settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේ පුද්ගලයෙක්ද?

පිළිතුර


බොහෝ අයවලූන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබද ඉගැන්වීම ව්‍යාකූලටවේ. ශුද්ධාත්මයාණන්වහන්සේ යනු බලවේගයක්ද, පුද්ගලයෙක් හෝ වෙනත් යමක් වේද? දේව වචනය තුළින් කුමක් උගන්වනු ලබයිද?

ශුද්ධාත්මයාණන්වහන්සේ සැබවින්ම පුද්ලගයෙකු බව අවබෝධ කර ගනු වස් දේව වචනය අපට බොහෝ ක්‍රම සපයයි. එනම් උන්වහන්සේ පුද්ගලයෙකු සම්බන්ධ නොවූ දෙයක් නොව පුද්ගලික පැවැත්මක් ඇති කෙනෙකු බවත්ය. පළමුවෙන්ම ආත්මයාණන්වහන්සේ පිළිබද සදහන් කෙරෙන්නාවූ සෑම සර්ව නාමයක්ම "ඔහු" ලෙස සදහන් වන නමුත් "එය" ලෙස සදහන් නොවේ. ශුද්ධාත්මයාණන්වහන්සේ යන පුද්ගලයා පිළිබද ස්ථිර කිරීමේදී නව ගිවිසුමේ මුල් ග්‍රීක භාෂාව ඉතා නිශ්චිතවේ. "ආත්මයාණන්වහන්සේ" යන වචනය (නියුමා) යන්න නපුංසක ලිංග වචනයක් වන අතර ව්‍යාකරණ එකගතාවයක් ඇති කර ගැනීම සදහා ස්වභාවිකවම නපුංසක ලිංග සර්වනාම ගනු ඇත. එනමුත් බොහෝ අවස්ථා වලදී පුරුෂ සර්වනාම හමුවනු ඇත (උදා: යොහාන් 15:26; 16:13–14) ව්‍යාකරණමය වශයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේට සම්බන්ධ අළුත් ගිවිසුමේ සර්වනාම තේරුම් ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැත – උන්වහන්සේ පුද්ගලයෙකු බැවින් "ඔහු" ලෙස හැදින්වේ.

මතෙව් 28:19 හී අපට උගන්වනු ලබන්නේ පියාණන්වහන්සේගෙත්, පුත්‍රයාණන්වහන්සේගෙත් ශුද්ධාත්මයාණන්වහන්සේගෙත් නාමයෙන් බව්තීස්ම කරනු ලබන ලෙසය. මෙය වනාහී එකම ත්‍රිත්වයේ දෙවියන්වහන්සේ පිළිබදව සාමුහික සදහනකි. එසේම අප විසින් ශුද්ධාත්මයාණන්වහන්සේව වේදනාවට පත් නොකළ යුතු වෙමු (එපීස 4:30). ආත්මයාණන්වහන්සේට විරුද්ධව පව් කළ හැකි මෙන්ම (යෙසායා 63:10) රැවිටිය හැක (ක්‍රියා 5:3). අප විසින් උන්වහන්සේට කීකරු විය යුතු මෙන්ම (ක්‍රියා 10:19-21) ගෞරව කළ යුතු වෙමු (ගීතාවලිය 51:11).

ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෞද්ගලික අන්‍යයතාවය ස්ථිර කරනු ලබන්නේ උන්වහන්සේගේ බොහෝ ක්‍රියා කරණකොටගෙනය. උන්වහන්සේ පෞද්ගලිකවම මැවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ සේක (උත්පත්ති 1:2), දෙවියන්වහන්සේගේ සෙනගව බලවත් කරනු ලබන සේක,ල (සෙකරියා 4:6) මග පෙන්වන සේක (රෝම 8:14), සනසාලන සේක (යොහාන් 14:26), ද්‍යේෂණය කරනු ලබන සේක (යොහාන් 16:8), උගන්වනු ලබන සේක (යොහාන් 16:13), පාපය වළක්වනු ලබන මෙන්ම (යෙසායා 59:19), ආඥනා දෙනු ලබන සේක (ක්‍රියා 8:29). මෙම සෑම ක්‍රියාවකටම හුදෙක්ම බලයක්ල යම් දෙයක් සහ අදහසක් වෙනුවට පුද්ගලයෙකුගේ සහභාගිත්වය අවශ්‍යයවේ.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගුණාංග උන්වහන්සේගේ පෞද්ගලිකත්වය කෙරෙහිද යොමු කරනු ලබයි. ශුද්ධාත්මයාණන්වහන්සේට ජීවනය ඇත (රෝම 8:2), කැමැත්තක් ඇත (1 කොරින්ති 12:11), සර්වඥය (1 කොරින්ති 2:10-11), සදාකාලික සහ (හෙබ්‍රව් 9:14), සර්වව්‍යාපීය (ගීතාවලිය 139:7). හුදෙක් බලවේගයක් තුළ මෙවන් ගුණාංග තිබිය නොහැකි නමුත් ශුද්ධාත්මයාණන්ට ඒවා තිබෙන සේක.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෞද්ගලික අන්‍යයතාවය දේවත්වයේ තුන්වන පුද්ගලයා ලෙස උන්වහන්සේගේ භූමිකාව මගින් සනාථවේ. දෙවියන් වහන්සේට සමාන වූ පුද්ගලයෙකුට පමණක් දෙවියන් ලෙස අර්ථ දක්වන (මතෙව් 28:19) සර්වඥතාවයේ, සර්වව්‍යාප්තියේ සහ සදාකාලිත්වයේ ගුණාංග හිමිවේ.

ක්‍රියා 5:3-4 හී පේත්‍රස් ශුද්ධාත්මයාණන්වහන්සේව දෙවියන්වහන්සේ ලෙස හඳුන්වනු ලැබේ "අනනියස්නි ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබා ගන්ට සාතන් ඔබේ සිත පිරෙවුවේ මක්නිසාද? ඒක තිබියදී ඔබටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල ඔබේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? ඔබේ සිතින් මෙබඳු දෙයක් යෝජනා කරන්ට යෙදුණේ කොහොමද? ඔබ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේටයයි කීවේය." ඒ ආකාරායෙන්ම පාවුළු 2 කොරින්ති 3:17-18 හී ශුද්ධාත්මයාණන්වහන්සේව දෙවියන්වහන්සේ ලෙස හඳුන්වනු ලැබුවේ "ඉදින් ඒ ස්වාමින්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයාණන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව" යයි ප්‍රකාශ කරමිනි.

ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිව සදහන් කරන ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ පුද්ගලයෙක්යග එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේ ලෙස ගෞරවයට පාත්‍ර විය යුතු අතර අපගේ අධ්‍යාත්මික ජීවිතයට අපට මගපෙන්වීම සදහා පියාණන්වහන්සේ පුත්‍රයාණන්වහන්සේ හා සමග පරිපූර්ණ සමගියෙන් කටයුතු කරනු ලබන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේ පුද්ගලයෙක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries