settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම මා හඳුනාගන්නේ කෙසේද?

පිළිතුර


යේසුස්වහන්සේස් වර්ගයට නැඟීමට පෙර, තම ගෝලයන්ට පැවසුවේ උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට උගන්වන හා මඟ පෙන්වන කෙනෙකු එවන බවය (ක්‍රියා 1:5; යොහන් 14:26; 16:7). පෙන්තකොස්ත දිනයේදී ඇදහිලිවන්තයන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ බලයට පත්වූ සති දෙකකටත් අඩු කාලයකට පසු යේසුස්වහන්සේගේ පොරොන්දුව ඉටුවිය (ක්‍රියා 2). දැන්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ වහාම ඔහුගේ ජීවිතයේ ස්ථිර කොටසක් බවට පත්වේ (රෝම 8:14; 1 කොරින්ති 12:13).

ශුද්ධාත්මයාණන්වහන්සේට බොහෝ කාර්යයන් ඇත. උන්වහන්සේගේ කැමැත්තට අනුව ආත්මික දීමනා බෙදාහැරීම පමණක් නොව (1 කොරින්ති 12:7–11), නමුත් උන්වහන්සේ අපට සැනසීමක් ලබා දෙයි (යොහන් 14:16, කේ.ජේ.වී), අපට උගන්වයි (යොහන් 14:26), යේසුස්වහන්සේ නැවත පැමිණෙන දවස දක්වා අපගේ හදවත් මත පොරොන්දුවේ මුද්‍රාව (එපීස 1:13; 4:30). ශුද්ධාත්මයාණන්වහන්සේ මඟ පෙන්වන්නාගේ සහ උපදේශකයාගේ කාර්ය භාරය භාර ගනී, අප යායුතු මාර්ගයට අපව ගෙන ගොස් දෙවියන්වහන්සේගේ සත්‍යය හෙළි කරයි (ලූක් 12:12; 1 කොරින්ති 2:6-10).

නමුත් ආත්මයේ මඟ පෙන්වීම අප හඳුනා ගන්නේ කෙසේද? අපගේම සිතුවිලි සහ උන්වහන්සේගේ නායකත්වය අතර අප හඳුනා ගන්නේ කෙසේද? සියල්ලට පසු, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇසෙන වචන වලින් කථා නොකරයි. උන්වහන්සේ අපගේ හෘදය සාක්ෂියෙන් (රෝම 9:1) සහ වෙනත් නිහඩ, සියුම් මාර්ග වලින් අපට මඟ පෙන්වයි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම හඳුනා ගැනීමට වඩාත්ම වැදගත් ක්‍රමයක් නම් දෙවියන්වහන්සේගේ වචනය හුරුවීමයි. අප ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ප්‍රඥාවේ අවසාන මූලාශ්‍රය බයිබලයයි (2 තිමෝති 3:16), ඇදහිලිවන්තයන් නම් ශුද්ධ ලියවිල්ල සෙවීම, ඒවා ගැන මෙනෙහි කිරීම සහ ඒවා මතකයේ තබා ගැනීමයි (එපීස 6:17). දේවවචනය "ආත්මයේ කඩුව" (එපීස 6:17), ආත්මයාණන්වහන්සේ එය අපට කථා කිරීමට භාවිතා කරයි (යොහන් 16:12-14). අපගේ ජීවිත සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත හෙළි කිරීමට; අපට වඩාත්ම අවශ්‍ය අවස්ථාවන්හිදී උන්වහන්සේ නිශ්චිත ශුද්ධ ලියවිලි මතකයට නංවනු ඇත (යොහන් 14:26).

අපගේ ආශාවන් ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පැමිණේද නැද්ද යන්න වටහා ගැනීමට දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ දැනුම අපට උපකාර කරයි. ශුද්ධ ලියවිල්ලට එරෙහි අපගේ නැඹුරුවාවන් අප විසින් පරීක්ෂා කළ යුතුය. දෙවියන් වහන්සේගේ වචනයට පටහැනි කිසිවක් කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ කිසිවිටෙකත් අපව පොළඹවන්නේ නැත. එය බයිබලයට පටහැනි නම් එය ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නොවන අතර එය නොසලකා හැරිය යුතුය.

පියාණන්වහන්සේ සමඟ නොකඩවා යාච්ඤා කිරීමද අපට අවශ්‍යය (1 තෙසලෝනික 5:17). මෙය අපගේ හදවත් හා මනස ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම සඳහා විවෘතව තබනවා පමණක් නොව, ආත්මයාණන්වහන්සේ අප වෙනුවෙන් කථා කිරීමට ඉඩ දෙයි: "එලෙසම, අපගේ දුර්වලකමට ආත්මයාණන්වහන්සේ අපට උපකාර කරයි. අප යාච්ඤා කළයුත්තේ කුමක් දැයි අපි නොදනිමු, නමුත් වචන ප්‍රකාශ කළ නොහැකි කෙඳිරිගාමින් ආත්මයාණන්වහන්සේ අප වෙනුවෙන් මැදිහත්වේ. අපගේ හදවත් සොයන තැනැත්තා ආත්මයේ මනස දන්නේය, මන්ද ආත්මයාණන්වහන්සේ ශුද්ධවන්තයන් උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මැදිහත්වේ" (රෝම 8: 26-27).

අප ආත්මයාණන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නේ දැයි කීමට තවත් ක්‍රමයක් නම් අපගේ ජීවිතයේ උන්වහන්සේගේ පල පිළිබඳ සලකුණු සෙවීමයි (ගලාති 5:22). අප ආත්මයාණන් තුළ ගමන් කරන්නේ නම්, මෙම ගුණාංග අප තුළ වර්ධනයවී පරිණතවන බව අපට දිගටම දැක ගත හැකි අතර, ඒවා අන් අයටද පැහැදිලිවනු ඇත.

ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම පිළිගැනීමට හෝ නොකිරීමට අපට තේරීමක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන සිටියත් එය පිළිපදින්නේ නැති විට, අපි අපගේ ජීවිත තුළ ආත්මයාණන්ගේ කාර්යයට විරුද්ධ වෙමු (ක්‍රියා 7:51; 1 තෙසලෝනික 5:19), අපගේම මාර්ගයක් අනුගමනය කිරීමට ඇති ආශාව උන්වහන්සේට දුක්වේ (එපීස 4:30 ). ආත්මයාණන්වහන්සේ කිසිවිටෙකත් අපව පාපයට ගෙන යන්නේ නැත. පුරුද්දක් ලෙස කරන පාප නිසා ශුද්ධාත්මයාණන් වහන්සේ වචනය තුළින් අපට පැවසීමට කැමතිදේ අපට මග හැරෙනු ඇත. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලවීම, පාපයෙන් හැරීම සහ පාපොච්චාරණය කිරීම, යාච්ඤා කිරීමේ පුරුද්දක් ඇති කරගැනීම සහ දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීම අපට ආත්මයේ මඟ පෙන්වීම හඳුනා ගැනීමට හා අනුගමනය කිරීමට ඉඩ සලසයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම මා හඳුනාගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries