settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ සැලැස්ම කුමක්දැයි මා දැන ගන්නේ කෙසේද?

පිළිතුර


බොහෝ කිතුනුවන් සැබවින්ම අපේක්ෂා කරන්නේ, ඔවුන්ගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගැනීමටය. එහෙත්, මම දෙවියන් වහන්සේගේ සැලැස්ම සොයා ගන්නේ කෙසේද? මට සහතික විය හැක්කේ කෙසේද? ලෙස බොහෝ ප්‍රශ්න තිබේ. වාසනාවකට මෙන්, දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිබඳව බයිබලය බොහෝ වැදගත් මූලධර්ම සපයයි. දෙවියන්වහන්සේ අපගේ ජීවිතය සඳහා සූදානම් කර ඇති, උන්වහන්සේගේ කැමැත්ත සැඟවීමට උත්සාහ නොකරයි; උන්වහන්සේට අවශ්‍ය වන්නේ උන් වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ කැමැත්ත දැන ගෙන එය අනුගමනය කිරිමයි.

පළමුව, දෙවියන්වහන්සේගේ සැලැස්ම පිළිබඳව සියලු ඇදහිලිවන්තයන්ට අදාළ වන පැහැදිලි ප්‍රකාශයන්ගෙන් බයිබලය පිරී තිබේ. උදාහරණයක් ලෙස, 1 තෙසලෝනික5:16-18හි, "නිතරම ප්‍රීතිවෙයල්ලා; නොකඩවා යාච්ඤා කරපල්ලා; සියල්ලේදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය" යනුවෙන් කියා දෙයි. ප්‍රීතිවීම, යාච්ඤා කිරීම සහ ස්තුති කිරීම යන මෙම ක්‍රියා කාරකම් තුන, වෙනත් කිසිදු තත්වයන් නොසලකා සියලු ඇදහිලිවන්තයන් සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත වේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත උන්වන්සේගේ වචනය තුළින් අපට තේරුම් ගත හැකිය. දේවවචනය පරිපූර්ණ වන අතර, එය අධ්‍යයනය කිරීමෙන් අපගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්ම සොයා ගත හැකිය. 2 තිමෝති 3:16-17 හී කියන සේක්, "දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ".

දෙවනුව, දෙවියන්වහන්සේව සමීපව අනුගමනය කිරීමෙන් අපගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්ම වඩාත් හොඳින් වටහා ගත හැකිය. රෝම12:1-2 හී පොරොන්දු වන්නේ, "එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැන ගන්නා පිණිස, සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා". අප අපගේ ජීවිත දෙවියන්වහන්සේට කැප කර මේ ලෝකයේ මූලධර්ම වලින් වෙනස් වනවිට, දෙවියන්වහන්සේට සවන් දීමට අපගේ හදවත් සුදානම් කරගන්නෙමු (1 පේත්‍රැස් 4:2 ද බලන්න).

1 තෙසලෝනික 4:3-7 හී "ජීවමාන පූජාවක්" වීමේ අවශ්‍යතාවය සනාථ කරන අතර දෙවියන්වහන්සේගේ සැලැස්ම පිළිබඳව වැඩි විස්තර සපයයි: "දෙවියන් වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය: නුඹලා වෛශ්‍යාකමින් වැලකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාම රාගයෙහි නොව, ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැන ගෙන සිටීමත්, මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂි දුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළි ගන්න කෙනෙක්ය. දෙවියන්වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය".

තෙවනුව, යාච්ඤාව තුළින් අපට දෙවියන්වහන්සේගේ සැලැස්ම සොයා ගත හැකිය. කොලොස්සි 4:12 හි සඳහන් වන්නේ එපප්‍රස් නම් ඇදහිලිවන්තයෙක් "නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤා වලින් නුඹලා ගැන නිතරම වීර්ය කරන්නේය". කොලොස්සි ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට හා ක්‍රියාවට නැංවීමට අවශ්‍යවූ අතර එපප්‍රස් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළේය. යාච්ඤාව තුළින් අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීම වර්ධනය කර ගත හැකිය. දෙවියන්වහන්සේගේ සැලැස්ම අන් අයට අනාවරණය කරන ලෙසද අපට යාච්ඤා කළ හැකිය.

හතරවනුව, දෙවියන්වහන්සේ සමහරවිට පුද්ගලික තත්වයන්, සබඳතා හෝ සිහින ඇතුළු වෙනත් ක්‍රම තුළින් අප උදෙසා තම සැලසුම් හෙළිකර තහවුරු කරයි. කෙසේ වෙතත්, මේවා බොහෝවිට වඩා ආත්මීය වන අතර, දෙවියන් වහන්සේ ශුද්ධලියවිල්ලෙහි පැහැදිලිව පවසා ඇති දේ මගින් එවැනි සලකුණු අප ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කළ යුතුය.

දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අපට සහතික විය හැකියි: "දෙවියන් වහන්සේ වෙතට ළං වන්න, එවිට උන්වහන්සේ ඔබ වෙතට ළං වනු ඇත" (යාකොබ් 4:8). අප යාච්ඤා කරනවිට, ශුද්ධලියවිල්ල අධ්‍යයනය කර, සමිඳාණන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධව ජීවත් වීමට උත්සහ කරනවිට, උන් වහන්සේ අප උදෙසා උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ නියමිත කාලය තුළ අපට තේරුම් ගත හැකි ආකාරයකින් හෙළි කරනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ සැලැස්ම කුමක්දැයි මා දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries