ප්‍රශ්නය
දෙවියන් වහන්සේ ප්‍රේමයයි (දයාවයි)යන්නෙහි අදහස කුමක්ද?
පිළිතුර
දෙවිදුන් ප්‍රේමයයි එහි අදහස කුමක්ද? ප්‍රථමයෙන්ම අප දේව වචනය වන බයිබලය ප්‍රේමය පිළිබඳව විග්‍රහ කරන්නේ කුමක් දැයි අවධානය කරමු. ඊට පසු එය දෙවියන් වහන්සේට අදාල වන්නේ කෙසේ දැයි බලමු. “ප්‍රේමය බොහෝ ඉවසිලි වන්තය, ගුණ වන්තය, ප්‍රේමය ඊරිසියා වෙන්නේ නැත, ප්‍රේමය පාරට්ටු කර ගන්නේ නැත, උඩඟු වන්නේ නැත, අශෝබන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝප වෙන්නේ නැත, නපුර ගනන් ගන්නේ නැත, අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වන්නේය, සියල්ල දරා ගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත (1 කොරින්ති 13:4-8ආ).
දෙවිදුන් ප්‍රේමය ගැන සඳහන් කරන්නේ එසේය. උන් වහන්සේගේ ස්වභාවයද මේ ප්‍රේමය සේමය. මෙය කිතුණුවන්ගේ ඉලක්කයයි (නිතරම එම ගමනේ යෙදි සිටියත්). දෙවිදුන්ගේ ප්‍රේමයේ ස්වභාවය අපට යොහාන් 3:16 සහ රෝම 5:8 හී සඳහන්ව ඇත. “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කලේ උන් වහන්සේ කෙරෙහි අදහගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි” (යොහාන් 3:16). “නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය” (රෝම 5:8). මෙම පද වල සඳහන් දෑ කියවීමෙන් අපට දෙවිදුන්ගේ ප්‍රධානම අරමුණ / ආශාව අපට වැටහේ. එනම් අප සියළු දෙනා උන් වහන්සේ සමග උන් වහන්සේගේ සදාකාල නිවසේ පංගුකාරයෝ වීමයි. එනම් ස්වර්ගයේ. එම තත්වයට අප සුදුස්සෝ කරේ උන් වහන්සේ අපගේ පාපයට මිලය ගෙවීමෙන්ය. උන් වහන්සේ අපට ප්‍රේම කරන්නේ එය උන් වහන්සේගේ කැමැත්ත නිසාය. “මාගේ සිත මා තුළ හැරී මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ” (හොෂෙයා 11:8බී). ප්‍රේමය සමාව දෙයි. “අපේ පව් අපට කමාකරන්නටත් සියලු අධර්මිෂ්ඪ කමින් අප පවිත්‍ර කරන්නටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඪව සිටින සේක” (1 යොහාන් 1:9).
ප්‍රේමය (දෙවිදුන්)උන් වහන්සේ කිසිම කෙනෙකුට තමාව පිළිගැනීමට බල නොකරයි. නමුත් උන් වහන්සේ වෙතට එන තැනැත්තේ උන් වහන්සේගේ ප්‍රේමය නිසා උන් වහන්සේ කෙරෙහි අදහාගනී. ප්‍රේමය (දෙවිදුන්)සියළු දෙනාට ගුණවන්තයි. ප්‍රේමය (යේසුස්) කිසිඳු තරාතිරමක් නොබලා සියළු දෙනාට යහපත කරා. ප්‍රේමය (යේසුස්) මාංසයක් තුළ සිටියාවූ උන් වහන්සේ කිසිම විටක උන් වහන්සේ පිළිබඳව පුරසාරම් දෙඩුවේ නැත. (උන් වහන්සේට එරෙහිව කථා කරපු සියළු දෙනාට වඩා බලයක් උන් වහන්සේට තිබුණත්) ප්‍රේමය (දෙවියන් වහන්සේ) කීකරුකම බලහත්කාරයෙන් ලබා නොගනී. දෙවියන් වහන්සේ කිසිවිටක උන් වහන්සේගේ පුත්‍රයාගෙන් කීකරුකම බලහත්කාරයෙන් ලබා නොගත්තේය. නමුත් යේසුස් වහන්සේ ස්ව කැමැත්තෙන් ස්වර්ගීය පියාණන්ට කීකරුවිය. “මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත් පියාණන් වහන්සේ මට අණ කළ ලෙසම මා කරන බවත්” (යොහාන් 14 31).ප්‍රේමය (යේසුස්) පෙරත් දැනුත් අන් අයගේ යහපත ගැන උනන්දු වෙයි.
ප්‍රේමය පිළිබඳ මෙම කෙටි සටහනින් තම කමත් / මමත්වයත් නොමැති ජීවිතයක් පිළිබඳව එලි දක්වයි. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ආත්මාර්ථ කාමිත්වය ට විරුද්ධව. පුදුම සහගත දෙය නම් දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාවන යේසුස් වහන්සේව පිළිගන්න (තමාගේ ගැළවුම් කරුවා ලෙසට) ශුද්ධාත්මයාණන් කරණ කොටගෙන උන් වහන්සේ ප්‍රේම කළ ලෙස ප්‍රේම කිරීමේ හැකියාව දුන්නා. (යොහාන් 1:12;1 යොහාන් 3:1,23 සහ 24). කෙතරම් අභියෝගාත්මක අවස්ථාවක්ද?
English
දෙවියන් වහන්සේ ප්‍රේමයයි (දයාවයි)යන්නෙහි අදහස කුමක්ද?