settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය යනු කුමක්ද?

පිළිතුර


ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය දෙවියන්වහන්සේගේ බලයයි. ත්‍රිත්වයේ තුන්වන පුද්ගලයා වන ආත්මයාණන් වහන්සේ ශුද්ධ ලියවිල්ල පුරාම පෙනී සිට ඇති අතර, උන්වහන්සේ විසින් බලවත් ක්‍රියා ප්‍රකාශ කරනු ලැබේ. උන් වහන්සේගේ බලය මුලින්ම දුටුවේ මැවීමේ ක්‍රියාවෙනි, මක්නිසාදයත් උන්වහන්සේගේ බලයෙන් ලෝකය බිහිවූ බැවිනි (උත්පත්ති 1:1-2; යෝබ් 26:13). දෙවියන්වහන්සේගේ කැමැත්ත ගෙන ඒමට ශුද්ධාත්මයාණන් වහන්සේ පරණ ගිවිසුමේ මිනිසුන්ට බලය ලබා දුන්නේය: "එබැවින් සාමුවෙල් තෙල් තුලාව ගෙන ඔහුගේ සහෝදරයන් ඉදිරියේ අභිෂේක කළේය. එතැන් පටන් ස්වාමීන් වහන්සේගේ ආත්මය දාවිත් කෙරෙහි බලයෙන් පැමිණියේය" (1 සාමුවෙල් 16:13; නික්මයාම 31:2-5; ගණන්කථාව 27:18 ද බලන්න). පරණ ගිවිසුමේ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෙනඟ තුල ස්ථිරවම වාසය නොකළද, උන්වහන්සේ ඔවුන් තුළින් ක්‍රියා කර ඔවුන්ට තනිවම කළ නොහැකි දේවල් සාක්ෂාත් කර ගැනීමට බලය ලබා දුන්නේය. සැම්සන්ගේ සියලු ශක්තිය සෘජුවම ආරෝපණය කර ඇත්තේ ආත්මයාණන්වහන්සේ ඔහු වෙතට පැමිණීමෙනි (විනිශ්චයකාරයෝ 14:6, 19; 15:14).

ස්ථිර මඟ පෙන්වුම්කරු, ගුරුවරයෙකු, ගැළවීමේ මුද්‍රාවක් සහ ඇදහිලිවන්තයන්ට සැනසිලිකරුවෙකු ලෙස යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේ පිලිබඳව පොරොන්දු විය (යොහන් 14:16-18). ශුභාරංචියේ පණිවුඩය ලොව පුරා පතුරුවා හැරීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තම අනුගාමිකයන්ට උපකාර කරන බවට උන්වහන්සේ පොරොන්දු විය: "නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කෙරෙහි පැමිණිවිට ඔබ බලය ලබනු ඇත; ඔබ යෙරුසලමේත්, යුදයේ, සමාරියේත්, පොළොවේ කෙළවර දක්වාත් මාගේ සාක්ෂිකරුවෝ වන්නෝය " (ක්‍රියා 1: 8). ආත්ම වල ගැලවීම යනු අධිස්වභාවික ක්‍රියාවක් වන අතර එය කළ හැක්කේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ලෝකයේ ක්‍රියා කාරිවිමේන් පමණි.

පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයන් කෙරෙහි පැමිණීම, එය නිහඩ සිදුවීමක් නොව බලවත් සිදුවීමක් විය. "පෙන්තකොස්ත දවස පැමිණි විට ඔවුන් සියල්ලෝම එක තැනක සිටියහ. හදිසියේම දරුණු සුළඟක් හමා එන්නාක්මෙන් අහසින් පැමිණ ඔවුන් වාඩිවී සිටි මුළු නිවසම පුරවා ගත්තේය. ගින්නෙන් දිවෙන භාෂාවක් ලෙස පෙනෙනදේ ඔවුන් දුටුවේය. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, ආත්මයාණන්වහන්සේ ඔවුන්ට උපකාර කළ පරිදි වෙනත් භාෂා වලින් කථා කිරීමට පටන් ගත්හ "(ක්‍රියා 2:1-4). එකෙණෙහිම ගෝලයන් පෙන්තකොස්ත මංගල්‍යය සඳහා යෙරුසලමේ රැස්ව සිටි සෙනඟට කතා කළා. මෙම ජනයා විවිධ ජාතීන්ට අයත් අය වන අතර එබැවින් විවිධ භාෂා කතා කළහ. ගෝලයන් ඔවුන්ගේම අන්‍ය භාෂාවෙන් කථා කළ විට ඔවුන් පුදුමයට පත්විය(5-12 පද)! පැහැදිලිවම, මෙය මාස ගණනක් හෝ අවුරුදු ගණනක් අධ්‍යයනය නොකර ගෝලයන්ට තනිවම කළ හැකි දෙයක් නොවේ. ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය එදින විශාල පිරිසකට ප්‍රකාශවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස 3,000 ක් පමණ ජිවිත පරිවර්තනය විය (41 පදය).

යේසුස්වහන්සේගේ භූමික දේවසේවයේදී, ශුද්ධාත්මයාණන්ගෙන් (ලූක් 4:1), ආත්මයාණන්වහන්සේ විසින් මෙහෙයවන ලදි (ලූක් 4:14), හාස්කම් කිරීමට ආත්මයාණන් විසින් බලය ලබා දීඇත (මතෙව් 12:28). යේසුස්වහන්සේ ස්වර්ගයට ගිය පසු, ප්‍රාතිහාර්‍යයන් කිරීමට ආත්මයාණන්වහන්සේ ප්‍රේරිතයන්ට සන්නද්ධ විය (2 කොරින්ති 2:12; ක්‍රියා 2:43; 3:1–7; 9:39–41). අන්‍ය භාෂාවෙන් කථා කිරීම, අනාවැකි කීම, ඉගැන්වීම, ප්‍රඥාව සහ තවත් බොහෝදේ අධ්‍යාත්මික දීමනා බෙදාහැරීම තුළින් ශුද්ධාත්මයාණන්ගේ බලය මුල් සභාවේ සියලුම ඇදහිලිවන්තයන් අතර දක්නට ලැබුණි.

යේසුස්ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ම ශුද්ධාත්මයාණන් විසින් වහාම හා ස්ථිරව වාසය කරයි (රෝම 8:11). ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයන් තුළ සහ උන්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීම සඳහා තවමත් ක්‍රියා කරයි. උන්වහන්සේගේ බලය අපව මෙහෙයවයි, අපට ඒත්තු ගන්වයි, අපට උගන්වයි, උන්වහන්සේගේ වැඩ කිරීමට හා ශුභාරංචිය පතළ කිරීමට අපව සන්නද්ධ කරයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලගතු වාසස්ථානය අප කිසිවිටෙකත් සැහැල්ලුවට නොගතයුතු පුදුමාකාර ත්‍යාගයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries