settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන් වහන්සේ කව්ද?

පිළිතුර


ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනන්‍යතාව පිළිබඳව බොහෝ දුර්මත ඇත. ඇතැම්අය ශුද්ධාත්මයාණන් වහන්සේ ගුප්ත බලවේගයක් ලෙස හඳුන්වති. ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නන් හට ලබාගත හැකි පුද්ගලයෙකු සමිබන්ධ නුවු (අපුද්ගල) බලයක් ලෙස අන් අය හඳුනා ගනිති. ශුද්ධාත්මයාණන්ගේ අනන්‍යතාව පිළිබඳව ශුද්ධ බයිබලය කුමක් පවසන්නේද? සරළව පවසතොත් ශුද්ධ බයිබලය පවසන්නේ ශුද්ධාත්මයානන් දෙවියන් වහන්සේ බවය. එසේම ශුද්ධාත්මයාණන් වහන්සේ මනසක්, හැඟීම්හා කැමැත්ත ඇති ජීවියකු බවද ශුද්ධ බයිබලය පවසයි.

ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේ බව ක්‍රියා 5 : 3-4 පද ඇතුළු දේව වචනයේ බොහෝ ස්ථානවල පැහැදිලි ලෙස පෙනෙන්නට ඇත. පේත්‍රුස් මෙහිදී ශුද්ධාත්මයාණන් හට බොරු කලේ මන්දැයි අනනියස්ගේ මූහුණටම කියා පෑවේය. එසේම ඔහු බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට යයි කීවේය. එය ශුද්ධාත්මයාණන්ට බොරු කීම දෙවියන් වහන්සේට බොරු කීම බව පැහැදිලිවම ප්‍රකාශ කිරීමකි. උන් වහන්සේට දෙවියන් වහන්සේගේ උපලක්‍ෂණ නැතිනම්ස්වාභාවික ලක්‍ෂණ ඇති බැවින්ද ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව අපට දැනගත හැක. උදාහරණයක් ගෙනහැර දක්වන්නේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සර්වවාසි බව ගීතාවලිය 139 : 7-8 හි දක්නට ලැබේ. “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙමිද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්නෙමිද? මම ස්වර්ගයට නැගුනෙම් නුමුත් ඔබ එහිය ෂෙයෝලයෙහි මාගේ යහන පිළියෙල කෙරෙමි නුමුත් ඔබ එහිය. 1 කොරින්ති 2 : 10 හි ශුද්ධාත්මයාණන්ගේ සර්වඥතා ඥානයේ (සියල්ල පෙනෙන නුවන) ස්වාභාවික ලක්‍ෂණය දකින්නෙමු. “නුමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරවු කළ සේක. මක්නිසාද ආත්මයාණන් වහන්සේ සියලු දේ එසේය දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් විමසන සේක. මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.”

මනසක්, හැගීම්හා කැමැත්තක් ඇති බැවින් ශුද්ධාත්මායාණන් පුද්ගලයෙකු බව අපි දනිමු. ශුද්ධාත්මයාණන් සිතන සේක, දන්නා සේක (1 කොරින්ති 2 : 10). ශුද්ධාත්මයාණන් වහන්සේට දුක සිතෙන්නේය (එපීස 4 : 30). ආත්මයාණන් අප උදෙසා මැදහත්කම්කරන සේක (රෝම 8 : 26-27). ශුද්ධාත්මයාණන් උන් වහන්සේගේ කැමැත්ත අනුව තීරණ ගන්නා සේක (1 කොරින්ති 12 : 7-11). ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේය, ත්‍රිත්වයේ තුන්වන තැනැන් වහන්සේය. ශුද්ධාත්මයාණන් යේසුස් දෙවියන් වහන්සේ ලෙස සැනසිලිකාරයාණන් හා මන්ත්‍රීවරයාණන් ලෙස යේසුස් වහන්සේගේ පොරොන්දු පරිදි ක්‍රියා කරන සේක (යොහන් 14 : 16,26, 15 : 26).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන් වහන්සේ කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries