settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සර්වව්‍යාපී යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


සර්ව යන උපසර්ගය පැමිණෙන්නේ සියල්ලම යන ලතින් වචන යෙන්ය. එහෙයින් දෙවියන්වහන්සේ සර්වව්‍යාපී යනු උන්වහන්සේ සෑම තැනකදීම සිටිනු යයි පැවසීමය. බොහෝ ආගම් වල දෙවියන්වහන්සේ සර්වව්‍යාපී ලෙස හඳුන්වන අතර යුදෙව් ආගම සහ කිතුණු ආගමෙහි මෙම මතය තවදුරටත් අනු කොටස් වලට වෙන් වන්නේ දෙවියන්වහන්සේගේ උත්තරීතර බව සහ අන්තර් භාවය ලෙසය. දෙවියන් වහන්සේ මැවිල්ලෙහි නිර්මාණය (සර්ව දේවවාදය) තුළ ගිල්වී නැතිවූවත් උන්වහන්සේ සියලූ තැන්හීම විද්‍යාමාන වී සිටින සේක.

දෙවියන්වහන්සේගේ විද්‍යාමාන බව මුළු මැවිල්ල තුළම අඛණ්ඩ වන නමුත් එය සෑම තැනකදීම සිටින මනුෂ්‍යයන්ට එකම ආකාරයට අනාවරණය නොවේ. සමහර අවස්ථාවන්හී යම් තත්වයක් තුළ උන්වහන්සේ ක්‍රියාකාරීව විද්‍යාමාන වන අතරම උන්වහන්සේ තවත් තත්වයක් තුළ එකම ස්ථානයෙහි අනාවරණය නොවනු සේක. දේව වචනය අනාවරණය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ ඕනෑම අවස්ථාවක යම් පුද්ගලයෙකුට විද්‍යාමාන වන අතරම (ගීතාවලිය 46:1; යෙසායා 57:15) සෑම මැවිල්ලටම එකම විට විද්‍යාමාන විය හැකි බවය. (ගීතාවලිය 33:13–14). සර්වව්‍යාපීවීම වූ කලී කාලයෙහි සහ අවකාශයෙහි යන දෙකෙහිම සෑම පරාසයකම දෙවියන්වහන්සේ විද්‍යාමාන වන ආකාරයවේ. දෙවියන්වහන්සේ සෑම කාලයකම සහ අවකාශයකම විද්‍යාමාන වන නමුත් උන්වහන්සේ කිසිඳු කාලයකට සහ අවකාශයකට ස්ථානීය වශයෙන් සීමා වී නැත. දෙවියන්වහන්සේ සෑම තැනකම මෙන්ම සෑම මොහොතකම සිටින සේක. දෙවියන්වහන්සේට විද්‍යාමාන වීමට නොහැකි වන ආකාරයට කිසිඳු අණුවක් හෝ පරමාණුවක් ඉතා කුඩාවී වත් උන්වහන්සේට පරිගත කළ හැකි ආකාරයට කිසිඳු තාරකා මණ්ඩලයක් අති විශාල වීවත් නොමැත. අප මැවිල්ල ඉවත් කරලීමූ නම් දෙවියන්වහන්සේ විසින් එයද දැනු ගනු ලබන්නේ සියල්ලම සත්‍යයද නොමැතිද යන්න පිළිබදව මෙන්ම උන්වහන්සේ සියල්ලෙහිම පුළුවන්කම පිළිබදවද දන්නා සේක.

දෙවියන්වහන්සේ ස්වභාවයයෙන්ම සියලූම දෑ ස්වාභාවිකව තිබිය යුතු ආකාරයටම, ඒ අන්දමටම, එම කාලයෙහි සහ අවකාශයෙහි විද්‍යාමාන වේ (යෙසායා 40:12; නාහුම් 1:3). දෙවියන්වහන්සේ ක්‍රියාකාරීව ඉතිහාසයේ සදහන් වන සෑම කටයුත්තකම මෙන්ම වෙනස් ආකාරයකට මනුෂ්‍යයාගේ කටයුතු වලට දූරදර්ශී විද්‍යාමාන වන්නේ මාර්ගෝපදේශකයක් ලෙසය. (ගීතාවලිය 48:7; 2 ලේකම් 20:37; දානියෙල් 5:5–6). දෙවියන්වහන්සේ උන්වහන්සේගේ නාමය කියා හඩ ගසන්නවුන්ට, අන් අය වෙනුවෙන් මැදිහත් කාරකම් කරන්නවුන්ට, දෙවියන්වහන්සේ ආදර ගෞරව දක්වන්නන්ට, උන් වහන්සේට අයදින්නවුන්ට සහ ඒකාන්තයෙන්ම පව් කමාව පිණිස එතුමන්ට යාච්ඤා කරන්නවුන්ට සාවධානව විද්‍යාමාන වනු ලබන සේක (ගීතාවලිය 46:1). අති ශ්‍රේෂ්ඨව උන්වහන්සේගේ පුත්‍රවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මනුෂ්‍යය ආකාරයෙන් විද්‍යාමාන වන අතරම (කොලෝස්සි 2:19), පාතාලයේ දොරටු වලට එරෙහිව නැගී සිටීමට නොහැකි වන සේ පොළොව පුරාවටම ඇති සර්ව සභා තුලම ගුප්තාකාරයෙන්ම විද්‍යාමාන සේක.

දෙවියන්වහන්සේගේ සර්වව්‍යාපී භාවය දෘෂ්‍යමාන විරුද්ධා භාෂයන් තුළ පීඩා විදිනු ලබන්නේ මනුෂ්‍ය මනසෙහි ඇති සීමාවන් කරණකොටගෙනය, දෙවියන් වහන්සේගේ සර්වව්‍යාපී භාවයත් ඒ ආකාරවේ. මෙවන් විරුද්ධා භාෂයන් වැදගත්ය: එනම් දුෂ්ටයන් නික්ම ගිය ස්ථානය, අසීමිත ලෙස දුක් විදිනු ලබන මෙන්ම ඔවුන්ගේ පාපය කරණකොටගෙන දෙවියන්වහන්සේගේ නොකඩව පවත්නා ඉතා තද කෝපය ඇති ස්ථානය වන නිරයෙහි දෙවියන්වහන්සේගේ විද්‍යාමාන බව ආදියයි. බොහෝ දෙනෙකු වාද කරනු ලබන්නේ නිරය වූ කලී දෙවියන්වහන්සේගෙන් වෙන්වූ ස්ථානයක් බවය, (මතෙව් 25:41) එසේ නම් උන්වහන්සේගෙන් වෙන්වූ ස්ථානයක එතුමන්ට සිටිය නොහැක. කෙසේ නමුත් නිරයෙහි සිටිනවුන් උන්වහන්සේගේ සදාකාලික කෝපය දරා ගෙන යන අතර එළිදරව් 14:10 හි ප්‍රකාශ කරනු ලබන්නේ බැටළු පැටවාණන් ඉදිරියෙහි දුෂ්ටයන්ගේ බලවත් හිරිහැරයයි. දෙවියන්වහන්සේ දුෂ්ටයන් වෙන්වී සිටින ස්ථානයක සිටිය යුත්තේ ඔවුන්ට මහත් සන්ත්‍රාසයක් දැනෙනු පිණිසය. කෙසේ නමුත් මෙම විරුද්ධා භාෂය පැහැදිලි කළ හැකි වන කරුණ නම් දෙවියන් වහන්සේ විද්‍යාමාන විය හැක මන්දයත් උන්වහන්සේගේ විද්‍යාමාන භාවයෙන් සියලූ දෑ එතුමාණන් විසින් සම්පූර්ණ කරනු ලබන අතරම (කොලොස්සි 1:17) උන්වහන්සේගේ වචනයේ බලයෙන් සියල්ලම ඔසවනු ලබන නමුත් (හෙබ්‍රව් 1:3) ආශිර්වාද කිරිමට උන්වහ්න්සේ අවශ්‍යයෙන්ම සෑම තැන්හීදීම නොසිටින සේක.

උන්වහන්සේගේ දරුවන්ගේ පාපය හේතුකොටගෙන දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්ව සිටින්නාක් මෙන් (යෙසායා 52:9), උන්වහන්සේ දුෂ්ටයන්ගෙන්ද ඈත්ව සිට (හිතෝපදේශ 15:29) අභක්තික අන්ධකාර බලවේගවන් වලට කාලය අවසන් වන විට සදාකාලික දඩුවම් ඇති ස්ථානයකට නික්මයාමට අණ කරනු ලබන නමුත් දෙවියන් වහන්සේ ඔවුන් මධ්‍යයේද සිටිනු ලබන සේක. නිරයේ වර්තමානයේ සිටින ප්‍රාණයන් විදින්නාවූ ගැහැට පිළිබදව උන්වහන්සේ දන්නා අතරත ඔවුන්ගේ කටුක වේදනාවල විරාමයක් ඉල්ලමින් ඔවුන් නගන්නාවූ විලාපයන් සහ ඔවුන් සිටින්නාවූ සදාකාලික තත්වය පිලිබදව ඔවුන්ගේ කඳුල සහ කණගාටුව එතුමාණන් දන්නා සේක. උන් වහන්සේ ඔවුන්ගේ පාපය නොතිබුණි නම් පිරිනැමී මට තිබුණු ආශිර්වාදයන් වලට ඔවුන් විසින්ම බිහි කළ ඇති විවරය පිළිබදව නිරන්තර මතක් කිරීමක් ලෙස උන්වහන්සේ සෑම ආකාරයකින්ම සිටින සේක. උන්වහන්සේ සෑම ආකාරයකින්ම සිටිනු ලැබුවත් උන් වහන්සේගේ උදහස හැර වෙන කිසිඳු ගුණාංගයක් විදහා දක්වනු නොලබන සේක.

ඒ ලෙසින්ම උන්වහන්සේ ස්වර්ගයෙහිද සිටිනු ලබන්නේ අපට මෙහිදී කිසිම ආකාරයකින් වටහා ගත නොහැකි සෑම ආශිර්වාදයක්ම ප්‍රකට කරමිනි. එසේම උන් වහන්සේගේ උදහස හැර එතුමාණෝ තමන් වහන්සේගේ අනේකාකර ආශිර්වාදයන්, අනේකාකර ප්‍රේමය සහ අනේකාකර කරුණාවන්තකම විදහා දක්වන සේක. දෙවියන් වහන්සේගේ සර්වව්‍යාපීභාවය ක්‍රියා කළ යුත්තේ අප පව් කළ විට උන්වහන්සේගෙන් සැගවිය නොහැකි බවට මතක් කර දීමක් වශයෙන් විය යුතු නමුත් (ගීතාවලිය 139:11–12), අපට ඉවත්ව නොයා දෙවියන්වහන්සේ වෙතට පශ්චාතාපයෙන් සහ ඇදහිල්ලෙන් නැවත යා හැක (යෙසායා 57:16). English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සර්වව්‍යාපී යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries