settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යයන්, බයිබලය දැන ගැනීමට පෙර දෙවියන්වහන්සේව දැන ගත්තේ කෙසේද?

පිළිතුර


මනුෂ්‍යයන්ට ලිඛිත වශයෙන් බයිබලය නොතිබුණත්, ඔවුන්ට දෙවියන් වහන්සේව ලබා ගැනීමට, තේරුම් ගැනීමට කීකරුවීමට පුළුවන් විය. අද ලෝකයේ බොහෝ ස්ථානවල බයිබලය නොතිබුණත්, මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව දැන ගැනීමට හැකි වේ. මෙයින් පෙන්නුම් කරන්නේ එළිදරව්වකි. දෙවියන්වහන්සේ ගැන මනුෂ්‍යයා දැනගත යුත්තේ කුමක්දැයි උන්වහන්සේ අපට එළිදරව් කරන සේක. දේව වචනය නොතිබුණත් දෙවියන් වහන්සේගේ එළිදරව් තේරුම් ගැනීමට සහ ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. “එළිදරව්” වර්ග දෙකකට බෙදේ: පොදු එළිදරව් සහ විශේෂ එළිදරව් වශයෙන්ය.

දෙවියන්වහන්සේ විසින් සමස්ත මිනිස් සංහතියටම ප්‍රකාශ කරන එළිදරව්, පොදු එළිදරව් ලෙස හැඳින්වේ. කුමන හේතුවක් නැතහොත් මූලාශ්‍රයකින් දෙවියන්වහන්සේ අපට එළිදරව් වීම, පොදු එළිදරව්වේ පිටස්ථර දැක්ම ලෙස දැකිය හැක. මෙවැනි දේවල් තිබීම නිමිත්තෙන්, මෙම දේවල් සඳහා හේතුවක්ද තිබිය යුතු වේ. එබැවින් දෙවිකෙනෙකු ද සිටිය යුතු වේ. “මක්නිසාද ලෝකය මැවු තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘෂ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේයු එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති” යැයි රෝම 1:20හි සඳහන් වවේ. සියලු පුරුෂයන් සහ ස්ත්‍රීන් මැවිල්ල දෙස බලා දෙවියන්වහන්සේ සත්‍යයෙන්ම සිටින බව සහ ජීවමාන බව දැනගන්නෝය. මැවිල්ල, දෙවියන් වහන්සේ ගැන අප සැමටම තේරුම් ගත හැකි භාෂාවකින් අපට පැහැදිලිවම පෙන්නුම් කරන බව ගීතාවලිය 19:1-4 වන පදයන්හි සඳහන් වේ. “කථාවක්වත් වචනයක්වත් නැති ඒවායේ ශබ්දය නොඇසෙයි” (ගිතාවලිය 19:3). ස්වභාවධර්මය තුළින් එළිදරව්ව පැහැදිලි එකකි. කිසි කෙනෙකුට නොසැලකිලිමත්කම නිදහසට කරුණක් කරගත නොහැක. අදේවවාදින් නොසිටිය යුතුවේ. නාස්තික දෘෂ්ථිකයන්ටද කිසිඳු නිදහසට කරුණක් තිබිය නොහැක.

දෙවියන්වහන්සේ, අපගේ හෘද සාක්ෂිය අභිමුවේ උන්වහන්සේගේ එළිදරව් හෙළිකිරීම, පොදු එළිදරව්වේ අංශයකි. මෙය අභ්‍යන්තර වේ. “මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැන ගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ” (රෝම 1:19). මනුෂ්‍යයන්ට නොවැදගත් වන්නාවු භුමිකාවක් තිබෙන නිසා, දෙවිකෙනෙක් සිටින බව ඔවුන් දැන සිටියි. මිෂනාරිවරුන්ට සම්බවන, බයිබලය ගැනවත්, යේසුස්වහන්සේ ගැනවත් උන්වහන්සේට සම්බන්ඳ කිසිඳු දෙයක් නොදන්නා “ගෝත්‍රිකයන්” තුළින් පොදු එළිදරව්ව සහ එහි අංශ දෙක පැහැදිලි වේ. එනමුත් ගැළවීමේ මාර්ගය ඔවුන්ට පෙන්නුම් කළ විට, ස්වභාවධර්මය තුළින් උන්වහන්සේ සිටින බවට සාක්ෂි පෙන්නුම් වන බැවින් සහ ඔවුන් වැරදි කරන බව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන්ට පෙන්වාදීම තිමිත්තෙන් ඔවුන් හට ගැළවුම්කරු අවශ්‍ය බවත්, මෙය හේත්තු කොට ගෙන දෙවියන්වහන්සේ ජීවමාන බව ඔවුන් තේරුම් ගෙන ඇත.

පොදු එළිදරව් කිරීමට අමතරව, විශේෂ එළිදරව් තුළින් උන්වහන්සේ ගැන සහ උන් වහන්සේගේ කැමැත්ත ගැන මනුෂ්‍යයන්ට එළිදරව් කරන සේක. විශේෂ එළිදරව් පැමිණෙන්නේ සමහරක් මනුෂ්‍යයන්ට සහ කිසියම් වෙලාවක පමණි. පස ඇට දැමීම (ක්‍රියා 1:21-26, හිතෝපදේශ 16:33), ඌරීම් සහ තුමිමීම් (ප්‍රධාන පූජකයන් විසින් භාවිතාවු විශේෂ පස ඇට වර්ගයකි නික්මයාම 28:30, ගණන් කථාව 27:21, ද්වීතය කථාව 33:8, 1 සාමුවෙල් 28:6 සහ එස්රා 2:63), ස්වප්න සහ දර්ශන (උත්පත්ති 20:3,6, 31:11-13,24, යෝවෙල් 2:28), දේවදූතයන් දර්ශන වීම (උත්පත්ති 16:7-14, නික්මයාම 3:2, 2 සාමුවෙල් 24:16, සෙකරියා 1:12), සහ ප්‍රොපේතවරුන්ගේ සේවය (2 සාමුවෙල් 23:2, සෙකරියා 1:1) විශේෂ එළිදරව්වලට දේව වචනයෙන් ගත හැකි නිදසුන් වේ. මෙම බයිබල් පදවල දීර්ඝ විස්තරයක් ඉහත සිද්ධීන්වල නොතිබුණත්, විශේෂ එළිදරව් ගැන දිය හැකි ඉතා සුදුසු නිදසුන් වේ.

බයිබලය දෙස බැලූ විට, එයත් එක්තරා වර්ගයක විශේෂ එළිදරව්වකි. අද සමාජයට ඔබින සහ නොබින සියලුම විශේෂ එළිදරව් අඩංගු වීම නිසා, බයිබලය පොදු එළිදරව් කිරීමේ වර්ගීකරණයක් වේ. යේසුස්වහන්සේගේ අන්වෙසක්වීමේ සිද්ධිය (මතෙව් 17, ලූක් 9) දුටු පේත්‍රැස් සහ යොහාන් පවසන්නේ “ඊට වඩා ස්ථීර කරන ලද්දාවු අනාගත වාක්‍යයක් අපට තිබෙන බැවින්” (2 පේත්‍රැස් 1:19 ) මෙම විශේෂ අත්දැකීම ප්‍රධාන නොවන බවය. මෙයට හේත්තු වන්නේ, බයිබලය දෙවියන්වහන්සේ ගැන සහ උන් වහන්සේගේ සැලැස්ම ගැන අපට විස්තර එළිදරව් කරන්නාවු ලිඛිත සටහනක් වන බැවිනි. දෙවියන්වහන්සේ අතර සම්බඳතාවයක් පැවැත්වීමට සියලු සාදක බයිබලයේ සඳහන් වී තිබේ.

එම නිසා අපට බයිබලය ලැබීමට පෙර දෙවියන්වහන්සේ විවිධ ආකාරයන් භාවිතා කරමින් මනුෂ්‍යයන්ට එළිදරව්වූ සේක. දෙවියන්වහන්සේ එක් ආකාරයකින් නොව, විවිධාකාරයෙන් එළිදරව්වීම ආශ්චර්යයමත් කරුණකි. දෙවියන්වහන්සේ උන් වහන්සේගේ ලිඛිත සටහන දී, අප උදෙසා එය අදටත් ආරක්ෂා කිරීම නිමිත්තෙන් අප උන්වහන්සේට ස්තුතිවන්ත විය යුතු වේ. දෙවියන්වහන්සේ පැවසූ දේ තවත් කෙනෙකු විසින් ඉගෙනීමට අවශ්‍යම නොවන අතර, අප විසින්ම එය අධ්‍යනය කළ හැකි වේ.

දෙවින්වහන්සේගේ පැහැදිලිම එළිදරව්වීම, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේය (යොහාන් 1:14, හෙබ්‍රෙව් 1:3). යේසුස්වහන්සේ මනුෂ්‍යයත්වය රැගෙන පොළොවට පැමිණීම අති විශිෂ්ටම එළිදරව්ව වේ. එනම් උන්වහන්සේ කුරුසියේ අපේ පව් උදෙසා පූජාවීම, උන්වහන්සේගේ ප්‍රේමය සැක රහිත බව එළිදරව් කරයි (1 යොහාන් 4:10).



English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යයන්, බයිබලය දැන ගැනීමට පෙර දෙවියන්වහන්සේව දැන ගත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries