settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ වාසස්ථානය කුමක්ද?

පිළිතුර


ශුද්ධාත්මයාණන්වහන්සේගේ වාසස්ථානය නම් දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන ඇදහිලි වන්තයෙකුගේ ශරීරයේ ස්ථිර පදිංචිය ලබා ගැනීමයි. පරණ ගිවිසුමේදී, ආත්මයාණන්වහන්සේ සාන්තුවරයන් වෙත පැමිණ සේවයට බලවත් කරවන නමුත් ඔවුන් සමඟ රැඳී නොසිටියේය (විනිශ්චයකාරයා5:14; 1 ලේකම් 12:18; ගීතාවලිය 51:11; එසකියෙල් 11:5 බලන්න). සත්‍යයේ ආත්මයාණන්වහන්සේ ඔවුන්ගේ ජීවිත තුළ ඉටු කරන නව කාර්ය භාරය යේසුස්වහන්සේ සිය ගෝලයන්ට හෙළි කළේය: "උන්වහන්සේ ඔබ සමඟ ජීවත්වන අතර ඔබ තුළ පවතිනු ඇත" (යොහන් 14:17). ප්‍රේරිත පාවුල්තුමා මෙසේ ලිවීය, "ඔබේ ශරීරය ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය බවත්, ඔබ තුළ සිටින බවත්, ඔබ දෙවියන් වහන්සේගෙන් බවත්, ඔබ ඔබේම නොවන බවත් ඔබ දන්නේ නැද්ද? මක්නිසාද ඔබ මිලදී ගෙන ඇත; එබැවින් ඔබේ ශරීරය තුළ දෙවියන් වහන්සේව මහිමවත් කරන්න" (1 කොරින්ති 6:19-20).

මෙම පදවලින් අපට කියැවෙන්නේ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයාට ත්‍රිත්වයේ තුන්වන පුද්ගලයා වන ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහු තුළ ජීවත්වන බවයි. යම් පුද්ගලයෙක් ක්‍රිස්තුස්ව පුද්ගලික ගැලවුම්කරුවාණන් ලෙස පිළි ගන්නාවිට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාට දෙවියන්වහන්සේගේ ජීවිතය, සදාකාල ජීවනය ලබා දෙයි, එය සැබවින්ම උන්වහන්සේගේ ස්වභාවයයි (තීතස් 3:5; 2 පේත්‍රස් 1:4), අධ්‍යාත්මිකව ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු තුළ ජීවත්වීමට පැමිණේ ඇදහිලිවන්තයාගේ ශරීරය ශුද්ධාත්මයාණන් වාසය කරන මන්දිරයකට / දේවමාලිගාව සමාන කර තිබීම ශුද්ධාත්මයාණන්ගේ වාසස්ථානය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාරීවේ. දේවමාලිගාව යන වචනය පැරණි ගිවිසුමේ මණ්ඩප ව්‍යහුයේ අභ්‍යන්තර ශුද්ධස්ථානය වන අතී ශුද්ධ ස්ථානය විස්තර කිරීමට භාවිතා කරයි. එහිදී දෙවියන්වහන්සේගේ පැමිණීම වලාකුළකින් දිස්වන අතර උත්තම පූජකයා මුණ ගැසෙනු ඇත. ඔහු වසරකට වරක් ශුද්ධවූ ශුද්ධස්ථානයට පැමිණියේය. සමඟි කිරීමේ දවසේදී, උත්තම පූජකයා විසින් මරා දැමූ සතෙකුගේ රුධිරය ගෙනැවිත් ගිවිසුම් පෙට්ටියේ කරුණාවේ ආසනය ඉසිය යුතු ය. මෙම විශේෂ දිනයේදී දෙවියන්වහන්සේ පූජකයාට සහ ඔහුගේ සෙනඟට සමාව ලබා දුන්නේය.

අද, ජෙරුසලමේ යුදෙව් දේවමාළිගාවක් නොමැති අතර සත්ව පූජා නතරවී ඇත. ත්‍රිස්තුස්වහන්සේ තුල සිටින කෙරෙහි ඇදහිලිවන්තයා ශුද්ධාත්මය දෙවියන්වහන්සේගේ අභ්‍යන්තර ශුද්ධස්ථානය බවට පත්ව ඇත, ඇදහිලිවන්තයා යේසුස්ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් විශුද්ධ කර සමාවදී ඇත (එපීස 1:7). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ වාසස්ථානය බවට පත්වේ. ඇත්ත වශයෙන්ම, ඇදහිලිවන්තයා ආත්මිකව වාසය කරන්නේ ක්‍රිස්තුස්වහන්සේ (කොලොස්සි 1:27) සහ පියාණන් වන දෙවියන්වහන්සේ (1 යොහන් 4:15) — ත්‍රිත්වය සම්බන්ධය තුල.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා තුළ ජීවත් වන විට, උන් වහන්සේ ජීවිතය පරිවර්තනය කරන ප්‍රතිපල ගෙන එයි:

1) වාසය කරන ආත්මයාණන්වහන්සේ පාපයෙන් මියගිය ආත්මයකට පැමිණ නව ජීවයක් ඇති කරයි (තීතස් 3:5). යොහන් 3:1–8 හී යේසුස් පැවසූ නව උපත මෙයයි.

2) වාසය කරන ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා ස්වාමින්වහන්සේට අයිති බවත් දෙවියන්වහන්සේගේ උරුමක්කාරයා බවත් ක්‍රිස්තුස්වහන්සේ සමග හවුල් උරුමක්කාරයා බවත් සනාථ කරයි (රෝම 8:15-17).

3) වාසය කරන ආත්මයාණන්වහන්සේ නව ඇදහිලිවන්තයා ක්‍රිස්තුස් වහන්සේගේ විශ්ව සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථාපනය කරයි. 1 කොරින්ති 12:13 ට අනුව මෙය ආත්මයේ බව්තීස්මයවේ.

4) වාසය කරන ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාට සභාව වැඩි දියුණු කිරීමට හා දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා පලදායි ලෙස සේවය කිරීමට ආත්මික දීමනා ලබා දෙයි (1 කොරින්ති 12:11).

5) වාසය කරන ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාට ශුද්ධලියවිල්ල තේරුම් ගැනීමට සහ ඔහුගේ එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමට උපකාර කරයි (1 කොරින්ති 2:12).

6) වාසය කරන ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාගේ යාච්ඤා ජීවිතය පොහොසත් කරන අතර ඔහු වෙනුවෙන් යාච්ඤාවෙන් මැදිහත් වේ (රෝම 8: 26-27).

7) වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා ජීවත්වීමට යටත්වූ ඇදහිලිවන්තයාට බලය ලබා දෙයි (ගලාති 5:16). ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාට ධර්මිෂ්ධ මාවත් වලට මඟ පෙන්වයි (රෝම 8:14).

8) ඇදහිලිවන්තයාගේ ජීවිතය තුළ ආත්මයේ පල නිපදවීමෙන් වාසය කරන ආත්මය නව ජීවයක් ඇති බවට සාක්ෂි සපයයි (ගලාති 5:22-23).

9) ඇදහිලිවන්තයා පව් කරන විට වාසය කරන ආත්මයාණන් වහන්සේ ශෝක වේ (එපීස 4:30), සහ ඇදහිලිවන්තයා තම පාපය ස්වාමින්වහන්සේට පාපොච්චාරණය කරන ලෙසට ඒත්තු ගන්වයි, එවිට ඇසුර යථාතත්වයට පත්වේ (1 යොහන් 1:9).

10) වාසය කරන ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා මිදීමේ දවස දක්වා මුද්‍රා තබයි, එවිට ඇදහිලිවන්තයා ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැමිණීම මේ ජීවිතයෙන් පසුව සහතික වේ (එපීස 1:13-14).

ඔබ ක්‍රිස්තුස්වහන්සේව ඔබගේ ගැලවුම්කරුවාණන් ලෙස පිළි ගන්නාවිට (රෝම 10:9-13), ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ හදවතේ වාසය කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ වාසස්ථානය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries