෙස ගෙන එනු ලැබූ නමුත් යේසුස්වහන්සේ සදාකාලයටම පැවැතුණු බවය (යොහාන් 1:1). උන්වහන්සේ කියූ දේ යුදෙව්වන් තේරුම් ගත් බවට සැකයක් නොමැත්තේ එතුමාණන් දෙවියන් වහන්සේ හා සම වීම හේතුකොටගෙන ඔවුන් උන්වහන්සේව මරණු වස් ගල් අතට ගත් හෙයිනි (යොහාන් 5:18). මෙවන් ප්‍රකාශනයක් සත්‍යය නොවුනි නම් දේවාපාහසය ලෙස සැලකුනු අතර මෙසෛයිකි නීතිය මගින් නිර්දේශ කරනු ලැබූ දඩුවම නම් මරණය වේ (ලෙවි කථාව 24:11–14). එනමුත් යේසුස්වහන්සේ කිසිඳු දේවාපාහසයක් නොකළ සේක; උන්වහන්සේ දෙවියන්වහන්සේ වූ සේක එලෙසම වන සේක, දේවත්වයේ දෙවන පුද්ගලයා වන අතර සෑම අයුරකින්ම පියාණන්වහන්සේට සමාන වූ සේක.

“මම වෙමි” යන වාක්‍ය ඛණ්ඩය යේසුස්වහන්සේ උන්වහන්සේ පිළිබදව කළාවූ ප්‍රකාශයන් හතක භාවිතා කළ සේක. එම ප්‍රකාශයන් හතේම උන්වහන්සේ මම වෙමි යන්න අතිවිශාල රූපක හා සමග සංයෝග කරනු ලබන්නේ මුළු ලෝක සමූහයා කෙරෙහිම උන්වහන්සේගේ ගැළවීමේ සබදතාවය ප්‍රකාශ කරනු වස්ය. යොහාන් පොතෙහි සියල්ලම දක්නට ලැබේ. ඒවා නම් මම ජීවනදායක කෑම වෙමි (යොහාන් 6:35, 1, 48, 51); මම ලෝකයේ ආලෝකය වෙමි (යොහාන් 8:12); මම බැටළුවන්ගේ දොරටුව වෙමි (යොහාන් 10:11; 14); මම යහපත් බැටළු එඞේරා වෙමි (යොහාන් 10:11, 14); මම ජීවනයත් මරණයත් වෙමි (යොහාන් 11:25); මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි (යොහාන් 14:6); සහ මම සැබෑවූ මිදිවැල වෙමි (යොහාන් 15:1,5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම වෙමි යයි පැවසූ අවස්ථාවේදී යේසුස්වහන්සේ ඉන් කුමක් අදහස් කළ සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries