settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ පෙනුම කෙබඳු ආකාරද?

පිළිතුර


දෙවියන්වහන්සේ ආත්මයක්ය (යොහාන් 4:24), එහෙයින් උන් වහන්සේගේ පෙනුම අපට විස්තර කළ හැකි ආකාරයක දෙයක් නොවේ. නික්මයාම 33:20 හි සදහන් කරනු ලබන්නේ “මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේ යයි කීසේක”. පව්කාර මනුෂ්‍යයන් ලෙස දෙවියන් වහන්සේගේ මහිමය බලාගැනීමට අප අසමත් වෙමු. උන්වහන්සේගේ පෙනුම මුළුමනින්ම සිතාගත නොහැකිවූත් පව්කාර මිනිසාට සුරක්ෂිතව ප්‍රත්‍යක්ෂ කිරීමට නොහැකි වන්නේ බොහෝ තේජාන්විත හෙයිනි.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට නොයෙක් අවස්ථාවන්හී පෙනී සිටීම පිළිබදව දේව වචනය විස්තර කරනු ලබයි. මෙම ප්‍රස්ථාවන් දෙවියන් වහන්සේගේ පෙනුම නියම ආකාරයට විස්තර කිරිමක් ලෙස වටහා ගත නොයුතු අතර දෙවියන් වහන්සේ අපට තේරුම් ගත හැකි ආකාරයට උන් වහන්සේව අනාවරණය කිරිමක් වේ. දෙවියන් වහන්සේගේ පෙනුමේ ආකාරය අපට තේරුම් ගත හැකි හෝ විස්තර කිරිමට ඇති හැකියාව ඉක්මවා යන්නකි. දෙවියන් වහන්සේ එතුමන්ගේ පෙනුමේ ආකාරයේ ක්ෂණික දර්ශනයක් අපට දෙනු ලබන්නේ උන්වහන්සේගේ සත්‍යය පිළිබදව අපට ඉගැන්වීමටය නැතහොත් එතුමන් පිළිබදව යම් ප්‍රතිරූපයක් අපගේ මනසේ තබා ගැනීමට නොවේ. දෙවියන්වහන්සේගේ විශ්මජනක පෙනුම විස්තර කරනු ලබන බලවත් පාඨයක් දෙකක් නම් එසකියෙල් 1:26–28 සහ එළිදරව් 1:14–16 ය.

එසකියෙල් 1:26–28 හි ප්‍රකාශ කරනු ලබන්නේ “ඔවුන්ගේ හිස් වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණිඛ්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍යය පෙනීමත් ඇති ස්වරූපයක් තිබුණේය. එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉගටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිසෙන පිත්තල වල බැබලීමක් වාගේ දුටිමි. උන්වහන්සේගේ ඉගටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනි පෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත් කමක්ද දුටිමි. වටකර තිබුණු දීප්තිමත් පෙනීමේ වර්ෂා දවසක වලාකුලේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහී ස්වාමින්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කළ මුහුණින් වැටුණෙමි, කථා කරන කෙනෙකුගේ හඩ මට ඇසුණේයග” එළදරව් 1:14–16 හි ප්‍රකාශ කරනු ලබන්නේ “උන්වහන්සේගේ හිසද හිසකේද සුදු ලොම් සහ හිම මෙන් සුදුය; උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමානය උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිසහන පිත්තල මෙන්ය; උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය උන්වහන්සේගේ ස්වකීය දකුණතෙහි තාරකා හතක් ඇතිව සිටින සේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්‍යයා මෙන්ය.”

මෙම පාඨයන් තුළින් නිරූපණය කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ පෙනුම විස්තර කිරීම පිණිස එසකියෙල් සහ යොහාන් ගත් ඉහළම ප්‍රයත්නයයි. මනුෂ්‍යයන්ගේ භාෂාවේ වචන නොතිබුණු හෙයින් ඔවුන්ට සංකේතාත්මක භාෂාව භාවිතා කිරිමට සිදුවූහ. උදාහරණ ලෙස, “පෙනීමට තිබුණු දේ වැනි” “පෙනීම වැනි” “උන්වහන්සේ ඒ ආකාරයට පෙනෙනු ලැබුවා” ආදියයි. අප ස්වර්ගයේ සිටින විට “උන්වහන්සේ සිටින ආකාරයට අපි උන් වහන්සේව දකින්නෙමුව” (1 යොහාන් 3:2). තව දුරටත් පාපය නොතිබෙන්නට යන අතර දෙවියන්වහන්සේව සියලූ තේජසින් අපට ප්‍රත්‍යක්ෂ කිරීමට ලැබෙනු ඇත. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ පෙනුම කෙබඳු ආකාරද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries