settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සහ සාතන්? දෙවියන්වහන්සේ බලසම්පන්න නම් උන්වහන්සේ සාතන්ව මරා නොදමන්නේ මන්ද?

පිළිතුර


කිතුණු ජීවිතයේ ඇති එක්තරා අභිරහසක් නම් සාතන් පව් කළ වහාම ඔහුව විනාශ නොකලේ මන්ද යන්නය. අප දන්නා කරුණක් නම් දෙවියන් වහන්සේ යම් දිනක සාතන්ව ගින්නෙන්ද ගෙන්දගමින්ද යුතු විලට හෙලනු ලබන්නේ දිවා රෑ දෙකෙහිම වධ කරනු ලැබිමටය, (එළිදරව් 20:10) එහෙත් සාතන්ව තවමත් දෙවියන්වහන්සේ විසින් විනාශ කරනු නොලැබුවේ මන්ද යන්න පිළිබදව අප ඇතැම් අවස්ථාවන්හී සිතන්නෙමුව. ඇතැම් විට එයට නිශ්චිත තර්කනය කුමක්දැයි අප විසින් නොදන්නෙමු නමුත් උන්වහන්සේගේ ස්වභාවය පිළිබදව අප යම් තාක් දන්නෙමුව.

ප්‍රථමයෙන් අප දන්නාවූ කරුණක් නම් දෙවියන්වහන්සේ මැවිල්ල කෙරෙහි පරමාධිපත්වයක් ගන්නා සේක් බවය, මෙතුළට සාතන්ද අයත්වේ. සැබවින්ම සාතන් සහ ඔහුගේ යක්ෂයින් ලෝකය තුළ මහත් විනාශයක් කරනු ලබන නමුත් ඔවුනට නිදහස ඉඩ හැර ඇත්තේ යම් ප්‍රමාණයකට පමණි. දෙවියන් වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ලම සැළසුම් කොට ඇති බව අප දන්නාවූ තවත් කරුණකි. කිසිවකට උන්වහන්සේගේ සැළසුම් වලට බාධා පැමිණවිය නොහැකි නමුත් සියල්ලම නියමිත කාල සටහනකට අනුව ක්‍රියාත්මකවේ. සේනාවල ස්වාමින්වහන්සේ දිවුරා කථා කොටථ මා යෝජනා කල ලෙසම සිදුවන්නේය. මා අදහස් කල ලෙසම ස්ථිර වන්නේය (යෙසායා 14:24).

දෙවනුව, තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවනු ලැබුවන්ට සියලූ දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව (රෝම 8:28). දෙවියන්වහන්සේ සාතන්ට සැලසුම් කොට ඇති දේ කුමක් වුවද එම සැලැස්ම හොදම ක්‍රමය වේ. දෙවියන්වහන්සේ පරිපූර්ණ උදහසින් සහ යුක්තියෙන් තෘප්තිමත් වන අතර උන්වහන්සේගේ පරිපූර්ණ ධර්මිෂ්ඨකම මහිමයට පත්වනු ඇත. උන්වහන්සේට ප්‍රේම කරන්නන් සහ උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වන තෙක් බලා සිටින්නන් එම සැලැස්මේ කොටසක් වීමට සතුටු වන අතරම එය ක්‍රමයෙන් එළිදරව් වීම දක්නට ලැබෙන විට උන්වහන්සේට ප්‍රශංසා කරමින් මහිමය දෙනු ලබනු ඇත.

තෙවනුව, දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ එහි කාල නිශ්චය පිළිබදව ප්‍රශ්න කිරීම වනාහී උන්වහන්සේවම, උන්වහන්සේගේ විනිශ්චය, උන්වහන්සේගේ චරිතය සහ උන්වහන්සේගේ ස්වභාවය ආදිය ප්‍රශ්න කිරීමක් වැන්නය. උන්වහන්සේ කැමති ආකාරයට ක්‍රියාත්මක වීමට ඇති අයිතිය ප්‍රශ්න කිරීම ඥාණවන්ත කරුණක් නොවේ. ගීතිකාකරු පවසන ආකාරයට “දෙවියන් වහන්සේගේ මාර්ගය සම්පූර්ණය” (ගීතාවලිය 18:30). සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මනසින් නික්මෙන කුමන සැලැස්මක් වුවද එය වඩාත් සුදුසුම සැලැස්ම වේ. උන්වහන්සේ මතක් කර දෙන පරිදි එම සැලැස්ම පරිපූර්ණ ලෙස අවබෝධ කර ගැනීම අපට අපේක්ෂා කළ නොහැක්කක් බව සත්‍යයකි. “මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමින්වහන්සේ කියන සේක. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ග වලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලටත් වඩා උස්ව තිබේ” (යෙසායා 55:8–9).

කෙසේ නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇති වගකීම නම් අපට අවබෝධ කර ගැනීමට හැකි වූවත් නොවූවත් උන්වහන්සේට කීකරුවීම, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම සහ උන්වහන්සේගේ කැමැත්තට යටහත් වීමය. සාතන්ගේ මරණය පිළිබදව කාල නිශ්චයට යහපත්ම සැලැස්ම එය යුතු වන්නේ එය දෙවියන්වහන්සේගේ සැලැස්ම වන හෙයිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සහ සාතන්? දෙවියන්වහන්සේ බලසම්පන්න නම් උන්වහන්සේ සාතන්ව මරා නොදමන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries