settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ ආලෝකය යැයි අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


"දෙවියන්වහන්සේ ආලෝකය" කියා 1 යොහන් 1:5 පවසයි. ආලෝකය යනු බයිබලයේ පොදු රූපකයක්. හිතෝපදේශ 4:18 ධර්මිෂ්ධකම "උදේ සූර්යයා" ලෙස සංකේතවත් කරයි. පිලිප්පි 2:15 "නිර්දෝෂී හා නිර්මල" දෙවියන්වහන්සේගේ දරුවන් අහසේ බැබළෙන තාරකා වලට සමාන කරයි. යේසුස්වහන්සේ යහපත් ක්‍රියා පිළිබඳ පින්තූරයක් ලෙස ආලෝකය භාවිතා කළේය: "ඔබේ යහපත් ක්‍රියා දැක අන් අය ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්වහන්සේට මහිමවත් කරන පිණිස ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි බබළවන්න" (මතෙව් 5:16). ගීතාවලිය 76:4 දෙවියන්වහන්සේ ගැන පවසයි, "ඔබ ආලෝකයෙන් දීප්තිමත් ය."

දෙවියන්වහන්සේ ආලෝකය යන කාරණය අන්ධකාරයට වඩා ස්වාභාවික වෙනසක් ඇති කරයි. ආලෝකය ධර්මිෂ්ධකම සහ යහපත්කම සඳහා රූපකයක් නම්, අන්ධකාරය යනු නපුර හා පාපයයි. පළමුවන යොහන් 1: 6 පවසනවා "අපි උන් වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයේ හැසිරෙමු නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමු." 5 වන පදය පවසයි, "දෙවියන්වහන්සේ ආලෝකයය; ඔහු තුළ කිසි අන්ධකාරයක් නැත. දෙවියන්වහන්සේ ආලෝකයක් බවත් නොපවසා උන්වහන්සේ ආලෝකය බව පවසා ඇති බව සලකන්න. ප්‍රේමය මෙන්ම ආලෝකයද උන්වහන්සේගේ සාරයේ කොටසකි (1 යොහන් 4:8). පණිවුඩය නම් දෙවියන්වහන්සේ සම්පූර්ණ ලෙසම පරම ශුද්ධ, පාපයේ කිසිදු මිශ්‍රණයක් නොමැති, අයුක්තියක් හෝ අයුක්තියක් පිළිබඳ ඉඟියක් නොමැති බවය.

අපට ආලෝකය නොමැති නම් අපි දෙවියන්වහන්සේව නොදනිමු. දෙවියන්වහන්සේව හඳුනන අය, උන්වහන්සේ සමඟ ගමන් කරන අය, ආලෝකයෙන් යුක්තවන අතර ආලෝකයේ ගමන් කරති. ඔවුන් දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයේ හවුල්කරුවන් බවට පත් කරනු ලැබේ, "නපුරු ආශාවන් නිසා ඇති වන ලෝකයේ දූෂණයෙන් බේරී සිටි" (2 පේත්‍රැස් 1:4).

දෙවියන්වහන්සේ අලෝකයය, උන්වහන්සේගේ පුත්‍රයාණ්න් වන යේසුස්වහන්සේ පැවසුවේ "මම ලෝකයේ ආලෝකයය. මා පසුපස එන තැනැත්තා කිසිවිටෙකත් අන්ධකාරයේ නොයනු ඇත, නමුත් ජීවිනයේ ආලෝකය ලැබෙනු ඇත" (යොහන් 8:12). "ඇවිදීම" යනු ප්‍රගතියක් ලබා ගැනීමයි. එමනිසා, කිතුනුවන් අදහස් කරන්නේ ශුද්ධකමේ වැඩීමටත්, යේසුස්වහන්සේව අනුගමනය කරන විට ඇදහිල්ලෙන් පරිණත වීමටත් බව මෙම පදයෙන් අපට අනුමාන කළ හැකිය (2 පේත්‍රැස් 3:18 බලන්න).

දෙවියන්වහන්සේ ආලෝකයය, ඇදහිලිවන්තයන් උන්වහන්සේගේ ආලෝකය විහිදුවමින් දිනපතා ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීම උන්වහන්සේගේ සැලැස්මයි. "ඔබ සැවොම ආලෝකයේ දරුවෝය. අපි රාත්‍රියට හෝ අන්ධකාරයට අයිති නැත" (1 තෙසලෝනික 5:5). දෙවියන්වහන්සේ භෞතික ආලෝකයේ මැවුම්කරුණන් මෙන්ම අපට සත්‍යය දැකිය හැකි අධ්‍යාත්මික ආලෝකය ලබා දෙයි. අන්ධකාරයේ සැඟවී ඇති දේ ආලෝකය නිරාවරණය කරයි; එය ඇත්ත වශයෙන්ම පවතින ආකාරයටම එය පෙන්වයි. ආලෝකයේ ගමන් කිරීම යනු දෙවියන්වහන්සේව දැන ගැනීම, සත්‍යය තේරුම් ගැනීම සහ ධර්මිෂ්ධකමින් ජීවත්වීමයි.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් තමන් තුළ ඇති ඕනෑම අන්ධකාරයක් — ඔවුන්ගේ පාප සහ වැරදි — පාපොච්චාරණය කළ යුතු අතර, ඔවුන් තුළින් දෙවියන් වහන්සේගේ ආලෝකය බබළ වන්නට ඉඩ දිය යුතුය.

අන්ධකාරයේ සිටින අය දෙවියන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමට නියමකර ඇති බව දැන දැන කිතුනුවන්ට උදාසීනව හිඳගෙන අන් අය පාපයේ අන්ධකාරයේ රැඳී සිටිනු දැක ගත නොහැක. ලෝකයේ ආලෝකය අන්ධකාරය දුරු කර උන් වහන්සේගේ ප්‍රඥාව සෑම තැනකම ලබා දීමට ආශා කරයි (යෙසායා 9:2; හබක්කුක් 2:14; යොහන් 1:9). ශුභාරංචියේ ආලෝකය ලොවට ගෙනයාමේදී, මිනිසුන් විසින් සැඟවී සිටින දේවල් පිළිබඳව අප විසින් අවශ්‍යයෙන්ම හෙළි කළ යුතුය. අන්ධකාරයට හුරුවී සිටින අයට ආලෝකය අපහසු නැත (යොහන් 3:20).

දෙවියන්වහන්සේගේ පව් රහිත පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ "සැබෑ ආලෝකය" (යොහන් 1:9). දෙවියන්වහන්සේගේ දරුකමට හදාගත් පුත්‍රයන් වශයෙන්, අප උන් වහන්සේගේ ආලෝකය පාපයෙන් අඳුරුවූ ලෝකයකට පිළිබිඹු කළ යුතුය. ගැලවීම නොලබන අයට සාක්ෂි දැරීමේ අපගේ ඉලක්කය වන්නේ "ඔවුන්ගේ ඇස් ඇර ඔවුන්ව අඳුරේ සිට ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතට හැර වීමත්ය, එවිට ඔවුන්ට පව් වලට සමාව ලැබෙනු ඇත. ඇදහිල්ලෙන් විශුද්ධවූ අය අතර ස්ථානයක් [යේසුස්ක්‍රිස්තුස්වහන්සේ] " (ක්‍රියා 26:18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ ආලෝකය යැයි අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries