settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මාංශවත්විම ද? යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ මාංශවත්විම වීමේ වැදගත්වන්නේ ඇයි?

පිළිතුර


කන්‍යා මරියතුමියගේ කුස තුළ ශුද්ධාත්මයාණන් විසින් යේසුස් වහන්සේව පිළිසිඳ ගත්දා සිට (ලූක් 1:26-38), යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනන්‍යතාවය සැමවිටම සැකකරුවන් විසින් ප්‍රශ්න කරනු ලැබේ. එය ආරම්භවූයේ මරියතුමිගේ විවාහ බස්දී සිටි ජෝසප්තුමා, ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවූවිට ඇයව විවාහ කර ගැනීමට බියවූ නිසාය (මතෙව් 1:18-24). ඔහු ඇයව තම භාර්යාව ලෙස ගෙන ගියේ ඇය රැගෙන ගිය දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව දේවදූතයා විසින් තහවුරු කිරීමෙන් පසුවය.

ක්‍රිස්තුස්වහන්සේගේ උපතට අවුරුදු සිය ගණනකට පෙර, අනාගතවක්තෘ යෙසායා දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පැමිණීම ගැන පුරෝකථනය කළේය: "මක්නිසාද අපට දරුවෙක් ඉපදී ඇත, අපට පුතෙකු දෙනු ලැබේ, රජය උන්වහන්සේගේ ඔහුගේ කරමත තබනු ඇත. තවද ඔහු පුදුම ලෙස හඳුන්වනු ඇත උපදේශක, බලවත් දෙවියන්, සදාකාල පියාණන්, සාමයේ කුමාරයා" (යෙසායා 9:6). දේවදූතයා යෝසෙප් සමඟ කතා කොට යේසුස් වහන්සේගේ උපත ගැන ප්‍රකාශ කළ විට, ඔහු යෙසායාගේ අනාවැකියට මෙසේ සඳහන් කළේය: "කන්‍යාව පිළිසිඳගෙන පුතෙකු බිහිකරයි, ඔවුන් ඔහුට එම්මානුවෙල් ලෙස හඳුන්වනු ඇත (එහි අර්ථය' දෙවියන්වහන්සේ අප සමඟ')" (මතෙව් 1:23). මින් අදහස් කරන්නේ ඔවුන් ළදරුවාට එම්මානුවෙල් යන නම තැබිය යුතු බවයි. එයින් අදහස් කළේ "දෙවියන් වහන්සේ අප සමඟ" යනු දරුවාගේ අනන්‍යතාවය බවයි. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ වාසය කිරීමට පැමිණිමය.

උන්වහන්සේගේ අනන්‍යතාවය පිළිබඳ සමපේක්ෂනය යේසුස්වහන්සේම තේරුම් ගත්හ. උන්වහන්සේ තම ගෝලයන්ගෙන් ඇසුවේ, "මම කවුද කියා මිනිස්සු කියන්නේ ද ?" (මතෙව්16:13; මාක් 8:27). අද මෙන් පිළිතුරු වෙනස් වේ. එවිට යේසුස්වහන්සේ වඩාත් වැදගත් ප්‍රශ්නයක් ඇසුවා: "මම කවුදැයි ඔබ කියන්නේ?" (මතෙව්16:15). පේතෘස් නිවැරදි පිළිතුර දුන්නේය: "ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාය" (මතෙව් 16:16). පේතෘස්ගේ පිළිතුරේ සත්‍යතාව තහවුරු කළ අතර, එම සත්‍යය මත උන්වහන්සේ තම සභාව ගොඩ නඟන බවට පොරොන්දුවිය (මතෙව් 16:18).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ස්වභාවය හා අනන්‍යතාවයට සදාකාලික වැදගත්කමක් ඇත. "මම කවුදැයි ඔබ කියන්නේ කවුද?" කියා යේසුස් වහන්සේ තම ගෝලයන්ගෙන් ඇසූ ප්‍රශ්නයට සෑම පුද්ගලයෙකුම පිළිතුරු දිය යුතුයි.

උන්වහන්සේ අපට බොහෝ ආකාරවලින් නිවැරදි පිළිතුර ලබා දුන්නේය. යොහන් 14:9-10 හී යේසුස්වහන්සේ, "මා දුටු ඕනෑම කෙනෙක් පියාණන් වහන්සේ දුටුවේය. පියාණන්ව අපට පෙන්වන්න" කියා ඔබ කියන්නේ කෙසේද? මා පියාණන්වහන්සේ තුළ සිටින බවත් පියාණන්වහන්සේ මා තුල සිටින බවත් ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබට කියන වචන මාගේ බලයෙන් කථා නොකරමි. ඒ වෙනුවට, මා තුළ ජීවත්වන පියාණන් වහන්සේය, උන්වහන්සේගේ වැඩය කරන්නේය.

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය පිළිබඳව බයිබලය පැහැදිලිය (යොහන් 1:1-14 බලන්න). පිලිප්පි 2:6-7 පවසනවා, යේසුස්වහන්සේ "ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේ වුවද, දෙවියන්වහන්සේ සමග සමානාත්මතාවය තමාගේ වාසියට යොදා ගත හැකි දෙයක් ලෙස උන් වහන්සේ නොසැලකු වේය. මිනිස් ස්වරූපයෙන් සාදන ලද්දකි. කොලොස්සි 2:9 පවසනවා, "ක්‍රිස්තුස්වහන්සේ තුළ දේවත්වයේ පූර්ණත්වය ශාරීරික ස්වරූපයෙන් ජීවත්වේ."

යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේ හා පූර්ණ මනුෂ්‍යයෙකි. උන්වහන්සේගේ ආත්මික ස්වභාවය පිළිබඳ කාරණය අතිශයින්ම වැදගත්ය. උන්වහන්සේ මිනිස් ජීවිතයක් ගත කළ නමුත් අප මෙන් පාප ස්වභාවයක් නොතිබුණි. උන්වහන්සේ පරීක්ෂාවට ලක්වූ නමුත් කිසිවිටෙකත් පව් නොකළේය (හෙබ්‍රෙව් 2:14-18; 4:15). පාපය ආදම් තුළින් ලෝකයට ඇතුළුවූ අතර ආදම්ගේ පව්කාර ස්වභාවය ලෝකයට උපත ලැබූ සෑම ළදරුවෙකුටම ඇතුල්වි ඇත (රෝම 5:12) — යේසුස්වහන්සේ හැර. යේසුස් වහන්සේට මනුෂ්‍ය පියෙකු නොසිටි නිසා උන්වහන්සේට පාප ස්වභාවයක් උරුම නොවීය. උන්වහන්සේගේ ස්වර්ගික පියාණන්ගෙන් දිව්‍යමය ස්වභාවය උන්වහන්සේ සතු විය.

අපගේ පාපය උදෙසා පිළිගත හැකි පූජාවක් වීමට පෙර ශුද්ධ දෙවියන් වහන්සේගේ සියලු අවශ්‍යතා සපුරාලීමට යේසුස්වහන්සේට සිදුවිය (යොහන් 8:29; හෙබ්‍රෙව් 9:14). දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පුරෝකථනය කළ මෙසියස් වහන්සේ ගැන අනාවැකි තුන්සියයකට වඩා ඉටුකිරීමට උන්වහන්සේ තුලින් සිදුවිය (මතෙව් 4:13-14; ලූක් 22:37; යෙසායා 53; මීකා 5:2).

මිනිසාගේ වැටීමෙන් පසු (උත්පත්ති 3:21-23), දෙවියන්වහන්සේ සමග නිවැරදිවීමට ඇති එකම මාර්ගය අහිංසක පූජාව කලේය (ලෙවීකථාව 9:2; ගණන් කථාව 28:19; ද්විතීය කථාව 15:21; හෙබ්‍රෙව් 9:22). පාපයට එරෙහි දෙවියන්වහන්සේගේ උදහස සදහටම තෘප්තිමත් කළ අවසාන පරිපූර්ණ පූජාව යේසුස්වහන්සේය (හෙබ්‍රෙව්10:14). උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය නිසා උන්වහන්සේගේ කාර්යයට සුදුසු විය. මුදවා ගැනීමට අවශ්‍ය රුධිරය වැගිර වීමට උන්වහන්සේගේ මිනිස් සිරුර උන්වහන්සේට ඉඩ දුන්නේය. පාප ස්වභාවයක් ඇති කිසිම මිනිසෙකුට එවැනි ණයක් ගෙවිය නොහැක. මුළු ලෝකයේම පව් උදෙසා පූජාවක් බවට පත්වීමේ අවශ්‍යතා සපුරාලීමට වෙනත් කිසිවෙකුට නොහැකිවිය (මතෙව් 26:28; 1 යොහන් 2: 2). සමහරු පවසන පරිදි යේසුස්වහන්සේ හුදෙක් යහපත් මිනිසෙකු නම්, උන්වහන්සේට පව්කාර ස්වභාවයක් තිබූ අතර උන්වහන්සේ පරිපූර්ණ නොවීය. එවැනි අවස්ථාවකදී, උන්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම කිසිවෙකු බේරා ගැනීමට බලයක් නැත.

දෙවියන්වහන්සේගේ මාංශගතවිම යේසුස්වහන්සේ වූ නිසා, අප දෙවියන් වහන්සේට ගෙවිය යුතු ණය ගෙවිය හැක්කේ උන්වහන්සේට පමණි. උන් වහන්සේ මරණයට හා මිනීවළට එරෙහිව ලැබූ ජයග්‍රහණය උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ටම ජයග්‍රහණය ලබා දුන්නේය (යොහන් 1:12; 1 කොරින්ති 15:3-4, 17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මාංශවත්විම ද? යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ මාංශවත්විම වීමේ වැදගත්වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries