settings icon
share icon
ප්‍රශ්නය

අප පව් කරන පිණිස දෙවියන් වහන්සේ අපව පරික්‍ෂාවටලක් කරනවාද?

පිළිතුර


උත්පත්ති 22:1 හි "පරීක්‍ෂා කරනු ලැබූ" යන වචනය හෙබ්‍රෙව් භාෂාවෙන් නාකාහ් වේ. එහි අර්ථය විභාගය, උත්සාහය, ඔප්පු කිරීම, පරීක්‍ෂා කිරීම, තැත් කිරීම, පරීක්‍ෂාකර බැලීම හෝ පරීක්‍ෂණයකට ලක් කිරීම වේ. එම වචනයට බොහෝ පර්යාය පදයන් ඇති බැවින් එහි සංදර්භය ගෙන අනෙකුත් පරිච්ජෙදයන් හා සංසන්දනය කළ යුතුවේ. එම පරිච්ජේදය අප කියවන කල්හි දෙවියන් වහන්සේ ආබ්‍රහම් ගෙන් පූජා කිරීමේ අවසන්වීමක් අදහස් නොකළ බව පෙනේ. කෙසේ වුවද එය නොදැන සිටි ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ අණ ක්‍රියාත්මක කිරීමට කැමති වූයේ දෙවියන් වහන්සේ නියම කළේ නම් ඊසාක්ව මළවුන් ගෙන් නැඟිට වීමට එතුමාට හැකි බව දැන ගෙනය (හෙබ්‍රෙව් 11:17-19). මෙම පරිච්ජේදය හෙබ්‍රෙව් භාෂාවෙන් මනාව පරිවර්තනය කර ඇත. "ආබ්‍රහම් පරීක්‍ෂාවටලක් කරනලදී" වෙනුවට ආබ්‍රහම්ව අත්හදා බලන ලදී යන ලෙසය. එබැවින් සමාප්තිය වන්නේ උත්පත්ති 22:1හි පරික්‍ෂා කරන ලද යන හෙබ්‍රෙව් වචනය යමක් පරීක්‍ෂා කිරීම හෝ ඇගයීමක් කිරීම වේ.

යාකොබ් 1:13 හි මඟ පෙන්වන ප්‍රතිපත්තියක් වේ. කිසිවෙකුට තමාව දෙවියන් වහන්සේ ගෙන් පරික්‍ෂා කරනු ලැබූ බව පැවසීමට අයිතිවාසිකමක් හෝ අවසරයක් නැත. මෙම ප්‍රකාශය වටහා ගැනීමට ගෙන් යන වචනය ඉතා අවශ්‍ය වේ. මන්ද එහි යමක ආරම්භයක් දක්වයි. පාපයට පෙළඹවීම දෙවියන් වහන්සේ ගෙන් උපදවන ලද්දක් නොවේ. දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්‍ෂා නොකරන අතර දෙවියන් වහන්සේ කිසිවෙකු පව් කරන පිණිස පරීක්‍ෂාවටලක් නොකෙරේ.

තවත් ඉතා වැදගත් වචනයක් මෙම සාකච්ජාවේ යාකොබ් 1:3 මුණ ගැසේ. " මාගේ සහෝදරයෙනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ක්‍ෂාන්ති ගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්‍ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා". ග්‍රීක භාෂාවෙන් පරීක්‍ෂාව යන වචනය අරුත් ගන්වන්නේ යමෙකුගේ ජීවිතයේ කරදර සමාදානය, සැනසුම, ප්‍රීතිය, සතුට, කඩවීමක් ලෙසය. මෙහි ක්‍රියා ස්වරූපය යනු "යමෙකු හෝ යම් දෙයක් පරික්‍ෂාවට ලක් කිරීම" මඟින් පුද්ගලයාගේ හෝ එම ද්‍රව්‍යමය දෙයෙහි හෝ ගුණාංග සහ ස්වාභාවය දැනගැනීමේ අභිලාෂය වේ. දෙවියන් වහන්සේ පරික්‍ෂා කරනු ලබන්නේ යමෙකු ඇදහිල්ලේ ශක්තිය සහ ගුණාංග ඔප්පු කර ශක්තිමත් කර එහි වලංගු භාවය පෙන්නුම් කරන පිණිසය (එම 2-12). එබැවින් යාකොබ්ට අනුව අප පරික්‍ෂාවට මුහුණ දෙන කල්හි දෙවියන් වහන්සේ ගේ පරමාර්ථය වන්නේ අපගේ ඇදහිල්ල ඔප්පු කර යහපත් ගුණාංග බිහි කිරීමය.

අප අසමත් වන පිණිස සැළසුම් කරන ලද පරික්‍ෂාවන් තිබේද? එසේය, නුමුත් ඒවා දෙවියන් වහන්සේ ගෙන් නොවේය. ඒවා සාතන්ගෙන් (මතෙව් 4:1) ඔහුගේ දූතයන්ගෙන් (එපීස 6:12) හෝ අපගෙන්ම (රෝම 13:14, ගලාති 5:13) වේ. දෙවියන් වහන්සේ ඒවා අපට අත් විඳීමට ඉඩ හරිනු ලබන්නේ, සහ අවසර දෙනු ලබන්නේ අපගේ ප්‍රතිලාභ සඳහා වේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඊසාක් පූජා කරන ලෙස පැවසුවත්, එතුමාගේ බලාපොරොත්තුව වූයේ ආබ්‍රහම් පාපයට ලක් කිරීම නොව, ඔහුගේ ඇදහිල්ල පරික්‍ෂා කර ඔප්පු කරනු පිණිසය. English



නැවතත් සිංහල මුල් පිටුවට

අප පව් කරන පිණිස දෙවියන් වහන්සේ අපව පරික්‍ෂාවටලක් කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries