settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ ආත්මයයි යන්නෙහි අරුතකුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ ආත්මයයි යන ඉගැන්වීම යොහාන් 4:24 සඳහන් වේ. "දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආතමයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයයි කීසේක." දෙවියන් වහන්සේට නිසි ලෙස නමස්කාර කිරීම සඳහා භෞතික පෙදෙසක් බලපාන බවට විශ්වාස කළාවූ ස්ත්‍රියකට උන්වහන්සේ මෙසේ පැවසූ සේක.

දෙවියන් වහන්සේ ආත්මයයි යන කරුණෙන් පැහැදිලි වන්නේ පියාණන් වන දෙවියන් වහන්සේට මිනිස් ශරීරයක් නොමැති බවයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ මනුරුවක් රැගෙන පොළොවට වැඩිය සේක (යොහාන් 1:1, 14). නමුත් පියාණන් වන දෙවියන් වහන්සේ එසේ නොපැමිණි සේක. යේසුස් වහන්සේ "එම්මානුවෙල්" "දෙවියන් වහන්සේ අප සමඟයි" යන ලෙස අද්විතීය වේ (මතෙව් 1:23). ගණන් කථාව 23:19 හි දෙවියන් වහන්සේගේ සත්‍යවාදී බව අවධාරණය කරන්නේ මනුෂ්‍යයන් හා සසඳමින්ය." බොරු කියන්ට දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොව සේක. උන්වහන්සේ කී දේ නොකරන සේක්ද? උන්වහන්සේ කථා කළ දේ ඉෂ්ට නොකරන සේක්ද?"

දෙවියන් වහන්සේට ශරීරයක් ඇති බවට බයිබලය පවසන්නේ මන්ද යන්නට ප්‍රශ්ණ කිහිපයක්. උදාහරණයක් ලෙස යෙසායා 59:1 හි දෙවියන් වහන්සේගේ "හස්තය" සහ "කණ" ගැන සඳහන් වේ. 2 ලේකම් 16:9 දෙවියන් වහන්සේගේ "ඇස්" ගැන කථා කරයි. මතෙව් 4:4 හි දෙවියන් වහන්සේගේ "මුඛය" තුළ වචනය තබන බවත් ද්වීතීය කථාව 33:27 "අත්" ඇති බවත් සඳහන් වේ. මෙම පද සියල්ලම මානව තත්වාරෝපණ උදාහරණ වේ. එනම් දෙවියන් වහන්සේව කායික හෝ චිත්තවේගීය වචන වලින් විස්තර කරන ක්‍රමයක් වනඅතර ඉන් මිනිසුන්ට උන්වහන්සේව වඩා හොඳින් තේරුම් ගත හැකි වන්නේය. සංකේතාත්මක භාෂාවක ස්වරූපයක් වන මානව තත්වාරෝපණ භාවිතා කිරීමෙන් දෙවියන් වහන්සේට සැබෑ ශරීරයක් ඇති බව අඟවන්නේ නැත.

දෙවියන් වහන්සේ ආත්මයක් යයි පැවසීම, පියාණන් වහන්සේගේ අදෘශ්‍යමාන බව, තහවුරු කිරීමකි. කොලොස්සි 1:15 හි දෙවියන් වහන්සේව "අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ" ලෙස හදුන්වයි. 1 තිමොති 1:17 දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, "ඉඳින් අමරණීයවූ, අදෘශමානවූ, එකම දෙවිවූ, සදාකාල රජ්ජුරුවන් වහන්සේට ගෞරවයද තේජසද සදාකාලෙටම වේවා. ආමෙන්" යනුවෙන් පවසයි.

දෙවියන් වහන්සේ ආත්මයක් වුවද, එතුමාණන්ට ජීවමාන, පුද්ගලික පැවැත්මක්ද වේ. අපට එතුමාණන් වහන්සේව පෞද්ගලිකව දැන ගත හැකි වේ. යොෂුවා 3:10 මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ ගැන ප්‍රකාශ කරයි. "ජීවමාන දෙවියන් වහන්සේ නුඹලා අතරෙහි සිටින බව ඔබ දැන ගන්නවා ඇත." ගීතාවලිය 84:2 හි මෙසේ ප්‍රකාශ කරයි. "මාගේ සිතත් මාගේ මාංසයත් දෙවියන් වහන්සේට මොරගසති".

දාර්ශණිකව, දෙවියන් වහන්සේ ආත්මයක් වීම සඳහා අපරිමිත විය යුතුය. එසේම දෙවියන් වහන්සේ ශරීරයකට සීමාවූවා නම්, එතුමාණන් වහන්සේට සර්වව්‍යාපී (සෑම තැනකම එකවර) විය නොහැක. පියාණන් වන දෙවියන් වහන්සේ මැවූ දේවල් වල මානයන්හි සීමාවන්ට පමණක් සීමා නොවී සැම තැනකම එකවර පැවතිය හැකිය. දෙවියන් වහන්සේ යනු අන් සියළු ජීවීන් පිටු පස ඇති බලයයි.

සිත් ගන්නා කරුණ නම්, යොහාන් 4:24 හි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ආත්මයාණන් වීම සහආත්මයෙන් සහ සැබෑකමෙන් එතුමන්ට නමස්කාර කිරීමේ සම්බන්ධය ඇති කරයි. සම්ප්‍රදායන්, චාරිත්‍ර සහ භෞතික ස්ථාන මත යැපයීමට වඩා දෙවියන් වහන්සේ ආත්මය බැවින් මිනිසුන් නිවැරදිව (සත්‍යයෙන්) සහ ආත්මයෙන් (ඔවුන්ගේ ආත්මයෙන් සහ හදවතින්) එතුමාණන්ව නමස්කාරකළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ ආත්මයයි යන්නෙහි අරුතකුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries