settings icon
share icon
ප්‍රශ්නය

ආදම් සහ ඒව පව් කරන බව දෙවියන්වහන්සේ දැන සිටියා නම්, උන්වහන්සේ ඔවුන්ව මැව්වේ ඇයි?

පිළිතුර


දෙවියන්වහන්සේ අප උදෙසා සියල්ල මවා ඇත්තේ තමා උදෙසා බව බයිබලය පවසයි. උන්වහන්සේගේ මැවිල්ලෙන් මහිමයට පත්වේ. "මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්‍ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා! ආමෙන්" (රෝම 11:36).

ආදම් සහ ඒව පාපයට වැටීම දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන්නේ කෙසේදැයි බැලීමට අපහසු විය හැකිය. ඇත්ත වශයෙන්ම, සමහරුන් කල්පනා කළ හැකිය, දෙවියන්වහන්සේ තමන් විසින් ඇති කරනු ලබන සියලු කරදර කල්තියා දැන සිටියේ නම්, උන්වහන්සේ ඒවාට මුල් තැන දුන්නේ ඇයි කියා.

දෙවියන්වහන්සේ සර්වාඥානය (ගීතාවලිය 139:1-6), උන්වහන්සේ අනාගතය දනී (යෙසායා 46:10). එබැවින් ආදම් සහ ඒව පව් කරන බව උන්වහන්සේ නිසැකවම දැන සිටියේය. නමුත් උන්වහන්සේ ඔවුන්ව කෙසේ හෝ මැවූ අතර ඔවුන් පව් කිරීමට තෝරාගත් නිදහස් කැමැත්තක් ඔවුන් තුල විය.

ආදම් සහ ඒව පාපයට වැටීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ පාපයේ කර්තෘ හෝ උන්වහන්සේ ඔවුන්ව පාපයට පෙළඹවූ බව නොවේ (යාකොබ් 1:13). නමුත් මෙම වැටීම දෙවියන්වහන්සේ මැවීම සහ මිනිස් සංහතිය සඳහාවූ සමස්ත සැලැස්මේ අරමුණ ඉටු කරයි.

සමහර දේවධර්මවාදීන් ශුද්ධ ලියවිල්ලේ "මෙටා-සම්බන්ධ සිද්ධි" (හෝ අතිශය පුළුල් කථා වස්තුව) ලෙස හඳුන්වනදේ සලකා බැලුවහොත්, බයිබලානුකුල ඉතිහාසය දළ වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකි බව අපට පෙනේ: 1) පාරාදීසය (උත්පත්ති1- 2) පාරාදීසය නැතිවී ගියේය (උත්පත්ති 3 — එළිදරව් 20); සහ 3) පාරාදීසය නැවත ලැබුණි (එළිදරව් 21—22). සම්බන්ධ සිද්ධි අතර විශාලතම කොටස කැපවී ඇත්තේ පාරාදීසයේ සිට අහිමිවූ පාරාදීසයට මාරුවීම සඳහා ය. මෙම මෙවා -සම්බන්ධ සිද්ධි කේන්ද්‍රය වන්නේ මුලසිටම සැලසුම් කරන ලද කුරුසයයි (ක්‍රියා 2:23).

ශුද්ධලියවිල්ල පරෙස්සමින් කියවීමෙන් පහත සඳහන් නිගමනවලට අපව යොමු කරනු ලැබේ.

1. මිනිස් සංහතියේ වැටීම දෙවියන්වහන්සේ විසින් පුරෝකථනය කරන ලදී.

2. දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ පව් කමාව වන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම දෙවියන්වහන්සේ විසින් කලින් නියම කරන ලද්දකි.

3. සියලු මිනිසුන් කවදා හෝ දෙවියන්වහන්සේව මහිමයට පත් කරනු ඇත (ගීතාවලිය 86:9), දෙවියන්වහන්සේ අදහස් කරන්නේ "ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ක්‍රිස්තුස්වහන්සේ යටතේ එකමුතු කිරීම" (එපීස 1:10).

දෙවියන්වහන්සේගේ පරමාර්ථය වූයේ උන්වහන්සේගේ මහිමය එහි පූර්ණත්වයෙන් විදහා දැක්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීමයි. දෙවියන් වහන්සේගේ මහිමය නම් මැවීමේ අති මහත් ඉලක්කයයි. ඇත්ත වශයෙන්ම, එය උන්වහන්සේ කරන සෑම දෙයකම අතිමහත් ඉලක්කයයි. විශ්වය මවන ලද්දේ දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රදර්ශනය කිරීම සඳහාය (ගීතාවලිය 19:1), දෙවියන්වහන්සේව මහිමවත් කිරීමට අසමත් වන අයට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස හෙළිවේ (රෝම 1:18-25). දෙවියන් වහන්සේගේ මහිමය වඩාත් හොඳින් විදහා දක්වන ලෝකය නම් අප සතුව ඇති ලෝකය — වැටීමට ඉඩදී ඇති ලෝකයක්, මුදවාගත් ලෝකයක්, එහි පරිපූර්ණත්වයට යථාතත්වයට පත්වන ලෝකයකි.

දෙවියන්වහන්සේගේ උදහස සහ දෙවියන්වහන්සේගේ දයාව මගින් උන් වහන්සේගේ මහිමයේ ධනය විදහා දක්වයි, නමුත් මනුෂ්‍ය වර්ගයාගේ වැටීමකින් තොරව අපට දැකිය නොහැක. අපට කිසිදිනෙක කරුණාව අවශ්‍ය නොවූයේ නම් අපි කිසිවිටෙකත් කරුණාව නොදනිමු. එම නිසා, මිනිස් සංහතියේ වැටීම, තේරිම, මිදීම සහ පව් කමාව ඇතුළුව දෙවියන් වහන්සේගේ සියලු සැලැස්ම දෙවියන්වහන්සේව මහිමවත් කිරීමේ අරමුණ ඉටු කරයි. මිනිසා පාපයට වැටුණුවිට, දෙවියන්වහන්සේ එම ස්ථානයේදීම ඔහුව මරා නොදැමීම තුළ දෙවියන්වහන්සේගේ දයාව වහාම ප්‍රදර්ශනයවිය. දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය ඔවුන්ගේ ලැජ්ජාව වැසිම සඳහා උන්වහන්සේ විසින් සපයන ලද ආවරණයෙන් වහාම පැහැදිලිවිය (උත්පත්ති 3:21). දෙවියන්වහන්සේගේ ඉවසීම සහ පසුකාලීනව ප්‍රදර්ශනය කෙරුණේ මනුෂ්‍ය වර්ගයා ගැඹුරට පාපයට වැටීමෙනි. දෙවියන්වහන්සේ ගං වතුර යැවූවිට දෙවියන්වහන්සේගේ යුක්තිය හා උදහස ප්‍රදර්ශනයවූ අතර, උන්වහන්සේ නෝවා සහ ඔහුගේ පවුලේ අයව ගලවා ගත් විට දෙවියන් වහන්සේගේ දයාව හා කරුණාව යළිත් විදහා දැක්වීය. දෙවියන්වහන්සේගේ ශුද්ධ උදහස සහ පරිපූර්ණ යුක්තිය අනාගතයේදී සාතන් සමඟ එක් වරක් ගනු දෙනු කරන විට දැකගත හැකිය (එළිදරව් 20:7-10).

දෙවියන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ප්‍රේමයෙන්ද හෙළිවේ (1 යොහන් 4:16). දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ අපගේ දැනුම ලැබෙන්නේ මේ වැටුණු ලෝකයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගල භාවය හා ගැලවීමේ කාර්යයෙනි. "දෙවියන්වහන්සේ අප අතර ප්‍රේමය පෙන්වූයේ එලෙසය: උන්වහන්සේ තම එකම පුත්‍රයාව ලෝකයට එවා උන් වහන්සේ තුළින් අප ජීවත් වන පිණිස" (1 යොහන් 4:9). ආදම් සහ ඒවගේ වැටීම පිළිබඳ උන්වහන්සේගේ දැනුම මත පදනම්ව දෙවියන්වහන්සේ ඔවුන්ව නිර්මාණය නොකිරීමට තීරණය කර තිබුනේ නම් හෝ කිසිම කැමැත්තක් නොමැතිව ස්වයංක්‍රිය යන්ත්‍ර නිපදවූයේ නම්, ප්‍රේමය යනු කුමක්දැයි අපි කිසිවිටෙකත් නොදැන සිටින්නෙමු.

දෙවියන්වහන්සේගේ මහිමයේ අවසාන ප්‍රදර්ශනය උන්වහන්සේගේ උදහස, යුක්තිය සහ දයාව හමුවූ කුරුසියේය. සියලු පාපයන්ගේ ධර්මිෂ්ධ විනිශ්චය කුරුසියේදී ක්‍රියාත්මක කරන ලද අතර දෙවියන්වහන්සේගේ කරුණාව උන් වහන්සේගේ පුත්‍රයාගේ වචන වන "පියාණෙනි, ඔවුන්ට සමාව දුන මැනව" (ලූක් 23:34). දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා කරුණාව උන්වහන්සේ ගැළවූ අය තුළ ප්‍රකාශවේ (යොහන් 3:16; එපීස 2:8-10). අවසානයේදී, දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූ ජනයා දේවදූතයන් සමඟ සදාකාලයටම නමස්කාර කරන බැවින් දෙවියන්වහන්සේ මහිමයට පත්වනු ඇත. දුෂ්ටයන්ද දෙවියන්වහන්සේව මහිමයට පත් කරනු ඇත. ඒ නම් උන්වහන්සේගේ සාධාරණ ප්‍රතිඵල මත සදාකල දඬුවම ලැබිම හා පසුතැවිලි නොවු පව්කාරයන් හේතුවෙන්. ආදම් සහ ඒවගේ වැටීමකින් තොරව, අපි කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ යුක්තිය, කරුණාව, දයාව හෝ ප්‍රේමය නොදැන සිටිමු.

දෙවියන්වහන්සේගේ පුරෝකථනය සහ වැටීම පිළිබඳ පූර්ව නිගමනය මිනිසාගේ නිදහසට හානි කරන බවට සමහරු විරෝධය පළ කරති. වෙනත් වචන වලින් කිවහොත්, දෙවියන්වහන්සේ මනුෂ්‍යායා මැව්වේ පාපයට වැටීම පිළිබඳ පූර්ණ දැනුමක් ඇතිව නම්, මිනිසා තම පාපයට වගකිව යුත්තේ කෙසේද? එම ප්‍රශ්නයට හොඳම පිළිතුර වෙස්ට්මිනිස්ටර් පාපොච්චාරණ ඇදහිල්ලෙන් සොයා ගත හැකිය:

"දෙවියන්වහන්සේ සදාකාලිකවම, තමාගේ අභිමතය පරිදි ඉතා ඥානවන්ත හා ශුද්ධවූ උපදෙස් මගින් නිදහසේ හා වෙනස් නොවන ලෙස නියම කළදේ නියම කළේය. එහෙත්, එමගින් දෙවියන්වහන්සේ පාපයේ කර්තෘ හෝ සත්වයන්ගේ කැමැත්තට ප්‍රචණ්ඩත්වය ඉදිරිපත් නොකෙරේ. දෙවන හේතූන් වල නිදහස හෝ අවිනිශ්චිතතාව පැහැර හරිනු නොලැබේ, ඒ වෙනුවට ස්ථාපිත කර ඇත"

වෙනත් වචන වලින් කිවහොත්, දෙවියන්වහන්සේ අනාගත සිදුවීම් නියම කරන්නේ අපගේ නිදහස සහ ද්විතීයික හේතූන් (උදා: සොබාදහමේ නීති) ආරක්ෂාවන ආකාරයට ය. දේවධර්මවාදීන් මෙය හඳුන්වන්නේ "එකඟතාව" ලෙසයි. දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය අපගේ නිදහස් තේරීම් වලට සමගාමීව ගලා එනු ඇති අතර එමඟින් අපගේ නිදහස් තේරීම් සැමවිටම දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට හේතුවේ ("නිදහස්" යන්නෙන් අපි අදහස් කරන්නේ අපගේ තේරීම් බාහිර බලපෑම් මගින් බල නොකෙරේ). එය කැමැත්ත සහ තේරීම්වල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි, නමුත් මැවුම්කරු දෙවියන්වහන්සේට ඕනෑම සංකීර්ණතාවයක් හැසිරවිය හැකිය.

ආදම් සහ ඒවගේ වැටීම දෙවියන්වහන්සේ දුටුවේය. උන්වහන්සේ මහිමය ගෙන ඒමට උන්වහන්සේගේ ස්වරූපයෙන් ඒවා කෙසේ හෝ මැවූසේක. ඔවුන්ට තේරීම් කිරීමට නිදහස ලැබුණි. ඔවුන් අකීකරුවීමට තීරණය කළද, ඔවුන්ගේ තේරීම දෙවියන්වහන්සේගේ අවසාන කැමැත්ත ඉටුකළ මාධ්‍යයක් බවට පත්වූ අතර උන්වහන්සේගේ සම්පූර්ණ මහිමය දැක ගත හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආදම් සහ ඒව පව් කරන බව දෙවියන්වහන්සේ දැන සිටියා නම්, උන්වහන්සේ ඔවුන්ව මැව්වේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries