settings icon
share icon
ප්‍රශ්නය

අප පව් කළ විට දෙවියන් වහන්සේ අපට දඬුවම් කරනවාද?

පිළිතුර


මෙම ප්‍රශ්ණයට පිළතුරු ලබා දීමට, ප්‍රථමයෙන් අප දඬුවම සහ විනයානුකුල කිරීම අතර ඇති වෙනස පැහැදිලිව වටහා ගත යුතුය. යේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ට අතීතය, අනාගතය සහ වර්තමානයේ අපගේ සියලු පාපයන්ට කුරුසිය මත දඬුවම් කරනලදී. එබැවින් කිතුණුවන් ලෙස කෙදිනක හෝ පාපය නිසා දඬුවමට ලක් නොවේ. නැවත ක්‍රියාවක් නොමැතිව සදහටම එය සිදු කරන ලදී. "එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත" (රෝම 8:1). දෙවියන් වහන්සේ අප දෙස බලන කල ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව නිසා එතුමාණන් හට දර්ශණය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම පමණක්ය. අපගේ පාපයන් යේසුස් වහන්සේ සමඟ ඇණ ගසන ලද බැවින් අප කෙදිනක හෝ දඬුවමට ලක් නොවේ.

අපගේ ජීවිත තුළ රැඳී පාපයන්ට සමහරවිට දෙවියන් වහන්සේගේ විනයානුකුල කිරීම් අවශ්‍යවේ. පාපයන්ට පසුතැවී දෙවියන් වහන්සේ වෙතට නොහැරී දිගටම පාපයෙහි පැවතුන හොත් දෙවියන් වහන්සේ එතුමාගේ දිව්‍යමය විනයානුකුල කිරීම් දරා ගන්නා පිණිස අප වෙත එවනවා ඇත. එසේ එතුමාණන් වහන්සේ සිදු නොකළහොත් එතුමා ප්‍රේමණීය සහ අප ගැන සළකන පියෙකු නොවනු ඇත. අපගේ දරුවන්ට ඔවුන්ගේ සුබසාධනය සඳහා අප විනයානුකුල කිරීම් කරන්නාක් සේම අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන් වහන්සේද තම දරුවන්ගේ ප්‍රතිලාභ සඳහා නිවැරදි කිරීම් සිදු කරනවා ඇත. හෙබ්‍රෙව් 12:7-13 දක්වා මෙසේ අපට පවසයි "නුඹලා ඉවසන්නේ දඬුවම පිණිසය”, දෙවියන් වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියා කරන සේක, මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද? එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම් නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය. තවද අපට දඬුවම් කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරව කළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්ම වල පියාණන් වහන්සේට යටවත්ව ජීවත් වෙන්ට යුතු නොවේද? මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත් පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම් කළෝය. නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම් කරන සේක. කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ ඵල හට ගන්නේය. එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකර ගනිල්ලා. කොර කකුල් අහක් කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදා ගනිල්ලා".

මුරණ්ඩු කමින් කීකරුකමට තම දරුවන් ප්‍රේමයෙන් දෙවියන් වහන්සේ හරවන්නේ මේ ආකාරයෙනි. අපගේ ජීවිත පීළිබඳව දෙවියන් වහන්සේගේ දෘෂ්ඨි කෝණයෙන් පැහැදිලිව දැකීමට අපගේ ඇස් විවෘත කරනු ලබන්නේ විනයානුකුල කිරීම් හරහාය. තවමත් පාපෝච්චාරණය නොකල පසු නොතැවුන පාපය හා ගනු දෙනු කිරීමට විනයානුකුල කිරීම් තුළින් අපව යොමු කරවන බව දාවිත් රජතුමා ගීතාවලිය 32 පවසයි. මේ ආකාරයෙන් බලන කල විනයානුකුල කිරිම යනු පවිත්‍ර කිරීමයි. එය වර්ධනය දෙන්නාවූ උත්ප්‍රේරකයකි. අප කොතෙක් දුරට දෙවියන් වහන්සේ හදුනා ගත්තේද එතෙක් දුරට අපගේ ජීවිත පිළිබඳ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීමට හැකි වන්නේය. විනයානුකුල කිරීම හරහා දෙවියන් වහන්සේගේ ස්වරූපයට අප ගොඩනැඟීම පිළිබඳ, දැන ගැන්මකට හා ස්ථාවරත්වයකට පත්වීම සඳහා අවස්ථාවක් අපට ලබා දෙයි. (රෝම12:1-2) විනයානුකුල කිරීම සැබවින්ම යහපත්ය.

මෙම පොළොවෙහි අප ජීවත්වනතාක් කල් පාපය අප සමඟ වන බව නිරතුරුවම අප මතක තබා ගත යුතුය (රෝම 3:10,23). එබැවින් අපගේ අකීකරුකම පිළිබඳව දෙවියන් වහන්සේ විනයානුකුල කිරීම පිළිබඳව පමණක් නොව අපගේ පාපයන් නිසා සිදුවන ස්වාභාවික විපාකයන් පිළිබඳවද ගනුදෙනු කළ යුතුව ඇත. ඇදහිලිවන්තයෙකු සොරකමක් සිදු කළේ නම් දෙවියන් වහන්සේ ඔහුට කමා කොට සොරකම් කිරීමේ පාපයෙන් ඔහු පවිත්‍ර කර පසුතැවුනාවූ සොරා සහ එතුමා අතර සහභාගිකම නැවත ප්‍රතිස්ථාපනය කරනවා ඇත. කෙසේ වුවද සමාජගත සොරකම දරුණු / භායනක දඩ ගෙවීමක් හෝ බන්ධනා රෝධනයක ප්‍රථිඵලය විය හැක. මේවා ස්වාභාවික පාපයේ ප්‍රතිවිපාක බැවින් දරා ගත යුතුය. අපගේ ඇදහිල්ල වර්ධනය කර එතුමා මහිමයට පත්වන පිණිස එවැනි ප්‍රතිවිපාක අතරින්ද දෙවිදුන් ක්‍රියා කරනවා ඇත. English



නැවතත් සිංහල මුල් පිටුවට

අප පව් කළ විට දෙවියන් වහන්සේ අපට දඬුවම් කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries