settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ උපකාරකයාණන් සහ අනුශාසකයාණන් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


යේසුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් වෙන්ව යන බවට උන්වහන්සේ විසින් දැනුම් දෙනු ලැබූ කල එතුමාණන් ඔවුන්ව ධෛර්‍යයමත් කරනු ලබන ප්‍රකාශනයක් කල සේක: "මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ ඔබ සැම සමග සදාකල්ම සිටින පිණිස සැනසිලිකාරයෙකු ඔබ සැමට දෙන සේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යයතාවයේ ආත්මයාණන්වහන්සේය" (යොහාන් 14:16-17).

ග්‍රීක භාෂාවෙන් (යොහාන් 14:16, 26; 15;26; සහ16:7 හී අපට හමුවන පරිදි– "සැනසිලිකාරයාණෝ" හො "සැනසිලිදායකයාණන්" හෝ ලෙස පරිවර්තනය වී ඇති වචනය නම් "පැරක්ලේටොස්"යන්නය. මෙම වචනයේ ස්වරූපයේ අවිවාදයෙන්ම අකර්මන්‍ය වන අතර ඉන් නිසි ලෙස අර්ථවත් වනුයේ "යමෙකුට තව කෙනෙකුගේ පක්ෂයට කථා කරනු ලැබූ" යන්නය; එම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පසෙකින් සිටිමට කැදවීමේ අරමුණ අරභයා ද්වීතික අදහසක් ඇතථ එනම් අවශ්‍යය පුද්ගලයාට අනුශාසනා දීම සහ උපකාර කිරීමවේ. මෙම සැනසිලිදායකයාණන් නොහොත් උපකාරකයාණන් සහ අනුශාසකයාණන් නම් ශුද්ධාත්ම දෙවියන්වහන්සේ, එනම් "අපගේ පක්ෂයට කැදවනු ලැබූ" ත්‍රිත්වයේ තෙවන පාර්ශවය වේ. උන්වහන්සේ පෞද්ගලික පුද්ගලයෙකු වන අතර උන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකු තුළම වාසය කරනු ලබන සේක.

යේසුස්වහන්සේ විසින් මේ පොළොවේ සේවයෙහි යෙදී සිටින අවස්ථාවේදී මනුෂ්‍යයන්ට මග පෙන්වීම්, රැකවරණය ලබා දුන් අතර උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට උගන්වනු ලැබූ සේක; එනමුත් යොහාන් 14-16 අනුව ඔවුන්ගෙන් සමුගෙන යාමට උන්වහන්සේ සූදානමින් සිටින සේක. උන්වහන්සේ විසින් පොරොන්දු වනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ තම ශ්‍රාවකයන් වෙතට පැමිණ ඔවුන් තුළ වාසය කරනු ලබන බවත් එසේම ඔවුන්ගේ ස්වාමියාගේ ශාරිරික පැවැත්ම වෙනුවට උන්වහන්සේගේ ස්ථානය ගනු ලබන බවත්ය. යේසුස්වහන්සේ විසින් ආත්මයාණන්වහන්සේට "තවත් සැනසිලිකාරයාණන්වහන්සේ කෙනෙකු" එනම් ඒ ආකාරයේම තවත් කෙනෙකු ලෙසට හඳුන්වනු ලැබූ සේක. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේගෙන් ඉඳුරාම වෙනස් නොවනු ලබන්නේ දෙදෙනාම දෙවියන්වහන්සේ වන හෙයිනි.

පැරණි ගිවිසුම් යුගයේදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මනුෂ්‍යයන් වෙතට පැමිණ ඔවුන්ගෙන් ඉවත්ව යනු ලැබූ සේක. දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ සාවුල් රජුගෙන් ඉවත්ව යනු ලැබූ සේක (1 සාමුවෙල් 16:14; 18:12). දාවිත් පපොචිචාරණය කරන කළ ආත්මයාණන් වහන්සේ තමන්ගේ ඉවතට නොගන්නා ලෙස ඉල්ලා සිටියේය (ගීතාවලිය 51:11). එනමුත් ආත්මයාණන්වහන්සේව පෙන්තකොස්ත දිනයේදී ඔවුනට දුන් කළ උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෙනග වෙතට පැමිණ සදාකාලයටම ඔවුන් හා රැදී සිටි සේක. අප විසින් ශුද්ධාත්මයාණන්වහන්සේව වේදනාවට පත් කළ හැකි නමුත් උන්වහන්සේ අප හැර දමා නොයන සේකග මතෙව් 28:20 හී යේසුස්වහන්සේ ප්‍රකාශ කරන පරිදි "මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හීම ඔබ සැම සමග සිටිමි" උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ පියාණන්වහන්සේගේ දකුණු පස වැඩ සිටින කළ අප සමග සිටිනු ලබන්නේ කෙසේද? උන්වහන්සේ අප හා සමග සිටිනු ලබන්නේ උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙනය (උපකාරකයාණන් – පැරක්ලේටොස්).

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ උපකාරකයාණන් සහ අනුශාසකයාණන් ලෙස සිටීම යනු ඇදහිලිවන්තයන් ලෙස දෙවියන්වහන්සේම අප තුළ වාසය කරනු ලැබීමවේ. ආත්මයාණන්වහන්සේ විසින් අපට දේව වචනය උගන්වනු ලබන අතර අපව සියලූ සත්‍යයන් කරාද මග පෙන්වනු ලබන සේක. ජීවිතයේ දුෂ්කර කාලවලදී අපට උන්වහන්සේගේ වචනය මත රදා සිටීමට හැකි වන පරිදි යේසුස්වහන්සේ විසින් උගන්වනු ලැබූ දේ උන්වහන්සේ විසින් අපට මතක් කර දෙනු ලබන සේක. ආත්මයාණන්වහන්සේ අප තුළ ක්‍රියා කරනු ලබන්නේ උන්වහන්සේගේ සමාදානය (යොහාන් 14:27), උන්වහන්සේගේ ප්‍රේමය (යොහාන් 15:9-10) සහ උන්වහන්සේගේ ප්‍රීතිය (යොහාන් 15:11). අපට ලබා දෙනු වස්යග දුෂ්කර ලෝකයක උන්වහන්සේ අපගේ හදවත් සහ මනස් සනසනු ලබන සේක. අප තුළ වාසය කරනු ලබන උපකාරකයාණන් සහ අනුශාසකයාණන්ගේ බලය කරණකොටගෙන අපට ආත්මයාණන්වහන්සේ අනුව ජීවත්වීමට මෙන්ම "මාංශික තෘෂ්ණා සම්පූර්ණ නොකර සිටීමට" හැකියාව දෙනු ලබන සේක (ගලාති 5:16). එවිට ආත්මයාණන්වහන්සේට අප තුළ උන්වහන්සේගේ ඵල නිපදවිය හැක්කේ (ගලාති 5:22-23) පියාණන් වන දෙවියන්වහන්සේගේ මහිමය පිණිසය. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ උපකාරකයාණන් සහ අනුශාසකයාණන් – එනම් අපගේ සැනසිලිකාරයාණන්, අපව ධෛර්මත්කරනු ලබන තැණන්වහන්සේ, අපගේ සැනසිලිදායකයාණන් සහ අපගේ අධි නීතිඥවරයාණන් ලෙස සිටීම කෙතරම් ආශිර්වාදයක්වේද!

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ උපකාරකයාණන් සහ අනුශාසකයාණන් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries