settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ-හැඩයේ හිඩස?

පිළිතුර


දෙවියන් වහන්සේගේ-හැඩයේ හිඩස යන්නෙහි අර්ථය සෑම කෙනෙකුගේ ජීවිතයේ ඔහුගේ / ඇයගේ ප්‍රාණයේ / ආත්මයේ / ජීවිතයේ හිස් තැනක් තිබෙනවා. එය පිරවිය හැක්කේ දෙවියන් වහන්සේට පමණි. “දෙවියන් වහන්සේගේ-හැඩයේ හිඩසෙයි” තවත් දෙයක් නම් මිනිස් හදවත ඇතුලාන්තයේ තමාට පිටතින් ඇති දෙය ගැන ආශාවීම, අන් හැමටම වඩා විශිෂ්ඨ, මොකක් නමුත් “අනෙක්” දේශනාකාරයා 3:11 හී සඳහන් කරනවා දෙවියන් වහන්සේ “මිනිසාගේ හදවතේ සදාකාලය” තබන බවට. දෙවියන් වහන්සේ මිනිස් සංහතිය සාදනු ලැබුවේ තම සදාකාලික අවශ්‍යතාවටයි. එසේම අපේ සදාකාල ආශාවන් දෙවියන් වහන්සේට පමණයි සම්පූර්ණ කළ හැක්කේ. සෑම ආශාවක්ම දත් ඇතුලාන්ත ආශාවන් දෙවියන් වහන්සේ සමග “සම්බන්ධ” වීමට. ඒ ආශාව සම්පූර්ණ කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණි. එම හේතුවෙන් “දෙවියන් වහන්සේගේ හැඩයේ-හිඩසට” සම්බන්ධ විය හැක.

ප්‍රශ්නය නම්, මිනිසුන් මේ හිඩස ගැන අවධානය නොදේ. දෙවියන් වහන්සේගෙන් බැහැරවූ දේවලින් පිරීම. යෙරමියා 17:9 හී අපගේ හදවතේ ස්වභාව පැහැදිලි කරයි. “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ඨවම තිබේ, ඒක කාට දැනගන්ට පුළුවන්ද?” සලමොන් තවත් විග්‍රහයක් කරයි, එසේ මනුෂ්‍යය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ” (දේශනාකාරයා 9:3). අළුත් ගිවිසුමේ සඳහන් “මාංසයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය, ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත් වෙන්ටත් බැරිය” (රෝම 8:7). රෝම 1:18-22 විස්තර කරනවා දෙවියන් වහන්සේ පිළිබඳව ඇනගත හැකිදේ පවා මිනිසා නොසලකා හරින බවට, “දෙවියන් වහන්සේගේ හැඩයේ හිඩසද” ඇතුලුවය. එමෙන්ම දෙවියන් වහන්සේ නැමදීම වෙනුවට උන් වහන්සේට අමතර අන් සියල්ලට නමස්කාර කිරීම.

බොහෝ අය තම ජීවිතයේ වෙනත් තේරුම් ගැනීමට-ව්‍යාපාරයට-පවුලට-ක්‍රීඩාව හා තවත් දේවල් සපුරා ගැනීම හේතුවෙන් දෙවියන් වහන්සේ වෙනුවට වෙනත් දේ සෙවීමට කාලය ගත කරයි. නමුත් ඒ කිසිවක් ලබා ගැනීමෙන් සදාකාලය නොලැබේ. ඒවා සම්පූර්ණත්වයකටද නොපැමිණෙන අතර ජීවිතද සෑහීමකට පත් නොවේ. කිසිම සැකයක් නැත දෙවියන් වහන්සේ නොසොයා මේ දේවල් සොයන අයගේ සතුට සීමිත බවට. නමුත් අප සලමොන් ගැන අවධානය දෙන විට ඔහුට මුළු ලෝකයේම කෙටි කාලයකට ධනයූ බලය දියුණුව මේ ජීවිත කාලයේදී ලැබුනත්, ඒ කිසිම සදාකාලයට අදාල වූයේ නැති බවට. ඔහු ඒ සියල්ල නිෂ්ඵල බව කීවා. එහි තේරුම නම් ඔහු කිසි ප්‍රතිඵලයක් නැති දෙයක් පසු පස ගිය බවට ඔහු සිතනවා. අවසානයේ ඔහු පවසනවා, “සියල්ල අසන ලදි,මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන් වහන්සේට භයව උන් වහන්සේගේ ආඥා පවත්වාපන්න, මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය” (දේශනාකාරයා 12:13).

හතරැස් හැඩයකින් වක්‍ර / රවුම් හැඩැති හිඩසක් වැසිය නොහැකි සේම, අප තුල දෙවියන් වහන්සේගේ-හැඩැති හිඩස, උන් වහන්සේ මිස වෙන දෙයකට / කෙනෙකුට පිරවිය නොහැක. එසේම උන් වහන්සේ ඒ පිරවීමද කරනු ලබන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහීම කරණකොටගෙන අතර ඒ තුලින් සදාකාලය සම්පූර්ණ වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ-හැඩයේ හිඩස?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries