settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයානන් වහන්සේ සංකේතවත් කිරීම සදහා බොහෝ විට පරෙවියෙකු උපයෝගී කර ගන්නේ මන්ද?

පිළිතුර


යෝරදාන් ගගේ යොහාන්තුමා විසින් යේසුස් වහන්සේව බව්තීස්ම කිරීම ගැන ශුභාරංචි හතරේම සදහන් වේ. (මතෙව් 3:16, මාර්ක් 1:10, ලුක් 3:22, යොහාන් 1:32) ලුක්තුමා ප්‍රකාශ කරනුයේ ශුද්ධාත්මයාණන් පරවියෙකුගේ රූපකාරයෙන් උන්වහන්සේ කෙරෙහි පහළ වූ සේක. යනුවෙනි. ශුද්ධාත්මයාණන් වහන්සේ ආත්මයවන බැවින් අපට එතුමා දෘෂ්‍යමාන නොවේ. එසේ වුවද මෙම අවස්ථාවේදි උන්වහන්සේ දෘෂ්‍යමාන පෙනුමක් ගත් බැවින් ජනතාවට සැකයෙන් තොරව උන්වහන්සේව දැක ගැනීමට හැකි විය. පරෙවියා වනාහි ශුද්ධවන්තභාවයේ සහ අහිංසක බවේ සංකේතයක් වන බැවින් යේසුස් වහන්සේගේ බව්තිස්මයයේදී පරෙවියෙකුගේ ස්භාවය දර්ශනය වීම මගින් හෙළිදරව් වනුයේ යේසුස් වහන්සේ තුළ වැඩවසන ආත්මයාණන් ශුද්ධවන්ත අහිංසක තැනැත්තෙකු බවය.

පරෙවියා සංකේතවත් වන තවත් අවස්ථාවක් ලෙස දැක්විය හැක්කේ උප්පත්ති 6–8 පරි. හි සදහන් මහා ජල ගැලීම සහ නෝවාගේ නැව සම්භාබව විස්තර මගින්ය. මහ පොළව බොහෝ කළක් ජලයෙන් යට වී තිබු බැවින් කොතැනක හෝ වියළි බිමක් තිබෙදැයි විමසා බැලීම සදහා නෝවා පරෙවියෙකු නැවෙන් පිටතට යැවු විට, එම පරෙවියා ඔලීව් අත්තක් තම හොටෙන් රදවා ගෙන ආපසු පැමිණියේය. (උප්පත්ති 8:11) එතැන් පටන් ඔලිව් අතුද සාමයේ සංකේතයක් විය. මහා ජල ගැල්මෙන් පොළෝ තලය සේදී ගිය පසුව දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා සමග සාමය ඇති කර ගත් බව. එමගින් පැහැදිලි වේ. දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යා වර්ගයා අතර සම්බන්ධතාවය යළි ගොඩනැගීම පෙන්නුම් කරනුයේ පරෙවියා මගින්ය. සැබවින්ම මෙය තාවකාලික සම්බන්ධතාවයකි. එසේ වීමට හේතුව වනුයේ දෙවියන් වහන්සේ සමග සදාකල්ම ආත්මික සම්බන්ධතාවයක් ඇති විය. හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමණක් වීමය. නමුත් යේසුස් වහන්සේගේ බව්තීස්මය මගින් ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිඹ්බු වූ බව පැහැදිලි වන අතර, එමගින් නැවතත් දෙවියන් වහන්සේගේ සාමය සංකේතවත් වේ.

පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයානන් වහන්සේ ගිනි වැනි දිවවල් ලෙසින් පෙනී සිටි සේක. (ක්‍රියා 2:3) එමගින් අපොස්ඵවරුන්ගේ දේශනාවල පුදුමාකාර බලය සහා ඔවුන්ගේ ජීවිත වල සිදු වුනාවු විපර්යාසි වෙනස්කම් පෙන්නුම් කළේය. යේසුස් වහන්සේගේ බව්තීස්මය සිදුවූ වේලාවේදී ශුද්ධාතමයාණන් වහන්සේ පරෙවියෙකු වෙසින් දර්ශනය වීමෙන් සංකේතවත් වනුයේ මෘදු ගුණැති ගැලවුම්කාරුවානන්, එතුමන්ගේ දිවිපුජාව මගින් මනුෂ්‍ය වර්ගයාට සාමය උදා කර දීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයානන් වහන්සේ සංකේතවත් කිරීම සදහා බොහෝ විට පරෙවියෙකු උපයෝගී කර ගන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries